ප්‍රතිශක්තිකරණ ලබාගැනීම අඩුවීම හේතුවෙන් වයස්ගත ඕස්ට්‍රේලියානුවන් අවධානම් සහගත තත්වයක (SBS සිංහල / වාර්තා )

Australia's Chief Medical Officer Brendan Murphy refutes claims the nation used a "cheap" vaccine.

Australia's Chief Medical Officer Brendan Murphy refutes claims the nation used a "cheap" vaccine. Source: AAP

වයස්ගත ඕස්ට්‍රේලියානුවන්  ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගැනීමේදී අඩු උනන්දුව හේතුවෙන් පෙනහළු ආශ්‍රිත ආසාදනයන් ඉහල යාමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බව වාර්තාවක් පෙන්වා දී තිබේ.

වසරකට වයස්ගත ඕස්ට්‍රේලියානුවන් 2000ක් නියුමෝනියාවට ගොදුරුවෙයි.


නියුමෝනියාව සදහා ලබාගන්නා ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගැනීමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බවත්, මේ තත්වය නිසා වසරකට වයස්ගත ඕස්ට්‍රේලියානුවන් 2000ක් මේ සදහා ගොදුරු වන බවත් වැඩි දුරටත් සදහන්. පසුගියදා එළිදැක්වුණු Medical Journal of Australia නම් ජර්නල් වාර්තාවට අනුව සදහන් වන්නේ කුඩා දරුවන් සියයට 93කට ආසන්න ප්‍රමාණයක් නියුමෝනියාව සදහා ලබාගන්නා ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගන්නා නිසා ඔවුන් මෙම රෝගී තත්වයට ගොදුරු වීම සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි. අදාල වාර්තාවේ එක් ලේඛකයෙක් වන වෛද්‍ය Rob Menzies (UNSW's Vaccine and Infection Research Lab) පවසන්නේ වයස 65 සහ ඊට වැඩි වයසේ පසුවන පුද්ගලයින් සහ ඔවුන්ගේ වෛද්‍යවරුන් මේ පිලිබදව සිතා  බලා ක්‍රියාත්මක වීමේ කාලය එලබ ඇති බවයි. සාමාන්‍ය වෛද්‍යවරුන්ට ඕස්ට්‍රේලියානු වයස්ගත ප්‍රජාව මේ පිලිබදව දැනුවත් කර අදාල ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබගැනීමට ඔවුන් උනන්දු කල හැකි නම් අදාල රෝගී තත්වය නිසා වසරක රෝහල් ගත වන 8000කට ආසන්න පිරිස සැලකිය යුතු ලෙස අඩු කරගත හැකි වන බව වෛද්‍ය Rob Menzies පවසයි.


බොහෝ අත්තම්මලා හෝ සීයලා තම දරුවන්ගේ කුඩා දරුවන් ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගැනීම ගැන අවධානය යොමු කලත්, තමන් ලබාගත යුතු  ප්‍රතිශක්තිකරණ ඖෂධ  පිලිබදව එතරම් උනන්දුවක් නොදක්වන බව මෙම වාර්තාව පෙන්වා දී තිබේ.

වය්සගතවතම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම නිසා ප්‍රතිශක්තිකරණය වැදගත්


වෛද්‍ය Rob Menzies පවසන ආකාරයට කෙනෙකු වයස්ගත වීමත් සමග ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියද දුර්වල වන බවත් ඒ නිසා නියුමෝනියාව වැනි රෝග වැළදීම සදහා වැඩි අවධානමක් ඇති බවත් සදහන්.

තවද කෙනෙකු ඉතා යහපත් සෞඛ්‍යය තත්වයෙන් සිටියද කිසිදු පුර්ව ලක්ෂණ වලින් තොරව ඉතා ඉක්මනින් මෙම රෝගයට ගොදුරු විය හැකි බවත් වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.

තවද නිදන්ගත රෝග වලින් පීඩා විදින අය  සහ දුම්පානය කරන අයද  නියුමෝනියා රෝග තත්වයට ගොදුරුවීමේ වැඩි අවධානමක් ඇති බැවින් ඔවුන්ද අදාල ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගැනීම ඉතා වැදගත් බව වෛද්‍යවරුන් පවසයි.

 තවද අදාල ප්‍රතිශක්තිකරණ ඖෂධ පිළිබද වාර්තා ඉතා පැරණි බැවින් ඒවා යාවත්කාලීන කිරීමටත්,  ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබගැනීමට ජනතාව උනන්දු කිරීමටත් රජය දැඩි අවධානයක් යොමු කල යුතු බව වෛද්‍ය Rob Menzies වැඩි දුරටත් සදහන් කරයි.


Share
Published 15 May 2018 6:40am
By Sanjaya Dissanayake
Source: SBS


Share this with family and friends