අන්තර්ජාතික ශිෂ්‍යයකු ලෙස ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවන ඔබට අත්වැලක් (SBS සිංහල / වාර්තා)

International students

Source: AAP

අද වන විට ඔස්ට්‍රේලියාව අධ්‍යාපනය සඳහා ලෝකයේ හොඳම පහසුකම් ඇති ගෝලීය බලවේගයක් බවට පත් වී තිබේ. මේ නිසාම ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට දිනෙන් දින බොහෝ අන්තර්ජාතික ශිෂ්‍යයින් පැමිණෙමින් සිටි. මෙම ලිපියෙන් අන්තර්ජාතික ශිෂ්‍යයකු ලෙස ඔබට වැදගත් වන කරුණු වෙත අවධානය යොමු කෙරේ.

 



 

SBS සිංහල Facebook පිටුව - 

 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 



ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන ආයතනයක් තෝරා ගැනීමේ දී වැදගත් වන කරුණු

International students
Source: Getty Images
අන්තර්ජාතික ශිෂ්‍යයකු වශයෙන්, ඔබ නිතරම හැදෑරීමට බලාපොරොත්තු වෙන පාඨමාලාව තෝරා ගත යුත්තේ CRISCOS හෙවත් Commonwealth Register of Institutions and Courses for Overseas Students හි ලියාපදිංචි අධ්‍යාපන ආයතනයක් තුලිනි. මෙම ආයතන ඔබට http://cricos.education.gov.au/Institution/InstitutionSearch.aspx වෙත යොමු වීමෙන් සොයා ගත හැක. මෙම ලියාපදිංචිය හිමි ආයතන ඔස්ට්‍රේලියානු රජය විසින් අන්තර්ජාතික සිසුන්ගේ අධ්‍යාපනය සඳහා නිර්දේශිත ආයතනයි.

 

පාඨමාලාවක් තෝරා ගැනීමේ දී ඒ සඳහා සැපිරිය යුතු සුදුසුකම්, දැරීමට සිදු වන ගාස්තු, සම්පූර්ණ කිරීමට ගතවන කාලය හා ඊට අදාළ වැදගත් තොරතුරු ඔබ තෝරා ගත් අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් අඩවියෙන් හෝ එම ආයතනයේ නිල දේශීය නියෝජිතයන්ගෙන් ලබා ගත හැකියි.

 

අන්තර්ජාතික ශිෂ්‍යයකු ලෙස ඔබට ශිෂ්‍යත්ව බොහොමයකට අයැදුම් කිරීමට අවස්ථාව තිබේ. ඔබට අදාළ ශිෂ්‍යත්ව වැඩසටහනක් සොයා ගැනීමට https://www.studyinaustralia.gov.au/SIASearch/SIASearchScholarResults.aspx?moduleId=13&mode=1&Keyword=Scholarships වෙබ් අඩවිය භාවිත කල හැකි වේ.

ඔස්ට්‍රේලියාව තුල වාසය කිරීමේ දී වැදගත් වන කරුණු

studying in student dormitory, one at desk
Source: Getty Images
 

නවාතැන් පහසුකම් සපයාගැනීම

ඔබගේ අධ්‍යාපන කාලය තුල දී නවාතැන් පහසුකම් සපයා ගැනීමට ප්‍රධාන ආකාර දෙකක් තිබේ. එම ආකාර පිළිබඳ වැදගත් කරුණු පහත විස්තර කෙරේ.

කුලී නිවාස

ඔබට තනිවම හෝ ඔබේ මිතුරන් සමඟ ඔස්ට්‍රේලියාවේ දී නිවාස කුලියට ගැනීමට අවස්ථාව තිබේ. මෙය සාමාන්‍යයෙන් real estate agent හෙවත් දේපළ කුලියට ලබා දෙන ඒජන්තවරයෙකු මාර්ගයෙන් හෝ දේපළ හිමිකරු මාර්ගයෙන් සපයා ගත හැක.

විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඇති නවාතැන් පහසුකම් හෙවත් On campus accommodation

තමන්ගේ විශ්වවිද්‍යාලයට ඇති ගමන් කාලය අවම කර ගැනීමට මෙය කදිම විසඳුමක් වේ. බොහෝ විශ්වවිද්‍යාල වල සියළුම පහසුකම් ඇති නවාතැන් පහසුකම් තිබෙන අතර බොහෝමයක් අවස්ථාවන්හිදී පිරිසිදු කිරීමේ සේවා හා ආහාර සේවා ද මේ සමග අඩංගු වේ.

ඔබ අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලය සෘජුවම ඇමතීමෙන්, ඔබේම නවාතැන් පහසුකම් වෙනවම සංවිධානය කිරීම සමඟ වියදම සැසඳෙන්නේ කෙසේ ද යන්න සොයා ගැනීමට හැක.

මූල්‍යය සේවා

අන්තර්ජාතික ශිෂ්‍යයකු වශයෙන් ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර හෝ පසු බැංකු ගිණුමක් ආරම්භ කළ හැක.

ඔබට ඔස්ට්‍රේලියානු රජයෙන් නිකුත් කරන මූල්‍යය සේවා සම්බන්ධ උපදෙස් www.moneysmart.gov.au වෙබ් අඩවියෙන් ලබා ගැනීමේ හැකියාව ඇත.

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්

(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – VIC 97.7fm –NSW / 105.5fm – ACT 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

 

අන්තර්ජාතික ශිෂ්‍යයකු ලෙස ඔබ අධ්‍යාපනය ලබන ආයතනයෙන් හෝ මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක වන උපකාරක සේවාවල සේවාවන් ලබා ගැනීමට අවස්ථාව පවතී. ඉන් කිහිපයක් පහත දැක්වේ.

මානසික සෞඛ්‍යය සේවා

ඔබ මුහුණ දෙන එදිනෙදා ජීවිතයේ ගැට‍ළු නිසා ආතතිය හෝ ශෝකජනක තත්වයක් ඇති වේ නම්, එම තත්වයෙන් මිදීමට ඔබට බොහෝමයක් උපකාර ලබා ගත හැක.

මෙවැනි අවස්ථාවක දී තමන් අධ්‍යාපනය ලබන ආයතනයේ ශිෂ්‍ය ශුභ සාධක නිලධාරියෙකු සමග සම්බන්ධ වීමෙන් ඔබට අවශ්‍ය මානසික සේවාවන් වෙත නොමිලේ යොමු විය හැකි අතර ඔබගේ පෞද්ගලික තත්වය රැකීමට ද මෙම පිරිස් බැඳී සිටී. මෙම වැඩසටහන් සඳහා භාෂණ පරිවර්තකයකුගේ සහාය ද නොමිලේ ලබා ගත හැක.­

එපමණක් නොව, Lifeline ආයතනය 13 11 14 යන දුරකථන අංකය ඔස්සේ දවසේ ඕනෑම වේලාවක ඇමතීමේ පහසුකම ඇත. මෙම ආයතනයේ වෙබ් අඩවිය වන www.lifeline.org.au ඔස්සේ චැට් සේවාව ද ලබා ගත හැක.

Fair Work Ombudsman සේවාව

ඔස්ට්‍රේලියාවේ රැකියාවක යෙදෙන අන්තර්ජාතික ශිෂ්‍යයන් ඇතුළු සියලු දෙනාට ම රැකියා ස්ථානයේ මූලික අයිතිවාසිකම් කිහිපයක් තිබේ. මෙම මූලික අයිතිවාසිකම් ඔබගේ හිමිකම් බොහෝමයක් ආරක්ෂා කරන අතර ඉන් කිහිපයක් පහත දැක්වේ.

  • අවම වැටුපක් සහ superannuation හෙවත් විශ්‍රාම පාරිතෝෂිකයකට ඇති හිමිකම

  • නිවාඩු ලබාගැනීමට සහ වැඩ කරන අතරතුර විවේක කාලයකට ඇති හිමිකම

  • සෞඛ්‍ය සම්පන්න සහ ආරක්ෂිත වැඩ පරිසරයකට ඇති හිමිකම

ඔබට රැකියා ස්ථානයේ ඇති මූලික අයිතිවාසිකම් හා Fair Work Ombudsman ගේ සේවා ගැන තවදුරටත් දැන ගැනීමට www.fairwork.gov.au හරහාත් සිංහල භාෂාවෙන් දැන ගැනීමට www.fairwork.gov.au/language-help/sinhalese හැකියාව ඇත.

Fair Work Ombudsman සේවාව නොමිලේ වෙන අතර ඔවුන් කරනා විමර්ශන කටයුතු ස්වාධීන හා අපක්ෂපාතී වේ.

අනෙකුත් Ombudsman සේවා

Overseas Students Ombudsman විසින් අන්තර්ජාතික ශිෂ්‍යයන් පෞද්ගලික අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් කරනා පැමිණිලි විමර්ශනය කරනු ලැබේ . ඔබ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් සම්බන්ධයෙන් පැමිණිලි කරනවා නම් හෝ Overseas Students Ombudsman ගේ සේවා පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට www.ombudsman.gov.au/How-we-can-help/overseas-students වෙබ් අඩවිය වෙත යොමු විය හැක.

ඔබ පොදු අධ්‍යාපන ආයතනයක් සම්බන්ධයෙන් පැමිණිලි කරනවා නම්, එම ආයතනය පිහිටි ප්‍රාන්තය හෝ ටෙරටරි වල Ombudsman සමඟ සම්බන්ධ විය යුතුයි. පහත දැක්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත සහ ටෙරටරි වල Ombudsman වරුන්ගේ වෙබ් අඩවි ලැයිස්තුවකි.

 

Australian Capital Territory Ombudsman - www.ombudsman.act.gov.au

New South Wales Ombudsman - www.ombo.nsw.gov.au

Northern Territory Ombudsman - www.ombudsman.nt.gov.au

Queensland Ombudsman - www.ombudsman.qld.gov.au

South Australian Ombudsman - www.ombudsman.sa.gov.au

Tasmanian Ombudsman - www.ombudsman.tas.gov.au

Victorian Ombudsman - www.ombudsman.vic.gov.au

Western Australian Ombudsman - www.ombudsman.wa.gov.au 

 

ඉහත සේවාවන් නොමිලේ වෙන අතර ඔවුන් කරනා විමර්ශන කටයුතු ස්වාධීන හා අපක්ෂපාතී වේ.

හදිසි සේවා

ඔස්ට්‍රේලියාවේ හදිසි උපකාරක ජාලය පුළුල් පරාසයක විහිදී ඇති අතර ඔස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයක සිට ජීවිතයට තර්ජනාත්මක හදිසි අවස්ථාවක් තිබේ නම්, 000 අමතා හදිසි සේවා සහය ලබා ගත හැක. මෙහි දී ඔබගේ ඇමතුම ඔබේ අවශ්‍යතාව පරිදි පොලීසිය, ගිනි නිවන හමුදාව හෝ ගිලන් රථ සේවය වෙත යොමු කරනු ඇත.

 

ඔබ අධ්‍යාපනය ලබන ප්‍රාන්තය හෝ ටෙරටරියට විශේෂිත තොරතුරු අවශ්‍ය නම් පහත වෙබ් අඩවි වෙත යොමු වන්න. 

Victoria (VIC) සඳහා https://www.studymelbourne.vic.gov.au

New South Wales (NSW) සඳහා

Western Australia (WA) සඳහා https://www.studyperth.com.au

Australian Capital Territory (ACT) සඳහා https://www.studycbr.com.au

Northern Territory (NT) සඳහා https://studynt.nt.gov.au

Queensland (QLD) සඳහා https://www.studyqueensland.qld.gov.au

South Australia (SA) සඳහා https://studyadelaide.com

Tasmania (TAS) සඳහා https://www.studytasmania.tas.gov.au/


--------------------------------------------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දා හා සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීව සහ පසුව online අසන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38

සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP  (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------------------------------------------


Share
Published 7 March 2019 7:01am
Updated 8 March 2019 2:34pm
By Gamidu Agampodi


Share this with family and friends