සංක්‍රමණික කෝටාව කප්පාදු කරනවාද? නැද්ද? : ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විශාල අර්බුදයක. (SBS සිංහල/වාර්තා)

Migration

Human crowd forming a big Australian map Source: Getty Images

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය අඩු කරනවද නැතිනම් යටිතල පහසුකම් තවත් දියුණු කරනවාද යන කරුණු ද්විත්වය මධ්‍යයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයට සමාජයේ බහුතරයක් පිරිස් මේ වන විට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගතව ඇති බව Grattan ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී John Daley පවසයි.
Migration
Source: AAP

විකල්ප

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය විසින් සිදුකළ නවතම සමීක්ෂණයේ දත්ත අනුව බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන් නිවාස වෙළෙඳපොළ සහ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ඇති ජනගහන තදබදය පිළිබඳ වද වෙමින් පසුවන බව  Grattan ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී John Daley පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ ජනගහනය වේගයෙන් වර්ධනය වීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවත් මේ තත්ත්වයට මුහුණ දීමට ප්‍රධාන විකල්ප දෙකක් ඇති බවත් ඔහු පැහැදිලි කරයි.

01. වැඩිවන ජනගහනයට සාපේක්ෂව අලුතින් නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම සහ වාහන තදබදය අවම කිරීමට යටිතල පහසුකම් දියණු කිරීම.

02. වාර්ෂිකව පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් හෝ අමතරව බාරගන්නා ජාත්‍යන්තර සිසුන් ගේ සංඛ්‍යාව කප්පාදු කිරීම.
Migration
Source: AAP

සමීක්ෂණයේ ප්‍රතිඵල

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය විසින් සිදුකළ නවතම සමීක්ෂණයේ දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවට වැඩිපුර මිනිසුන් අවශ්‍ය බව සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 3 දෙනෙකුම පවසා තිබේ.

ඔස්ට්‍රේලියාවට වැඩිපුර පුද්ගලයින් අවශ්‍යද යන ප්‍රශ්නය මෙම සමීක්ෂණයේදී එයට සහභාගී වූ 2000 කගෙන් පමණ අසා මෙම දත්ත වාර්තා කර තිබුණි.
මෙහිදී අධික ජනගහනය නිසා මෙල්බර්න් සහ සිඩ්නි නගර වල ඇතිවී ඇති ප්‍රශ්නය වඩාත් අවධානයට ලක්වූ කරුණක් බව හෙළිවී තිබේ.

එලෙස ශීග්‍රව වර්ධනය වන ජනගහනයට සරිලන ආකාරයෙන් ගමනාගමන පහසුකම්, අධ්‍යාපනය, නිවාස වපයීම සහ වෙනත් යටිතල පහසුකම් වැඩි දියුණු නොවී ඇති බව බහුතරයක් දෙනාගේ මතය වී ඇත.
Migration
Source: AAP

සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීම.

වසර 2010 දී ඔස්ට්‍රේලියාවට තවත් ජනයා අවශ්‍ය බවට පිරිමි පාර්ශවයෙන් 53.4% ක් පවසා ඇති නමුත් 2018 වසරේදී එය 32.8% දක්වා පහළ බස් තිබේ.

ඔස්ට්‍රේලියාවට තවත් ජනයා අවශ්‍ය බවට 2010 වසරේදී 38% ක් පමණ කාන්තාවන් ප්‍රකාශ කරන ලදමුත් 2018 දී එම ප්‍රතිශතය 28.2% දක්වා පහත බැස තිබේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය සඳහා වැඩිපුර සහයක් පළ කර සිටිනුයේ වයස අවුරුදු 25-34 ත් අතර ප්‍රමාණයේ පිරිස් බවද අනාවරණය විය.

නමුත් වයස අවුරුදු 45-54 අතර වියෙහි පසුවන උදවිය බහුතරයක් ඒ සඳහා අවම සහයක් පළ කර තිබේ.
Migration
AUS PM, Scott Morrison has already flagged a cut to Australia's immigration intake Source: AAP

ප්‍රාදේශීය ප්‍රදේශ වලට ජනයා විසිරවීම

ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජනයා ප්‍රාදේශීය ප්‍රදේශ වල ස්ථාපිත කිරීමට මධ්‍යම රජය ප්‍රතිපත්ති සකස් කළ යුතුය යන අදහසට මෙම සමීක්ෂණයේ 70% ක් පමණ සහය පළ කර තිබේ.

එවැනි වැඩසටහන් ඉතා ජනප්‍රිය නමුත් ඒවා සාර්ථකව ක්‍රියාත්මක වී ඇතිදැයි දැනගැනීමට සාක්ෂි නොමැති බව Grattan ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී John Daley පවසයි.

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 30,000 කින් පමණ කප්පාදු කළ යුතු බවට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison  පසුගිය වසරේ මැද භාගයේදී පවසා සිටියේය.

නමුත් ඊට මාසයකට පමණ පසුව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය විසින් සිදුකළ සමීක්ෂණයකදී සෑම ඔස්ට්‍රේලියානුවාසීන් 5 දෙනෙකුගෙන් 4 ක්ම සංක්‍රමණිකයින් නිසා ඔස්ට්‍රේලියානු ආර්ථිකයට හා සමාජයට විශාල ප්‍රතිලාභ හිමිවන බව ප්‍රකාශ කර තිබුණි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share
Published 24 January 2019 9:24am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends