පෙනහළු පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ඔස්ට්‍රේලියාවේ Pharmaceutical Benefits වැඩසටහනට ඇතුළත් කෙරේ.

Pharmaceutical Benefits Scheme

Source: SBS

පෙනහළු පිළිකා වලින් පෙළෙන රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ ඔස්ට්‍රේලියාවේ Pharmaceutical Benefits වැඩසටහනට ඇතුළත් කර තිබේ.

ඒ අනුව Tagrisso නැමති ඖෂධය ඔස්ට්‍රේලියාවේ Pharmaceutical Benefits වැඩසටහනට මේ වන විට ඇතුළත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

Tagrisso නැමති ඖෂධය සඳහා ඩොලර් මිලියන 96 ක සහන ප්‍රතිපාදන සැපයීමට මේ හරහා මධ්‍යම රජය කටයුතු කර ඇති බවත් ඒ ඔස්සේ පෙනහළු පිළිකා වලින් පීඩා විඳින පවුල් සිය ගණනකට වසරකට ඩොලර් 90,000 ක් පමණ ඉතිරි කරගත හැකි බවත් අගමැති Scott Morrison පැවසීය.

ඔස්ට්‍රේලියාවේ Pharmaceutical Benefits වැඩසටහන නැවත නැවත අලුත් විය යුතු බව ද අගමැතිවරයා පැවසීය.


Share
Published 21 January 2019 2:20pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends