ඔස්ට්‍රේලියාවේ විධායක රැකියා වලදී ආසියානු සංක්‍රමණිකයින්ට කුඩම්මාගේ සැලකිලි. (SBS සිංහල/වාර්තා)

top jobs in Australia.

Source: OJO Images RF

ඔස්ට්‍රේලියාවේදී ඔබේ රැකියාවේ ඉහළටම යාමේදී ඔබ උපන් රට සාධකයක් විය හැකි බව නවතම පර්යේෂණ වාර්තාවක් පෙන්වා දෙයි.

Macquarie විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර සහ ආර්ථික පීඨය විසින් සිදුකළ මෙම පර්යේෂණය 2011 වසරේදී පැවැත්වූ ඔස්ට්‍රේලියානු සංගණන දත්ත මත ප්‍රධාන වශයෙන් පදනම් වී තිබේ.

ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකාය ජාත්‍යන්තර මට්ටමෙන් ඉතා ඉහළ ලෙස විවිධත්වයට ලක්ව ඇති බව එහිදී පෙනී ගොස් ඇත.

නමුත් රැකියා වල ඉහළ තනතුරු වලට යාමේදී එය එසේ නොවන බව ද අනාවරණය වී තිබේ.
top jobs in Australia.
Source: SBS

ඉංග්‍රීසි කතා කරන රටවල් වලින් පැමිණි අයට වැඩි තැනක්.

එංගලන්තය, ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය, නෙදර්ලන්තය  සහ දකුණු අප්‍රිකාව වැනි ඉංග්‍රීසි කතා කරන රටවලින් පැමිණි සංක්‍රමණිකයින් බොහෝ විට ඔස්ට්‍රේලියාවේ සමාගම් වල සහ ආයතන වල ප්‍රධාන විධායක නිලධාරී, කළමනාකරණ අධ්‍යක්ෂ වැනි ඉහළ තනතුරු හොබවන බව එම පර්යේෂණ දත්ත පෙන්වා දෙයි.

එනම් ඔස්ට්‍රේලියාවේ උපත ලැබූවන්ට වඩා ඉහත ඉංග්‍රීසි කතා කරන රටවලින් පැමිණි සංක්‍රමණිකයින් රැකියා ස්ථාන වල ඉහළ තනතුරු හෙබවීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ප්‍රධාන විධායක නිලධාරීන්ගෙන් 8.1% ක් පමණ පිරිස එංගලන්තයේ උපන් අය බවත් අනාවරණය වී තිබේ.
top jobs in Australia.
Source: SBS

විධායක නොවන සේවකයින්

ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන වල විධායක මට්ටමේ නොවන ශ්‍රම බලකායෙන් බහුතරයක් නියෝජනය කරනුයේ චීනය, පිලිපීනය, ඉන්දියාව, වියට්නාමය වැනි ආසියාතික පසුබිමක් සහිත සංක්‍රමණිකයින් බවද එම පර්යේෂණයෙන් හෙළිවී ඇත.
top jobs in Australia.
Source: AAP

දෙවැනි පරම්පරාව

සංක්‍රමණිකයින්ගේ දෙවැනි පරම්පරාව ගත් කළ ග්‍රීක සහ ලෙබනන් ජාතිකයින් ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථාන වල ජ්‍යෙෂ්ඨ තනතුරු සඳහා යාමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇති බවද එම පර්යේෂණ වාර්තාව පෙන්වා දෙයි.

නමුත් 1980 දශකයේදී එම ප්‍රජාවන් අතර ඉතා ඉහළ විරැකියා ප්‍රතිශතයක් තිබු බවද සඳහන්.

මේ තත්ත්වය discrimination හෙවත් වෙනස් කොට සැලකීමක් බව එම වාර්තාව පෙන්වා දෙයි.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------

Share
Published 22 January 2019 11:23pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends