ඔබේ Travel insurance එකෙන් ආවරණය නොවන දේවල් මෙන්න. (SBS සිංහල/වාර්තා)

Seguro de viaje: cómo te puede salvar tus vacaciones

Seguro de viaje: cómo te puede salvar tus vacaciones. Source: Getty Images

ඔබ විදෙස් සංචාරයක් යන විට travel insurance එකක් හෙවත් සංචාරක රක්ෂණ ආවරණයක් ලබා ගෙන යනවනම් වඩා යෝග්‍ය බව බොහෝ ප්‍රවීණයින් පවසයි.

එහිදී බහුතරයක් සංචාරකයින් සිදුකරන්නේ තමන්ට ලබාගත හැකි මිල අඩුම සංචාරක රක්ෂණ ආවරණයක් ලබා ගැනීමය.

මේ අතර බොහෝ සංචාරකයින් තම සංචාරක රක්ෂණ ආවරණයේ සටහන් වන දේ නිසි පරිදි නොකියවන බවද එමගින් ආවරණය වන සහ නොවන දේ මොනවාද යන්න පිළිබඳ ඔවුන්ට හරිහැටි වැටහීමක් නොමැති බවද මුල්‍ය අයිතවාසිකම් පිළිබඳ නීති මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සොලිසිටර්  Jen Lewis පවසයි.
Travel insurance
Source: pexels

රක්ෂණ ආවරණය හොඳින් කියවීම

තමන් කුමන හෝ සංචාරක රක්ෂණ ආවරණයක් මිලට ගැනීමට පෙර එය හොඳින් කියවන ලෙස ප්‍රවීණයින් උපදෙස් දෙයි.

සංචාරක රක්ෂණ ආවරණයේ කරුණු, කොන්දේසි සහ ප්‍රතිපත්ති ඉතා රාශියක් ඇති බැවින් එය කියවීම බොහෝ වේලාවට කම්මැලි කටයුත්තක් වනු ඇත.

තමන් සංචාරය කරන රට, ප්‍රදේශ, තමන් එහිදී සිදු කිරීමට අපේක්ෂා කරන දේවල්, තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය, කාළගුණය යන මේ සියලු වැදගත් සාධක වලට සාපේක්ෂව තමාගේ සංචාරක රක්ෂණ ආවරණය තෝරාගන්නා ලෙස රක්ෂණ ක්ෂේත්‍රයේ අතදකීම් බහුල Abigail Koch පැවසුවාය.

එනිසාම රක්ෂණ ආවරණයේ product disclosure statement හෙවත් PDS එක කියවීමෙන් තමන් මිලට ගන්නනට යන්නේ තමන්ට සුදුසුම රක්ෂණ ආවරණය දැයි නිශ්චය කරගැනීමට හැකි බව ඇය පැහැදිලි කළාය.
Travel insurance
Source: AAP

ඔබට අවශ්‍ය සියලු දී ආවරණය වනවාදැයි බැලීම

ඔබේ සංචාරක රක්ෂණ ආවරණය ගන්නා විට එමගින් ආවරණය නොවන දේවල් පිළිබඳව මුලින්ම සැලකිල්ලක් දක්වන්න.

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන් අතරින් 58% ක් පමණ මෙය සිදු නොකරන බව වාර්තා වේ.

ඇතැම් රක්ෂණ ආවරණ ඇතැම් සෞඛ්‍ය තත්ත්වයන් සහ පෙර පැවති සෞඛ්‍ය ආබාධ ආවරණය නොකරයි.

බොහෝ සාමාන්‍ය සංචාරක සෞඛ්‍ය රක්ෂණ ආවරණ වලින් පහත සඳහන් ක්‍රියාකාරකම් ආවරණය නොවන බව ඔබ දන්නවාද?

  • Skiing, water skiing හෝ skydiving වැනි අවදානම් ත්‍රාසජනක ක්‍රියාකාරකම්.
  • ඔබ සංචාරය කරන රටේ ඔබට යතුරු පැදි පැදීමට නියමාකාර බලපත්‍රයක් නොමැති විට ඒවා පැදීම.
  • ඔබ නොමැති තැන ඔබේ බඩු භාණ්ඩ සොරාගත් විට.
  • ස්වභාවික ආපදාවකදී, ත්‍රස්ත ක්‍රියාවකදී හෝ සිවිල් ගැටුමකදී සිදුවන මරණයක් හෝ තුවාල වීම්.
  • සංචාරය කිරීම සඳහා ඉහළ අවදානමක් සහිත රටක් ලෙස විදේශ කටයුතු දෙපාර්තමේන්තුවනම් කරන ලද රටකට සංචාරය කිරීමේදී.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 22 January 2019 11:08am
By Madhura Seneviratne

Share this with family and friends