Australian Open 2019, Day 08: Serena Williams ලොව අංක එකේ ක්‍රීඩිකාව ඉවතට විසිකරයි.

Australian Open 2019

Source: Facebook

2019 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අටවන දිනය වන ඊයේ (21/01) දිනය අවසාන වන විට සුපිරි ටෙනිස් ශූරයින් වන සර්බියාවේ Novak Djokovic සහ ජපානයේ Kei Nishikori අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

එමෙන්ම කාන්තා ටෙනිස් ශූරියන් වන ඇමෙරිකාවේ Serena Williams සහ ජපානයේ Naomi Osaka ද ඊයේ දිනයේදී  අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවෝය.

ඊයේ පැවති ප්‍රධාන තරග වල සාරාංශය පහත පරිදි වේ.

ROD LAVER ARENA

Naomi Osaka (ජපානය) 4–6, 6–3 සහ 6–4   ක් ලෙස Anastasija Sevastova (ලැටිවියාව) පරාජයට පත් කළාය.

Milos Raonic (කැනඩාව) 6−1, 6−1 සහ 7−6 ක් ලෙස Alexander Zverev (ජර්මනිය) පරාජයට පත් කළේය.

Serena Williams (ඇමෙරිකාව) 6–1, 4–6 සහ 6–4  ක් ලෙස Simona Halep (රොමේනියාව) පරාජයට පත් කළාය.

Novak Djokovic (සර්බියාව) 6–4, 6–7(5–7), 6–2 සහ 6–3  ක් ලෙස Daniil Medvedev (රුසියාව) පරාජයට පත් කළේය.

MARGARET COURT ARENA

Elina Svitolina  (යුක්රේනය) 6–2, 1–6 සහ 6–1   ක් ලෙස Madison Keys (ඇමෙරිකාව) පරාජයට පත් කළාය.

Kei Nishikori (ජපානය) 6−7(8−10), 4−6, 7−6(7−4), 6−4 සහ 7−6(10−8) ක් ලෙස Pablo Carreño Busta (ස්පාඤ්ඤය) පරාජයට පත් කළේය.
Australian Open 2019
Serena Williams is congratulated by Romania's Simona Halep after winning their fourth round match at the Australian Open 2019. Source: AP

අංක එකේ ක්‍රීඩිකාව ඉවතට විසිවුණු හැටි

ඊයේ දිනයේදී දැනට ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව වන රොමේනියාවේ Simona Halep ප්‍රබල ඇමෙරිකානු ක්‍රීඩිකා Serena Williams අතින් පරාජයට පත්වී මෙවර තරගාවලියෙන් ඉවත් විය.

එමෙන්ම මේ වන විට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා බවට පත්ව සිටින සර්බියාවේ Novak Djokovic ට ඉතා තියුණු තරගයක් ලබා දී රුසියාවේ Daniil Medvedev ද ඊයේ පරාජයට පත්වීමෙන් තරගාවලියෙන් ඉවත් විය.

මේ වන විට Serena Williams ජයග්‍රහණය කර ඇති මුළු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාව 23 කි.

ඉතිහාසයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරිය වන Margaret Court ගේ වාර්තාව සම කිරීමට ඇයට ලබාගත යුත්තේ තවත් එක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවකි.






Share
Published 22 January 2019 9:43am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends