ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 30,000 කින් කප්පාදු කරන බවට ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රකාශයක්. (SBS සිංහල/වාර්තා)

Prime Minister to cut Australia's migration intake by 30,000.

Source: AAP

ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාර ගන්නා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය 30,000 කින් පමණ කප්පාදු කිරීමට තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ඊයේ (19/11) පැවසීය.

නිව් සවුත් වේල්ස් කලා භවනේදී ඊයේ පැවති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන තදබදය පාලනය කිරීම මෙහි මූලික අරමුණ බවද ඔහු එහිදී පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ඉහළ යන ජනගහනයට සමගාමීව මාර්ග ඉදි නොවන බවත් එනිසාම ඒවායේ වාහන තදබදය ක්‍රමිකව වර්ධනය වී ඇති බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

තවද, පොදු ප්‍රවාහන සේවාවන් වල මගී තදබදයද ජනගහන වර්ධනය හේතුවෙන් දිනෙන් දින ඉහළ යන බව ඔහු පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීම

2012-13 වසරේ පටන් ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 190,000 ක උපරිම සීමාවක තබාගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කළේය.

නමුත් ගතවූ කාලය තුළ ඉතිහාසයේ අවම ස්ථිර පදිංචිය ලබා දීම් 2017-18 වර්ෂයේදී සිදුවූ බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු සංක්‍රමණික දත්ත පෙන්වා දෙයි.

එම ප්‍රමාණය 163,000 ක් ලෙස වාර්තා වන අතර ඊට නිපුණතා සංක්‍රමණිකයින් සහ ඔවුන්ගේ පවුලේ උදවියගේ සංක්‍රමණ අයත්වේ.
කෙසේවෙතත්, ලබන වසරේ සිට ඔස්ටෙලියාවේ 190,000 ක් ව පවතින වාර්ෂික සංක්‍රමණික කෝටාව160,000 මට්ටමට අඩු කිරීමට තම රජය අපේක්ෂා කරන බව අගමැති මොරිසන් ඊයේ පැවසීය.

කෙසේනමුත්, මීට මාසයකට පමණ පෙර ආගමන කටයුතු පිළිබඳ ඇමති David Coleman, SBS පුවත් වෙත පැවසුවේ ලබන වසරේ සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීමට තවම රජයට කිසිදු අදහසක් නොමැති බවය.
Prime Minister to cut Australia's migration intake by 30,000.
Source: AAP

සංක්‍රමණික කෝටාව තීරණය කිරීම ප්‍රාන්ත හා ටෙරටරි වලට

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව තීරණය කිරීම සඳහා ප්‍රාන්ත හා ටෙරටරි වල ප්‍රධානීන්ගේ අදහස් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන මාසයේදී පැවැත්වෙන COAG රැස්වීමේදී හෙවත් මධ්‍යම රජය හා සියලු ප්‍රාන්ත හා ටෙරටරි ප්‍රධානීන් ගේ රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
සංක්‍රමණික කෝටාව පිළිබඳ මධ්‍යම රජය තුළින් අවසන් තීරණයක් ගන්නවාට වඩා ප්‍රාන්ත හා ටෙරටරි හරහා ඒ පිළිබඳ අදහස් ලබා ගැනීම වඩා ප්‍රයෝගික බව අගමැති මොරිසන් ප්‍රකාශ කර තිබේ.

ජනගහන වර්ධනය සහ යටිතල පහසුකම් වල අවශ්‍යතාව වඩාත් හොඳින්ම දන්නේ මධ්‍යම රජයට වඩා ප්‍රාන්ත හා ටෙරටරි රජයන් බැවින් මේ ගැටලුවට ප්‍රයෝගික විසඳුම ඔවුන්ගේ පාර්ශවයෙන් ලබා ගත හැකි බව අගමැතිවරයා විශ්වාස කරයි.

එක් එක් ප්‍රාන්තයේ වාර්ෂික ජනගහන ඉලක්කය කුමක්දැයි තීරණය කිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව තීරණය කිරීම වඩා ප්‍රයෝගික බව අගමැති මොරිසන් පැහැදිලි කළේය.
Prime Minister to cut Australia's migration intake by 30,000.
Source: Pixabay

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තීරණය

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බාරගන්නා සංක්‍රමණික ප්‍රමාණය හරි අඩකින් අඩු කළ යුතු බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශ කළාය.

විශේෂයෙන් සිඩ්නි කලාපයේ ශීග්‍රව ඉහළ යන ජනගහනය හේතුවෙන් ඇතිවී තිබෙන පීඩනය සමනය කිරීමට එය කළ යුතු බව ඇය එහිදී පෙන්වා දුන්නාය.
2016-17 වසර තුළ සිඩ්නි ජනගහනය 107,000 කින් ඉහළ ගොස් ඇති බව අගමැති මොරිසන් ප්‍රකාශ කළේය.

එය වෙනත් අයුරකින් පවසනවානම් සතියකට පුද්ගලයින් 2000 බැගින් සිඩ්නි ජනගහනය වර්ධනය වී තිබේ.

එම වැඩිවූ ජනගහනයෙන් විදෙස් සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය 90,100 ක් බවද ඔහු පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මේ වන විට මිලියන 25 ඉක්මවා ඇත.

පසුගිය දශක දෙක තුළ ඔස්ට්‍රේලියානු ජනගහනය මිලියන 6 කින් ඉහළ ගොස් ඇති අතර එහි සංක්‍රමණිකයින් ගේ ප්‍රතිශතය 545% ක් බව ද අගමැති මොරිසන් පැහැදිලි කළේය.

*********************************************************************

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

SBS සිංහල Facebook පිටුව -

 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 

Share
Published 20 November 2018 10:07am
Updated 20 November 2018 1:12pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends