මෙල්බර්න් නගරය නවතම ත්‍රස්ත ඉලක්කයක් බවට පත්ව ඇත්තේ ඇයි? (SBS සිංහල/වාර්තා)

Melbourne terror attack

Source: AAP

පසුගිය නොවැම්බර් 09 වන දින පස්වරුවේ මෙල්බර්න් නගරය මධ්‍යයේ සෝමාලි ජාතික පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයක් රැගෙන සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයත් සමග මෙල්බර්න් නුවර ත්‍රස්ත අවදානම පිළිබඳ නැවතත් සාකච්ඡා වන්නට පටන් ගෙන තිබේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

පසුගිය වසර දෙක තුළ මෙල්බර්න් නගරයේ මෙවැනි ත්‍රස්ත සිදුවීම් හතරක් සිදුවූ අතර සිඩ්නි නගරය ඇතුළු ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගර වල පසුගිය සිව් වසර තුළ මෙවැනි සිදුවීම් වාර්තා වී නොමැති බව news.com වෙබ් අඩවිය වාර්තා කරයි.

සිඩිනි නුවර Lindt අවන්හල ආශ්‍රිතව සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සිදුවුයේ 2014 වසරේදීය.
Flinders station
Source: Flickr

මෙල්බර්න් නගරයේ ත්‍රස්ත සිදුවීම්

පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඉහත සිදුවීම් හතරෙහි පළමු සිදුවීම මෙල්බර්න් නගරයේ සිදුවිය.

මෙල්බර්න් නගර මධ්‍යයේ බර්ක් වීදිය අසළ මෝටර් රථයක් අධික වේගයෙන් මගීන් වෙත ධාවනය කිරීමෙන් එහිදී වැඩිහිටි පුද්ගලයින් සිව්දෙනෙකු, එක් දරුවෙකු සහ කුඩා බිළිඳෙකු ජීවිතක්ෂයට පත්විය.

එම සිදුවීමෙන් තවත් පිරිසකට තුවාල සිදුවිය.
Bourke Street attack
Bourke Street attack Source: AAP
එමෙන්ම 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙල්බර්න් නුවර Flinders Street දුම්රිය ස්ථානයෙන් පිටත පිහියක් රැගත් පුද්ගලයෙකු ජනතාව වෙත කඩා වදිමින් සිදු කළ කලබලය දෙවැනි සිදුවීම ලෙස දැක්විය හැකිය.

එහිදී වික්ටෝරියානු පොලීසිය විසින් ඔහුව වහාම අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම තුන්වන සිදුවීම ලෙස පසුගිය දෙසැම්බර් මාසයේදී මෙල්බර්න් නුවර Flinders සහ Elizabeth වීදි ආශ්‍රිත ප්‍රදේශයේ මෝටර් රථයක් අධික වේගයෙන් මගීන් වෙත ධාවනය කිරීම වාර්තා වේ.

Saeed Noori නැමැත්තා විසින් සිදුකළ මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු පමණ අනතුරට පත්වූ අතර දින 8 කට පසුව තුවාල ලබා රෝහල් ගත කර සිටි 83 හැවිරිදි Antonio Crocaris නැමැත්තා මිය ගියේය.

සිව්වන සිදුවීම ලෙස පසුගිය නොවැම්බර් 09 වන දින පස්වරුවේ මෙල්බර්න් නගරය මධ්‍යයේ සෝමාලි ජාතික පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයක් රැගෙන සිදු කළ ප්‍රහාරය වාර්තා වේ.

ප්‍රහාරය සිදුකළ Hassan Khalif Shire Ali නම් එම පුද්ගලයාගේ පිහි ප්‍රහාරයට  Sisto Malaspina නමැති ඉතාලි අවන්හල්කරුවෙකු මියගිය අතර තවත් දෙදෙනෙකු  තුවාල ලැබුහ.

කෙසේවෙතත්, පොලිස් වෙඩි පහරින් පිහි ප්‍රහාරය එල්ල කළ සෝමාලි ජාතිකයා මරුමුවට පත් විය.
Melbourne terror attack
Attack happened in Melbourne on Friday, 09 November 2018. Source: SBS

මෙවැනි සිදුවීම් වලට මෙල්බර්න් නගරය ඉලක්ක වන්නේ ඇයි?

ත්‍රස්තවාදය විෂයය පිළිබඳ විශේෂඥ සහ ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරෙයෙකු ලෙස කටයුතු කරන මහාචාර්ය Clive Williams ට අනුව ත්‍රස්ත ක්‍රියා සඳහා මෙල්බර්න් නගරය ඉලක්ක වන ප්‍රධාන හේතු කිහිපයක් පවතියි.

  • දවසේ වැඩි කාලයක් බොහෝ සෙයින් ජනාකීර්ණ වීම.
  • කාර්යබහුලත්වය
  • ලොව ප්‍රධානතම සහ ජනප්‍රියම නගරයක් වීම.
  • පුද්ගල විවිධාංගීකරණය.
  • නිදහස.
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අතින් ඉතා ඉහළම ආරක්ෂාවක් ඇති නගරය ලෙසද මෙල්බර්න් හැඳින්වේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය, වික්ටෝරියානු පොලීසිය සහ ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ නිරතුරුවම පාහේ මෙල්බර්න් නගරයේ සිදුවන සිදුවීම් සහ පුද්ගලයින් පිළිබඳ විමර්ශනාත්මක දෑසින් කටයුතු කරන බැවින් ත්‍රස්ත ප්‍රහාරයක් මෙල්බර්න් නගරයට එල්ල කිරීම ඉතා අපහසු කටයුත්තක් බව මහාචාර්ය Clive Williams පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 19 November 2018 2:07pm
By Madhura Seneviratne

Share this with family and friends