ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන Skilled Migration වැඩසටහන වෙනස් කරන්නට ඉහළ මට්ටමේ සාකච්ඡා. (SBS සිංහල/වාර්තා)

The Australian government is considering a major shift on immigration policy at “senior levels”.

Source: Department of Home Affairs

ඔස්ට්‍රේලියාවේ ආගමන ප්‍රතිපත්ති වල ප්‍රධාන වෙනසක් සිදු කිරීමට අගමැති මොරිසන් ඇතුළු කැබිනට් මණ්ඩලය මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඉඩ සලසන වාර්ෂික නිපුණතා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය පිළිබඳ නැවත සලකා බැලීමක් මේ අනුව සිදුවනු ඇත.
 immigration intake
Source: Getty Images

නව සැලැස්ම

ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාරගන්නා නිපුණතා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය අළලා වාර්ෂික කෝටාවක් පවත්වාගෙන යනබවත් එම සංඛ්‍යාවට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි වල දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරනබවත් අගමැතිවරයා පැවසීය.

වාර්ෂිකව ඔස්ට්‍රේලියාවට අවශ්‍ය නිපුණතා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය කොපමණ දැයි තීරණය කිරීමට ප්‍රාන්ත හා ටෙරටරි සඳහා ප්‍රමුඛ භූමිකාවක් ඇති බව ඔහු පෙන්වා දෙයි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඔවුන්ට අවශ්‍ය නිපුණතා සංක්‍රමණිකයින් සංඛ්‍යාව මත ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නිපුණතා සංක්‍රමණික වැඩසටහන සම්බන්ධ තීරණය කළ හැකි බවද අගමැති මොරිසන් පැහැදිලි කළේය.

කෙසේවෙතත්, මේ පිළිබඳ අදහස් විමසීමට ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman ව සම්බන්ධ කරගැනීමට  SBS පුවත් සේවය උත්සාහ දැරුවද ඔහු අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළේය.
දැනට වාර්තා වී ඇති නව සැලැස්ම යටතේ ඒ ඒ ප්‍රාන්ත හා ටෙරටරි වලට අවශ්‍ය නිපුණතා සංක්‍රමණිකයින් සංඛ්‍යාව කොපමණද කියා වාර්ෂිකව මධ්‍යම රජයත් සමග පවත්වන සාකච්ඡාවේදී ඉදිරිපත් කළ යුතුවේ.

එමෙන්ම ඒ හරහා වැඩිවන ජනගහනයට ඔරොත්තු දිය හැකි අන්දමේ සැලකිය යුතු යටිතල පහසුකම් තම ප්‍රාන්තයට තිබෙන බවද ඔවුන් සනාථ කළ යුතුය.
The Australian government is considering a major shift on immigration policy at “senior levels”.
Minister for Immigration, Citizenship and Multicultural Affairs David Coleman Source: SBS

190 වීසා

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණිකයින් සම්බන්ධ මෙම යෝජිත සැලසුම ඉතා සුදුසු එකක් බවත් මේ වන විටත් 190 වීසා හරහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි එම කටයුත්තට සම්බන්ධ වී ඇති බවත් ඔස්ට්‍රේලියාවේ ආගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi පැවසුවේය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල ස්ථිර පදිංචිය ලබා ගත හැකි Skilled nominated migration - 190 වීසා වලට නිර්දේශිත වෙන් වෙන්වූ රැකියා ලැයිස්තු ඒ ඒ ප්‍රාන්ත හා ටෙරටරි දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටියි.

ඒවා හරහා එම ප්‍රාන්ත වල ශ්‍රම වෙළෙඳ පොළේ පුරප්පාඩු පුරවා ගැනීමක් සිදු කෙරෙන අතරම එමගින් ඒවායේ ආර්ථික සංවර්ධනයක්ද අපේක්ෂා කරයි.

2012/13 වසරේදී මෙම  ප්‍රාන්ත හා ටෙරටරි වීසා ප්‍රමාණය නිපුණතා සංක්‍රමණික වැඩසටහනෙන් 40% ක ඉඩක් ගත්තද ඉන් අනතුරුව එය 30% දක්වා පහත බැස ගිය බවද Abul Rizvi පෙන්වා දෙයි.
The Australian government is considering a major shift on immigration policy at “senior levels”.
Source: SBS

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ මේ වන විට ක්‍රියාත්මක වන නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අනුව එහි වාර්ෂික කෝටාව 190,000 කි.

නමුත් ඔස්ට්‍රේලියාවට බාරගන්නා නිපුණතා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණයේ අවම මට්ටම පසුගිය වසරේ ටර්න්බුල් පාලන සමයේදී වාර්තා විය.

ඒ අනුව පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකර දුන් ප්‍රමාණය 163,000 කි.

එම සංඛ්‍යාලේඛන වලට අනුව පසුගිය වසරේදී නිපුණතා වීසා 12,000 ක් පමණද family වීසා 8,000 ක් පමණද අඩුවෙන් නිකුත් කර තිබේ.

හිටපු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය හා වත්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton මේ සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතු බව බොහෝ දෙනාගේ මතය වේ තිබේ.
The Australian government is considering a major shift on immigration policy at “senior levels”.
Home Affairs Minister Peter Dutton Source: AAP
කෙසේවෙතත්, නිපුණතා සංක්‍රමණිකයින් ප්‍රමාණය අඩු කිරීම ප්‍රාදේශීය සේවා යෝජකයින්ට මෙන්ම අනෙකුත් ප්‍රදේශ වල සිටින  සේවා යෝජකයින්ට ද දැවැන්ත අර්බුදයක් මතු කරන බව ඔස්ට්‍රේලියානු වාණිජ මණ්ඩලය පවසයි.

මේ අතර ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව නිපුණතා සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යොමු කරවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් බව පසුගිය ඔක්තෝබර් මාසයේදී නිල වශයෙන් දැනුම් දුන්නේය.
දිනෙන් දින ඉහළ යන ඔස්ට්‍රේලියාවේ ජනගහනය සමස්ත රට තුළම මනාව විසුරුවා හැරීම මෙහි මූලික අරමුණ වන බව වාර්තා වේ.

*********************************************************************

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

SBS සිංහල Facebook පිටුව -

 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share
Published 12 November 2018 2:26pm
Updated 13 November 2018 2:46pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends