ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට හැකි ඉහළ ඉල්ලුමක් පවතින රැකියා මෙන්න. (SBS සිංහල/වාර්තා)

Skilled Migration

Source: SBS

ලොව සංක්‍රමණිකයින් මත පදනම්වූ රවටල් අතරින් ඔස්ට්‍රේලියාව අංක එකේ පවතින රටකි.

එමෙන්ම වර්තමාන ලෝකයේ රටක ක්‍රියාත්මක වන විශාලතම සංක්‍රමණික වැඩසටහන ක්‍රියාත්මක වන්නේද ඔස්ට්‍රේලියාවේය.


SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන එම සංක්‍රමණික වැඩසටහන් අතරින් ප්‍රධානතම වැඩසටහන වේ.

විවිධ දැනුම් මට්ටම් වල විවිධ වෘත්තීන් වල නියැලෙන පුද්ගලයින් හට ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට මෙන්ම පූර්ණ කාලීනව රැකියා කිරීමටද අවස්ථාව සලසා දෙයි.
Skilled Migration
Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය සහ සමාජය සංවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳ පොළේ පවතින නිපුණතා හිඟය අවම කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන ක්‍රියාත්මක වේ.

සෑම මුල්‍ය වර්ෂයක් ආරම්භයේදීම ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ රැකියා නිපුණතා ලැයිස්තුවක් (Skilled Occupation List) ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධියට පත් කරයි.
ඔස්ට්‍රේලියාවේ සෑම මුල්‍ය වර්ෂයක් සඳහාම නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් එක් එක් රැකියා අංශය සඳහා කොපමණ සංඛ්‍යාවක කෝටාවක් තිබෙනවාද යන්න මෙමගින් ප්‍රකාශ කෙරේ.

ඊට අමතරව අදාළ රැකියා කෝටාව පිරෙන අතරතුරේ එම ලැයිස්තුව යාවත්කාලීන වන අතර තවත් කොපමණ සංඛ්‍යාවක් ඉතිරිද යන්න පිළිබඳවද ඔබට දැනගත හැකිවේ.

සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන යටතේ වාර්ෂිකව සංක්‍රමණිකයින් 190,000 කට ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීම සඳහා අවස්ථාව සලසා දෙයි.

ඒ අතරින් නිපුණතා සංක්‍රමණිකයින් 128,000 කට පමණ ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට අවස්ථාව සැලසෙයි.
Skilled Migration
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට හැකි ඉහළ ඉල්ලුමක් පවතින රැකියා

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා මෑත කාලයේ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති රැකියා අතර පහත සඳහන් රැකියා වලට ප්‍රමුඛත්වයක් හිමිවෙයි.

  1. Registered Nurses (Occupation ID - 2544)
  2. Electricians (Occupation ID - 3411)
  3. Secondary school teachers (Occupation ID - 2414)
  4. Motor mechanics (Occupation ID - 3212)
  5. Metal fitters (Occupation ID - 3232)
  6. Carpenters and joiners (Occupation ID - 3312)
  7. Livestock Farmers (Occupation ID - 1213)
  8. Construction Managers (Occupation ID - 1331)
Skilled Migration
Source: Getty Images

ඉහළ ඉල්ලුමක් පවතින රැකියා ඛාණ්ඩ සහ අදාළ කෝටාවන්

Registered nurse රැකියා ඛාණ්ඩය සඳහා 2018 -19 වර්ෂයේ කෝටාව 17,322 ක් බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.

නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුවේ වැඩිම කෝටාවක් හිමිව ඇත්තේද Registered nurse රැකියා ඛාණ්ඩය සඳහාය.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට හැකි ඉහළ ඉල්ලුමක් පවතින රැකියා වලට අදාළ 2018-19 කෝටාවන් පහත පරිදි වේ.

  1. Registered Nurses – 17,322
  2. Electricians – 9,303
  3. Secondary school teachers – 8,480
  4. Motor mechanics – 6,099
  5. Metal fitters – 6,989
  6. Carpenters and joiners – 8,372
  7. Livestock Farmers – 4,841
  8. Construction Managers – 5,982
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share
Published 18 October 2018 12:29pm
Updated 19 October 2018 1:48pm
By Madhura Seneviratne

Share this with family and friends