ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය පුද්ගලිකකරණය කිරීමේ සැලසුමක්. (SBS සිංහල/වාර්තා)

Department of Home Affairs plans to outsource visa processing.

Source: SBS

ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය රජයෙන් පිටත ආයතනයකට ලබාදීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය රජයෙන් පිටත ආයතනයකට ලබා දීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සැලැස්ම අවදානම් සහගත තත්ත්වයක් උදා කරන බව The Guardian පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


ස්වයංක්‍රීයබව ඉහළ යන අතරේ විශ්වාසවන්ත බව පහළට වැටීම

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සැලසුම් කරන පරිදි  ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය රජයෙන් පිටත ආයතනයකට ලබාදීමෙන් ඉහළ ස්වයංක්‍රීය භාවයක් ලබාගනිමින් කාර්යක්ෂම සේවාවක් අත් කරහැකි බව විශ්වාස කරයි.

නමුත් ඒ සමගම එහි මූලික සේවා වල විශ්වාසවන්ත බව පිළිබඳ ගැටළු  පැන නැගිය හැකි බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi පවසයි.

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ගේ පුද්ගලික තොරතුරු වෙනත් පාර්ශවකයට නිරාවරණය වීමෙන් පුද්ගලික දත්ත වංචාවකට ඉඩ කඩ සැලසීමේ පුළුල් අවකාශයක් ඇති බවට ඔහු අනතුරු අඟවා තිබේ.

ප්‍රජා සහ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිතිය සහ Federation of Ethnic Communities Councils of Australia  ආයතනයේ හමුවකට එක්වෙමින් Abul Rizvi මේ අදහස් පළ කර ඇත.
Department of Home Affairs plans to outsource visa processing.
Source: Department of Home Affairs

ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය පිටතට දීම.

ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය පුද්ගලික අංශය වෙත පැවරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සැලසුම් කරන බව පසුගිය පෙබවාරි මාසයේදී වාර්තා විය.

කෙසේවෙතත්, එමගින් ඉහළ වටිනාකමක් සහිත අයදුම්කරුවන්ගේ වීසා සඳහා මූලික සේවාවන් ඉතා වේගවත්ව සිදු කිරීම ප්‍රධාන අරමුණ වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

මේ හරහා සේවාවන් ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් සාමාන්‍ය මුදලට වඩා ඉහළ මුදලක් ගෙවිය යුතු බවද වාර්තා වේ.

මේ හේතුවෙන් ඕනෑම ඒකාධිපති සැපයුම්කරුවෙකු හට තම ගාස්තු ඉහළ දමමින් වේගවත්ව වීසා සකසන ක්‍රියාවලියට තමන් කැමති අයදුම්කරුවෙකු යොමු කිරීමේ හැකියාවක් ඇති බවත් මෙය බැරෑරුම් තත්ත්වයක් බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi පැවසීය.

මේ අතර එසේ ඉහළ වියදමක් දැරීමට නොහැකි අයදුම්කරුවන්ට සාමාන්‍ය පරිදි ඔස්ට්‍රේලියානු වීසා ලබාගැනීම සඳහා බලා සිටීමට සිදුවන බවද ඔහු පැවසීය.
Department of Home Affairs plans to outsource visa processing.
Source: Getty Images

ස්වයංක්‍රීයභාවය සහ පුද්ගලිකත්වය

ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය පුද්ගලික අංශය වෙත ලබා දුනහොත් එම කටයුත්ත බාරගන්නා සමගම හෝ සමාගම් අනිවාර්යෙන් වියදම් අඩු කරගැනීම සඳහා ස්වයංක්‍රීය ක්‍රියාවලියකට මුල පුරන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi සඳහන් කළේය.

එමෙන්ම අයදුම්කරුවන්ගේ සම්බන්ධකම්, රැකියා විස්තර, ආදායම, සෞඛ්‍ය තොරතුරු වැනි තීරණාත්මක පුද්ගලික විස්තර වානිජමය අරමුණු සඳහා භාවිතා කිරීමට හෝ බාහිර අංශ වෙත සැපයීමට වැඩි ඉඩක් ඇති බවටද ඔහු අනතුරු අඟවයි.

අපක්ෂපාතී, විනිවිදභාවයකින් යුක්ත සාධාරණ ආගමන පද්ධතියක් දීර්ග කාලයක පටන් ඔස්ට්‍රේලියාව සතුව පැවතීමේ අභිමානය ඔස්ට්‍රේලියාවට තිබෙන නමුත් මෙම සැලසුම ක්‍රියාත්මක වුවහොත් එම ප්‍රතිරූපයට හානි සිදුවීමට බොහෝ ඉඩකඩ ඇති බවත් Federation of Ethnic Community Councils of Australia හි සභාපතිනි Mary Patetsos පැවසුවාය.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය පුද්ගලික අංශය වෙත පැවරීම සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යුතු අතර තවමත් ඒ සඳහා කිසිදු අනුමැතියක් ලැබී නොමැත.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 16 October 2018 9:53am
By Madhura Seneviratne

Share this with family and friends