නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බාරගන්නා සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩකින් කප්පාදු කිරීමේ සූදානමක්. (SBS සිංහල/වාර්තා)

NSW premier wants to cut overseas migration to half level.

Source: AAP

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බාරගන්නා සංක්‍රමණිකයින් සංඛ්‍යාව කප්පාදු කර හිටපු ඔස්ට්‍රේලියානු ලිබරල් පක්ෂ අගමැති John Howard ගේ කාලයේ තිබූ මට්ටමට ගෙනඒමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian හට අවශ්‍යවී තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ශීග්‍රව ඉහළ යන ජනගහනය පාලනය කිරීම සඳහා මෙම ක්‍රියාව සුදුසු බව ඇගේ මතය වී ඇත.
NSW premier wants to cut overseas migration to half level.
NSW Premier Gladys Berejiklian Source: AAP

සංක්‍රමණික කප්පාදුව

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැඩිවන ජනගහනයට සරිලන ලෙස නිවාස, ගොඩනැගිලි, පාසල්, රෝහල්, මහා මාර්ග, දුම්රිය මාර්ග ප්‍රාන්ත රජය විසින් ඉදි කරගෙන යන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසයි.

නමුත් ශීග්‍රව වර්ධනය වන ජනගහනයට සරිලන වේගයකින් එම යටිතල පහසුකම් සැපයීම බොහෝවිට ගැටළුවක් වී ඇති බවත් එනිසාම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත සංක්‍රමණිකයින් සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩු කිරීමක් මේ මොහොතේ අවශ්‍ය බවත් ඇය පෙන්වා දෙයි.

නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය එසේ කප්පාදු කිරීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයින් සංඛ්‍යාව නිශ්චිත වශයෙන් තීරණය කර නොමැති බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ගේ නියෝජිතයෙකු පැවසීය.
NSW premier wants to cut overseas migration to half level.
Former Prime Minister John Howard Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංක්‍රමණිකයින්

හිටපු ඔස්ට්‍රේලියානු ලිබරල් පක්ෂ අගමැති John Howard ගේ කාලයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බාරගත් සංක්‍රමණිකයින් ප්‍රමාණය වසරකට 45,000 ක් පමණ විය.

නමුත් අදවන විට එය වසරකට 100,000 පමණවේ.



 

ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් බාරගන්නා සංක්‍රමණිකයින් සංඛ්‍යාවෙන් 75.6% කටම දායකත්වය සපයනු ලබන්නේ නිව් සවුත් වේල්ස් හා වික්ටෝරියානු ප්‍රාන්ත බව වාර්තා වේ.

2017 අග භාගය වන විට සංක්‍රමණිකයින් 98,570 ක් තම ප්‍රාන්තය තුළ ස්ථාපිත කරමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වාර්තාගත අගයක්ද සටහන් කළේය.

මධ්‍යම රජයේ තීන්දුව

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින්ගේ අංක එකේ ස්ථාපිත වීමේ ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉදිරියටත් කටයුතු කරනු දැකීම ස්වදේශ කටයතු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

වසර 2018 අවසන් වන විට Greater Sydney ප්‍රදේශයේ සංක්‍රමණිකයින් 70,500 ක් පමණ ස්ථාපිත කරවීම ඔවුන්ගේ ඉලක්කය වී ඇත.

කෙස්වෙතත්, ඔස්ට්‍රේලියාවේ ජනගහනය සමස්ත ඔස්ට්‍රේලියාව පුරාම සමව විසුරුවා හැරීමේ අරමුණින් නව සංක්‍රමණිකයින් හට සිඩ්නි හා මෙල්බර්න් ඇතුළු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වසර 5 ක් යනතුරු තහනම් කිරීමට රජය ගත් තීන්දුවත් සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 15 October 2018 10:48am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends