ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඉඩ සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ නවතම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු මෙන්න. (SBS සිංහල/වාර්තා)

Skilled Migration

截至目前為止,各州及領地在 2022-2023 年度的技術簽證提名計劃中經已使用的配額,遠遠比所分配到的配額為低。 Source: SBS

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ නවතම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු (සැප්තැම්බර් 11 ට යෙදුණු) ඊයේ (02/10) දිනයේදී ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපර්තමේන්තුවේ වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව 2018 - 19 වසර සඳහා මේ වන විට ආරාධනා පත්‍ර (Invitation Rounds) වට තුනක් ප්‍රකාශයට පත් කර ඇත.

2018 ජූලි 11 වන දින පළමුවැන්න නිකුත් කර ඇති අතර දෙවැන්න අගෝස්තු 11 වන දිනට නිකුත් කර තිබේ.

තුන්වැනි ආරාධනා පත්‍ර වටය සැප්තැම්බර් 11 නිකුත් කෙරුණු අතර එහි විස්තර ඊයේ (02/10) ප්‍රකාශයට පත් කෙරුණි.
Skilled Migration
Source: ww.homeaffairs.gov.au

සැප්තැම්බර් 11 ආරාධනා පත්‍ර වටය

මෙහිදී Skilled - Independent (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 2490 ක්ද Skilled - Regional (Provisional) (subclass 489) සඳහා ආරාධනා පත්‍ර 10 ක්ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපර්තමේන්තුවේ වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව සැප්තැම්බර් 11 ආරාධනා පත්‍ර වටයෙදී නිකුත් කර ඇති මුළු ආරාධනා පත්‍ර ප්‍රමාණය 2500 කි.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

මීට පෙර වසර වල සෑම මාසයකටම ආරාධනා පත්‍ර වට දෙකක් සති දෙකකට වරක් ක්‍රියාත්මක විය.

එහිදී එක් වටයකට මුළු ආරධනා පත්‍ර 1250 ක් නිකුත් කෙරිණි.

නමුත් 2018 ජූලි මාසයේ පටන් සෑම මසකටම එක් වරක් ආරාධනා පත්‍ර නිකුත් කෙරෙන අතර එහිදී මුළු  ආරධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරේ.
Skilled Migration
Source: SBS

IT සහ Accounting වෘත්තීන්ගේ තත්ත්වය

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ තත්ත්වය සාරාංශගතව පහත පරිදි වේ.

Accountants (2211) සඳහා 25/05/2018 9:59am තෙක් යොමු කෙරුණු EOI සඳහා ආරධනා පත්‍ර යොමු කර ඇති අතර Accountants (2211) සඳහා දැනට පවතින ලකුණු සංඛ්‍යාව 80 කි.

Auditors, Company Secretaries and Corporate Treasurers (2212) සඳහා 1/05/2018 10:54am තෙක් යොමු කෙරුණු EOI සඳහා ආරධනා පත්‍ර යොමු කර ඇති අතර Auditors, Company Secretaries and Corporate Treasurers (2212)  සඳහා දැනට පවතින ලකුණු සංඛ්‍යාව ද 80 කි.

ICT Business and System Analysts (2611) සඳහා 28/05/2018 6:25pm තෙක් යොමු කෙරුණු EOI සඳහා ආරධනා පත්‍ර යොමු කර ඇති අතර ICT Business and System Analysts (2611) සඳහා දැනට පවතින ලකුණු සංඛ්‍යාව 75 කි.

Software and Applications Programmers (2613) සඳහා 20/08/2018 3:13pm තෙක් යොමු කෙරුණු EOI සඳහා ආරධනා පත්‍ර යොමු කර ඇති අතර Software and Applications Programmers (2613) සඳහා දැනට පවතින ලකුණු සංඛ්‍යාව 75 කි.

Computer Network Professionals (2631) සඳහා 17/01/2018 11:36am තෙක් යොමු කෙරුණු EOI සඳහා ආරධනා පත්‍ර යොමු කර ඇති අතර Computer Network Professionals (2631) සඳහා දැනට පවතින ලකුණු සංඛ්‍යාව 70 කි.
Skilled Migration
Source: Getty Images

IT කෝටාව

2017 - 18 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ට අනුව 6,202 ක්ව තිබූ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පරිගණක මෘදුකාංග හා මෘදුකාංග ඉංජිනේරු (2613 - Software and Applications Programmers) ගේ කෝටාව 2018 -19 වසරේ  7,271 දක්වා ඉහළ දමා තිබේ.

ඒ අනුව මෙවර 2613 ඛාණ්ඩයේ කෝටාව 1,069 කින් වැඩිවී ඇති අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උදවියට මෙය ඉතා සුබදායී පුවතකි.

ICT Business and System Analysts (2611) සඳහා මේ වසරේ ඇති කෝටාව 1,466 ක් වන අතර මේ වන විට ආරධනා පත්‍ර 248 ක් නිකුත් කර ඇත.

Software and Applications Programmers (2613) සඳහා මේ වසරේ ඇති කෝටාව 7,271 ක් වන අතර මේ වන විට ආරධනා පත්‍ර 1,231 ක් නිකුත් කර ඇත.

මේ අනුව සැප්තැම්බර් 11 ආරධනා පත්‍ර වටයේදී Software and Applications Programmers (2613) සඳහා ආරධනා පත්‍ර 650 ක් නිකුත් කර තිබේ.

Computer Network Professionals (2631) සඳහා මේ වසරේ ඇති කෝටාව 2,167 ක් වන අතර මේ වන විට ආරධනා පත්‍ර 367 ක් නිකුත් කර ඇත.
Skilled Migration
Source: Getty Images

ගණකාධිකාරී කෝටාව

නමුත් 2018 -19 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ට අනුව ගණකාධිකාරී (2211 - Accountants) කෝටාව අඩු වී ඇත.

2017 - 18 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ට අනුව 4,785 ක්ව තිබූ ගණකාධිකාරී කෝටාව මෙවර 3,753 ක් දක්වා අඩු කර තිබේ.

එය 1,032 ක අඩුවීමකි.

Accountants (2211) සඳහා මේ වසරේ ඇති කෝටාවෙන් මේ වන විට ආරධනා පත්‍ර 636 ක් නිකුත් කර ඇත.

මේ අනුව සැප්තැම්බර් 11 ආරධනා පත්‍ර වටයේදී Accountants (2211) සඳහා ආරධනා පත්‍ර 336 ක් නිකුත් කර තිබේ.
Skilled Migration
Source: Getty Images

සැප්තැම්බර් 11 වටයේ ප්‍රධාන වෘත්තීන් හි ලකුණු මට්ටම්

සැප්තැම්බර් 11 වටයේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා ආරාධනා පත්‍ර යොමු කෙරුණු ලකුණු මට්ටම පහත පරිදි වේ.
Skilled Migration
Point scores and the dates of effect cut off for the pro rata occupations in the 11 September 2018 invitation round. Source: Department of Home Affairs
මීලඟ ආරාධනා පත්‍ර වටය ඔක්තෝබර් 11 වන දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

සැප්තැම්බර් 11 වන විට “Occupation ceiling list 2018 – 19” හි තත්ත්වය පහත පරිදි වේ.

Occupation IDDescriptionOccupation Ceiling Value 2018-19Invitations to 11/09/2018
1213Livestock Farmers4,8410
1331Construction Managers5,98213
1332Engineering Managers1,13110
1341Child Care Centre Managers1,0001
1342Health and Welfare Services Managers1,3023
2211Accountants*3,753636
2212Auditors, Company Secretaries and Corporate Treasurers*1,342227
2241Actuaries, Mathematicians and Statisticians1,00025
2245Land Economists and Valuers1,00012
2247Management consultant3,89479
2321Architects and Landscape Architects1,25187
2322Cartographers and Surveyors1,00023
2331Chemical and Materials Engineers1,000133
2332Civil Engineering Professionals3,510339
2333Electrical Engineers1,000172
2334Electronics Engineers*30051
2335Industrial, Mechanical and Production Engineers*1,780301
2339Other Engineering Professionals*700119
2341Agricultural and Forestry Scientists1,00045
2346Medical Laboratory Scientists1,60038
2347Veterinarians1,00025
2349Other Natural and Physical Science Professionals1,0007
2411Early Childhood (Pre-primary School) Teachers2,48870
2414Secondary School Teachers8,480115
2415Special Education Teachers1,0001
2512Medical Imaging Professionals1,2245
2514Optometrists and Orthoptists1,0003
2519Other Health Diagnostic and Promotion Professionals1,0002
2521Chiropractors and Osteopaths1,00010
2524Occupational Therapists1,22719
2525Physiotherapists1,61331
2526Podiatrists1,0001
2527Speech Professionals and Audiologists1,00021
2531General Practitioners and Resident Medical officers3,348100
2533Internal Medicine Specialists1,00015
2534Psychiatrists1,0002
2535Surgeons1,0004
2539Other Medical Practitioners1,145221
2541Midwives1,00011
2544Registered Nurses17,322413
2611ICT Business and Systems Analysts*1,466248
2613Software and Applications Programmers*7,2711231
2621Database and Systems Administrators and ICT Security Specialists2,660295
2631Computer Network Professionals*2,167367
2633Telecommunications Engineering Professionals1,000251
2711Barristers1,0000
2713Solicitors3,77054
2723Psychologists2,22819
2725Social Workers2,12553
3122Civil Engineering Draftspersons and Technicians1,00014
3123Electrical Engineering Draftspersons and Technicians1,0004
3132Telecommunications Technical Specialists1,0007
3211Automotive Electricians1,0000
3212Motor Mechanics6,09910
3222Sheetmetal Trades Workers1,0000
3223Structural Steel and Welding Trades Workers4,6393
3232Metal Fitters and Machinists6,9893
3233Precision Metal Trades Workers1,0000
3241Panelbeaters1,0000
3311Bricklayers and Stonemasons1,5941
3312Carpenters and Joiners8,3726
3322Painting Trades Workers3,2773
3331Glaziers1,0001
3332Plasterers2,0810
3334Wall and Floor Tilers1,2590
3341Plumbers5,7663
3411Electricians9,30315
3421Airconditioning and Refrigeration Mechanics1,8360
3422Electrical Distribution Trades Workers1,0190
3423Electronics Trades Workers1,76913
3513Chefs2,82118
3941Cabinetmakers1,4211
3991Boat Builders and Shipwrights1,0000
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 3 October 2018 11:27am
By Madhura Seneviratne

Share this with family and friends