ඔස්ට්‍රේලියාවේ SBS ගුවන් විදුලියේ නිෂ්පාදකවරයෙකු වීමට ඔබටත් අවස්ථාවක් : අවසාන දිනය ඔක් 7 දා

Casual Producer - Sinhalese Language

Source: SBS Sinhala

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන SBS ගුවන් විදුලියේ සිංහල අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු (Casual Producer - Sinhalese Language) ලෙස කටයුතු කිරීමට දැන් ඔබට අවස්ථාවක් උදාවී තිබේ.

මූලික සුදුසුකම්

  • මෙල්බර්න් නුවර හෝ වික්ටෝරියා ප්‍රාන්තයේ වාසය කිරීම.
  • සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවීමට හැකිවීම.
  • ක්‍රියාකාරී කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට හැකිවීම.
  • සේවා මුර වලට අනුගතව සේවය කිරීමට හැකිවීම.
  • ජනමාධ්‍ය පිළිබඳ සේවා පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.

ඔබටත් ඉහත සඳහන් මූලික සුදුසුකම් ඇත්නම් දැන්ම ඔබේ අයදුම්පත වෙබ් ලිපිනයෙන් යොමු කරන්න.


Casual Producer - Sinhalese Language
Source: SBS
අයදුම්පත් බාරගැනීම 2018 ඔක්තෝබර් 07 වන දිනෙන් අවසන් වේ.

වැඩි විස්තර sinhalese.program@sbs.com.au ඊමේල් ලිපිනයෙන් හෝ (03) 99 49 21 69 දුරකථන අංකයෙන් SBS සිංහල වැඩසටහනේ විධායක නිෂ්පාදිකා දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය අමතන්න.

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share
Published 5 October 2018 1:40pm
Updated 5 October 2018 3:55pm
By Madhura Seneviratne

Share this with family and friends