ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය වීසා ප්‍රතිසංස්කරණයකට රජයේ අවධානය. (SBS සිංහල/වාර්තා)

New visa conditions to force migrants to settle in regions under PM's population plan

New visa conditions to force migrants to settle in regions under PM's population plan Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ regional visa හෙවත් ප්‍රාදේශීය වීසා ප්‍රතිසංස්කරණයක් කිරීම සඳහා නව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman ගේ අවධානය යොමුව තිබේ.

ජනගහන ඌනතාවයෙන් පෙළෙන ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාදේශීය කලාප වෙත සංක්‍රමණිකයින් විසුරුවා හැරීමට මෙහිදී ඔහුගේ අවධානය යොමුව ඇත.
Regional visas
Source: SBS

ප්‍රාදේශීය කලාප වල ආර්ථික වර්ධනය සහ සංක්‍රමණිකයින්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලට නව සංක්‍රමණිකයින් යොමු කිරීම සඳහා පවතින ක්‍රමය වෙනස් කරන්නේ කෙසේදැයි මේ දිනවල තමන් අධ්‍යනය කරමින්  පසුවන බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman, SBS සේවයට පැවසීය.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

විශේෂයෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ Warrnambool, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Goldfields කලාපය සහ සමස්ත දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයම දහස් ගණන් සංක්‍රමණිකයින් සෑම විටම ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

ප්‍රාදේශීය කලාප වල ආර්ථිකය නගා සිටුවීමට ඔවුන්ට සංක්‍රමණිකයින්ගේ සහය අවශ්‍ය බවත් ඒ සඳහා රජය අවධානය යොමු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Regional visas
Prime Minister Scott Morrison, right, with David Coleman in Sydney. Source: AAP

නිපුණතා හිඟය සහ ප්‍රාදේශීය වීසා

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල පවතින නිපුණතා හිඟය පිරවීම සඳහා මේ වන විට වීසා වර්ග කිහිපයක් ක්‍රියාත්මක වේ.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට අනුව 2016-17 මුල්‍ය වර්ෂය උදෙසා Regional Sponsored Migration Scheme හෙවත් ප්‍රාදේශීය අනුග්‍රාහකත්ව සංක්‍රමණික වැඩසටහන යටතේ වීසා 11,000 ක් පමණ නිකුත් කර තිබේ.
migrants in australia
Source: SBS

මාස 18 න් නැවතත් නගරයට

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත ගිය නිපුණතා සංක්‍රමණිකයින්ගෙන් දහයෙන් එකක් මාස 18 ක් තුළදී නැවතත් නාගරික පෙදෙස් වෙත පැමිණෙන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.

2016-17 මුල්‍ය වර්ෂයේදී ප්‍රාදේශීය කලාප වෙත සංක්‍රමණිකයින් ස්ථාපිත කිරීමේදී හරි අඩකට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත්තේ පර්ත් කලාපයේ බව හෙළිවී තිබේ.

කෙසේවෙතත්, පසුගිය නොවැම්බර් මාසයේ සිට පර්ත්, ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.

මේ අතර Darwin, Adelaide, Canberra සහ Hobart තවමත් ප්‍රාදේශීය වීසා සඳහා අදාළ වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share
Published 28 September 2018 11:12am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends