ඔස්ට්‍රේලියාවේ අඩුම ATAR ලකුණු ලබාගත් පාසල් සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිවන බවට රහස්‍ය වාර්තාවක් හෙළිකරයි. (SBS සිංහල/වාර්තා)

ATAR scores

Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ අඩුම Australian Tertiary Admission Rank හෙවත් ATAR ලකුණු (ඇතැම් විට බින්දුවට ආසන්නවූ) ලබාගෙන පාසල් අධ්‍යාපනය නිමා කරන සිසුන් හට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල ගුරු උපාධි සඳහා කැඳවීම් ලැබෙන බවට රහස්‍ය වාර්තාවක් අනාවරණය කළ බව ABC පුවත් වෙබ් අඩවිය පවසයි.

එම වාර්තාවට අනුව අදාළ ගුරු උපාධි හදාරමින් සිටින ඇතැම් සිසුන්ගේ ATAR ලකුණු මට්ටම 0 සිට 19 දක්වා ඉතාමත් පහළ මට්ට්මක තිබෙන බව හෙළිවී ඇත.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල මගින් මෙම දත්ත කෙදිනකවත් මාධ්‍ය වෙතට ප්‍රකාශ නොකරන අතර 2015 වසරේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ ACT හි ATAR ලකුණු ලබාගෙන තිබූ සිසුන්ගෙන් පහළම බාගයේ සිටි 50% ක් පමණ වූ සිසුන් හට එම ප්‍රාන්ත වල ගුරු උපාධි සඳහා අවස්ථාවන් ලබා දී තිබේ.

ATAR ලකුණු 0 සිට 19 දක්වා ලබාගත් සිසුන් 28 දෙනෙකුටත්, ATAR ලකුණු 20 සිට 29 දක්වා ලබාගත් සිසුන් 29 දෙනෙකුටත්, ATAR ලකුණු 30 සිට 39 දක්වා ලබාගත් සිසුන් 73 දෙනෙකුටත් මෙසේ අවස්ථාව ලබා දී ඇති බව ABC පුවත් වෙබ් අඩවිය පවසයි.
ATAR scores
Source: AAP

ATAR ලකුණු සහ විශ්ව විද්‍යාල ප්‍රවේශය

ක්වීන්ස්ලනත්ය හැරුණු කොට ඔස්ට්‍රේලියාවේ අනෙකුත් සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම මෙම ATAR ලකුණු ආකෘතිය විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා පිළිගනී.

මෙම රහස්‍ය වාර්තාව ABC පුවත් වෙත ලබා දී ඇත්තේ එහි කර්තෘ ලෙස කටයුතු කළ විශ්‍රාමික මහාචාර්ය John Mack විසිනි.

සිඩ්නි විශ්ව විද්‍යාලය එම වාර්තාව විනාශ කර දමන ලෙසට බලපෑම් කිරීමත් සමග ඔහු මෙය ABC පුවත් වෙත ලබා දී තිබේ.

පසුගිය වසර කිහිපය ඇතුළත ගුරු උපාධි සඳහා ලියාපදිංචි වූ සිසුන් ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව එම වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව 2015 දී පාසල් අධ්‍යාපනය නිමා කළ සිසුන් 4,075 ක් ගුරු උපාධි සඳහා ලියා පදිංචි වූ අතර ඔවුන්ගෙන් ATAR ලකුණු 90 ට වඩා ලබා සිටි සිසුන් සිටියේ 292 කි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


 

මේ අතර ඔස්ට්‍රේලියාවේ ගුරු උපාධි සහ අනෙකුත් අධ්‍යාපනික උපාධි සඳහා 2018 වසරේදී බොහෝ විශ්ව විද්‍යාල අවම ATAR ලකුණු ලබාගත් සිසුන් හට අවස්ථාව ලබා දී ඇති බව අනාවරණය වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අවම ATAR ලකුණු සංඛ්‍යාව ඇත්තේ Federation විශ්ව විද්‍යාලයේය. එය ලකුණු 22 කි.

Southern Cross විශ්ව විද්‍යාලයේ අවම ATAR ලකුණු මට්ටම 35 ක් වන අතර Australian Catholic විශ්ව විද්‍යාලයේ අවම ATAR ලකුණු මට්ටම 36 කි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 26 September 2018 10:57pm
By Madhura Seneviratne

Share this with family and friends