ඔස්ට්‍රේලියාවේ ගෑස් සහ විදුලිය මිල ඉහළ දැමීමට අදාළ නව නීති හඳුන්වා දෙයි.

Energy retailers forced to reveal power bill shocks early

Source: AAP

නව නීති රෙගුලාසි යටතේ ඔස්ට්‍රේලියාවේ ගෑස් සහ විදුලිය සැපයුම්කරුවන් තම සේවා වල මිල ඉහළ දැමීමට දින 5 කට පෙර තම පාරිභෝගිකයින් වෙත දැන්විය යුතු බව වාර්තා වේ.

මෙම නව නීතිය අද (27/09) පස්වරුවේ සිට හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු බලශක්ති වෙළෙඳපොල කොමිසම අපේක්ෂා කරන නමුත් එය ක්‍රියාත්මක කිරීම එළඹෙන පෙබරවාරි 01 වන දින තෙක් සිදු  නොවන බවද පවසයි.

මේ වෙනස්කම් හේතුවෙන් අදාළ දින කිහිපය තුළදී පාරිභෝගිකයින්ට තමන්ට වාසිදායී බලශක්ති සැපයුම්කරුවන් සොයාගැනීමට අවස්තාව සැලසෙන බව බලශක්ති අමාත්‍ය  Angus Taylor පවසයි.

මේ වන විට පවතින නීති යටතේ ගෑස් සහ විදුලිය මිල ගණන් වෙනස්වීම් පාරිභෝගිකයින්ගේ මීළඟ බිල්පත පැමිණෙන තෙක් ඔවුන්ට නොදන්වා සිටීමට සැපයුම්කරුවන්ට හැකියාව ලැබේ.


Share
Published 27 September 2018 1:35pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends