ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා කිහිපයකට වීසා දීර්ග කිරීම් ඇතුළු පූර්ණ කාලීන රැකියා කිරීමට අවස්ථාව

How 457 and 482 visa holders can get Australian Permanent Residency easily from July 1

Source: Getty Images

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා කිහිපයකට වීසා දීර්ග කිරීම් ඇතුළු පූර්ණ කාලීන රැකියා කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා කිහිපයකට සහන කිහිපයක් ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය යළි ගොඩනැගීමට සහාය වීම සඳහා මෙම පියවර ගත් බව මධ්‍යම රජය පවසයි.

මේ පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.


Highlights

  • 476 වීසා බලපත්‍රලාභීන්ගේ වීසා බලපත්‍ර මාස 24 දක්වා දීර්ඝ කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
  • 407 වීසා බලපත්‍රලාභීන්ගේ රැකියා කරන පැය ගණනේ සීමාව ඉවත් කිරීමටද මධ්‍යම රජය තීරණය කර ඇත.
  • COVID-19 Pandemic Event (Subclass 408) වීසා බලපත්‍රයට අයදුම් කිරීමේ සීමාවන් ලිහිල් කර තිබේ.

Skilled-Recognised Graduate (Subclass 476) වීසා

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා වසා දැමීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ කාලය අහිමි වූ සුදුසුකම් ලත් 476 වීසා බලපත්‍රලාභීන්ගේ වීසා බලපත්‍ර මාස 24 දක්වා දීර්ඝ කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

මෙම වීසා බලපත්‍රය මඟින් මෑතකාලීන ඉංජිනේරු උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ ජීවත් වීමට, රැකියා කිරීමට හෝ අධ්‍යාපනය ලැබීමට ඉඩ සලසයි.

මෙම සහනය මගින් සුදුසුකම් ලත් 476 වීසා බලපත්‍රලාභීන්ට ඔවුන්ගේ වීසා බලපත්‍රයේ සාමාන්‍ය කාලයට අමතරව තවත් මාස හයක කාලයක් ලබා දෙනු ඇත.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


මෙම සහනය හරහා වත්මන් සහ හිටපු 476 වීසා බලපත්‍රලාභීන්ට 2024 අප්‍රේල් දක්වා  ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට හෝ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට ඉඩ ලබා දෙන බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසුවේය.

1994 සංක්‍රමණ රෙගුලාසි සංශෝධනවලට යටත්ව මෙම දීර්ග කිරීම 2022 අප්‍රේල් මාසයේ සිට බලාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
සුදුසුකම් ලත් 476 වීසා බලපත්‍රලාභීන්ට ඔවුන්ගේ වීසා බලපත්‍රය දීර්ඝ කිරීම පිළිබඳව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සෘජුවම දැනුම් දෙනු ලබන අතර එය සිදු වූ පසු ඔවුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකිය.

COVID-19 ජාත්‍යන්තර සංචාරක සීමාවන් හේතුවෙන් තමන්ගේ මුල් 476 වීසා බලපත්‍රයේ සම්පූර්ණ කාලය භාවිතා කිරීමට නොහැකි වූ සහ 476 වීසා බලපත්‍ර කල් ඉකුත් වී ඇති පුද්ගලයින්ට ද මෙය අදාළ වේ.

මේ පිළිබඳ වැඩි විස්තර ඔස්ට්‍රේලියානු ලබා ගත හැකිය.
Australian Visa
Source: Getty Images

Training (Subclass 407) වීසා

ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්ට තීරණාත්මක අංශවල අමතර පැය ගණනක් රැකියා කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට අවසර ලබා දී තිබේ.

වත්මන් ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායේ හිඟය හේතුවෙන් ආර්ථිකයේ සෑම රැකියා අංශයකම Training (Subclass 407) වීසා බලපත්‍රලාභීන්ගේ රැකියා කරන පැය ගණනේ සීමාව ඉවත් කිරීමට මධ්‍යම රජය තීරණය කර ඇත.

දැනට සිටින සහ නව ද්විතීයික පුහුණු වීසා බලපත්‍රලාභීන් සඳහා මෙම පියවර වහාම ක්‍රියාත්මක වන අතර 2022 අප්‍රේල් මාසයේදී මෙය සමාලෝචනය කෙරේ.
Opportunity to work unlimited and visa extensions for several temporary visas in Australia
Source: Getty Images/Rawpixel

COVID-19 Pandemic Event (Subclass 408) වීසා

ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට හිමිකම් ඇති තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ ඕනෑම අංශයක සේවය කරන්නේ නම් මාස 6ක් හෝ 12ක කාලයක් සඳහා මෙම COVID-19 Pandemic Event (Subclass 408) වීසා බලපත්‍රයට අයදුම් කිරීමට හැකි වේ.

මේ සඳහා වීසා ගාස්තු අය නොකිරීමද විශේෂත්වයකි.

මේ වන විට COVID-19 Pandemic Event වීසා බලපත්‍රය කෘෂිකර්මාන්තය, ආහාර සැකසීම, සෞඛ්‍ය සේවා, aged care, disability care, child care සහ සංචාරක හා  hospitality අංශවල සේවය කරන ඕනෑම අයෙකුට මාස 12ක් සඳහා පිරිනැමේ.

නව සහන ලබා ගත හැක්කේ 2022 පෙබරවාරි 21 හෝ ඊට පසුව යොමු කරන ලද පහත සඳහන් COVID-19 Pandemic Event වීසා අයදුම්පත් සඳහා පමණි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


2022 පෙබරවාරි 21 ට පෙර ඕස්ට්‍රේලියාවේ සිටි තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට මෙන්ම 2022 පෙබරවාරි 21 ට පසු ඔස්ට්‍රේලියාවට පැමිණෙන තාවකාලික වීසා බලපත්‍රලාභීන් සහ අයදුම් කරන අවස්ථාවේ මධ්‍යම රජය විසින් අරමුදල් සපයන aged care සේවාවක රැකියාවක් කරන හෝ රැකියා පිරිනැමීමක් ඇති තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.

මධ්‍යම රජයේ අරමුදල් සපයන aged care ඇතුළු ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ ඕනෑම අංශයක සේවය කරන හෝ වැඩ කිරීමට අදහස් කරන තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ඔවුන්ගේ පවතින වීසා බලපත්‍රය කල් ඉකුත් වීමට දින 90කට පෙර COVID-19 Pandemic Event වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැකි අතර පසුව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටිය හැක.

කෘෂිකර්මාන්තය, ආහාර සැකසීම, සෞඛ්‍ය සේවා, aged care, disability care, child care සහ සංචාරක හා  hospitality අංශවල වැඩ කිරීමට හෝ වැඩ කිරීමට අදහස් කරන්නේ නම් අමතර මාස 12ක් හෝ වෙනත් ඕනෑම අංශයක වැඩ කරන්නේ නම් හෝ වැඩ කිරීමට අදහස් කරන්නේ නම් මාස 6ක් සඳහා මෙම වීසා බලපත්‍රය පිරි නැමේ.

මෙම සංශෝධන අඛණ්ඩ සමාලෝචනයට යටත් වේ.


ඔස්ට්‍රේලියාවේ වීසා සම්බන්ධ නවතම තොරතුරු දැනගැනීම සඳහා, sbs.com.au/Sinhala වෙබ් අඩවිය වෙත ගොස් ඉහළින් ඇති මාතෘකා යන කොටසේ ඇති  "ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීම සහ ආගමන කටයුතු" යන කොටස මත ක්ලික් කරන්න.



Share