ඉදිරි වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම රැකියා ඇතිවන ක්ෂේත්‍ර 4 මෙන්න (SBS සිංහල/ වාර්තා)

COVID-19 වසංගතයට සාර්ථකව මුහුණ දුන් ප්‍රධානතම රැකියා ක්ෂේත්‍රය මෙන්ම විශාල වශයෙන් රැකියා උත්පාදනය කරමින් සිටින රැකියා ක්ෂේත්‍රයක් ලෙස Health Care and Social Assistance ක්ෂේත්‍රය හඳුනාගෙන ඇත.

Australia's Job Ready Program (JRP) changed from 1 July

Source: Getty Images/Yuri_Arcurs

වසර 2025 නොවැම්බර් වන තෙක් ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා වර්ධනයෙන්  පහෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් රැකියා  බිහි කරනු ලබන්නේ කර්මාන්ත ක්ෂේත්‍ර 4 කින් බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ National Skills Commission හෙවත් ජාතික නිපුණතා කොමිෂන් සභාවේ නවතම වාර්තාවක් මේ බව අනාවරණය කර තිබේ.


Highlights

  • ජාතික නිපුණතා කොමිෂන් සභාවේ නවතම වාර්තාවට අනුව ඉදිරි වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම රැකියා ඇතිවන ක්ෂේත්‍ර 4 ක් හඳුනාගෙන තිබේ.
  • 2025 නොවැම්බර් වන තෙක් ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා වර්ධනයෙන් පහෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් රැකියා බිහි කරනු ලබන්නේ මෙම කර්මාන්ත ක්ෂේත්‍ර හතරෙනි.
  • Manufacturing සහ Information Media and Telecommunications ක්ෂේත්‍ර වල රැකියා ඉදිරි වසර 5 තුළ පහත වැටෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ඉදිරි වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම රැකියා ඇතිවන ක්ෂේත්‍ර 4

ඔස්ට්‍රේලියාවේ ජාතික නිපුණතා කොමිෂන් සභාවේ නවතම වාර්තාවට අනුව ඉදිරි වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම රැකියා ඇතිවන ක්ෂේත්‍ර 4 ක් හඳුනාගෙන තිබේ.

එම රැකියා ක්ෂේත්‍ර 4 පහත පරිදි වේ.

  1. Health Care and Social Assistance (සෞඛ්‍ය සේවා සහ සමාජ සේවා)
  2. Accommodation and Food Services (හෝටල් සහ ආහාර සේවා)
  3. Professional, Scientific and Technical Services (වෘත්තීය, විද්‍යාත්මක හා තාක්ෂණික සේවා)
  4. Education and Training (අධ්‍යාපන සහ පුහුණු)
2025 නොවැම්බර් වන තෙක් ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා වර්ධනයෙන් පහෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් එනම් 64.4% ක් රැකියා බිහි කරනු ලබන්නේ ඉහත කර්මාන්ත ක්ෂේත්‍ර 4 න් බව අදාළ වාර්තාව පෙන්වා දෙයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


ඉදිරි වසර 5 තුළ Health Care and Social Assistance ක්ෂේත්‍රයේ රැකියා 249,500 ක වර්ධනයක් ද Accommodation and Food Services ක්ෂේත්‍රයේ රැකියා 139,900 ක වර්ධනයක් ද සිදුවන බව ජාතික නිපුණතා කොමිෂන් සභාවේ නවතම වාර්තාව සඳහන් කරයි.

එමෙන්ම Professional, Scientific and Technical Services ක්ෂේත්‍රයේ රැකියා 131,100 ක වර්ධනයක් ද Education and Training ක්ෂේත්‍රයේ රැකියා 118,600 ක වර්ධනයක් ද ඔස්ට්‍රේලියාවේ ඉදිරි වසර 5 තුළ සිදුවන බව එම වාර්තාව පැහැදිලි කරයි.
The four most employed sectors in Australia over the next 5 years
Source: Pixabay/ geralt

ක්ෂේත්‍ර හතරේ වර්ධනයට හේතු

COVID-19 වසංගතයට සාර්ථකව මුහුණ දුන් ප්‍රධානතම රැකියා ක්ෂේත්‍රය මෙන්ම විශාල වශයෙන් රැකියා උත්පාදනය කරමින් සිටින රැකියා ක්ෂේත්‍රයක් ලෙස Health Care and Social Assistance ක්ෂේත්‍රය හඳුනාගෙන ඇත.

COVID-19 වසංගතය නිසා බලපෑමට ලක්ව තිබූ Accommodation and Food Services ක්ෂේත්‍රයේ රැකියා යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් එය COVID-19 වසංගතය ඇතිවීමට පෙර තිබූ තත්ත්වයට වඩා 16.8% කින් වර්ධනය වන බවටත් අපේක්ෂා කෙරේ.
ඔස්ට්‍රේලියාවේ Professional, Scientific and Technical Services ක්ෂේත්‍රයයේ රැකියා ද ඉදිරි වසර 5 තුළ 11% කින් වර්ධනය බව ජාතික නිපුණතා කොමිෂන් සභාවේ නවතම වාර්තාව පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඉහළ පුහුණුවක් ලැබූ ශ්‍රමිකයින් ගේ සේවාවන් සඳහා වන අඛණ්ඩ ඉල්ලුම මෙයින් පිළිබිඹු වේ.

Education and Training ක්ෂේත්‍රයයේ රැකියා ද ඉදිරි වසර 5 තුළ 10.8% කින් වර්ධනය බව එම වාර්තාව සඳහන් කරයි.

විශාල වශයෙන් පාසල් බිහි වීම මෙන්ම වැඩිහිටි හා ප්‍රජා අධ්‍යාපනය සඳහා වැඩි වන ඉල්ලුම මීට හේතුවී ඇත.
A third of Australian businesses experiencing challenges with finding staff
Source: AAP

ඉදිරි වසර 5 තුළ සේවා නියුක්තිය පහත වැටෙන රැකියා ක්ෂේත්‍ර

ඔස්ට්‍රේලියාවේ Manufacturing හෙවත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා ඉදිරි වසර 5 තුළ පහත වැටෙන බව ජාතික නිපුණතා කොමිෂන් සභාවේ නවතම වාර්තාව අනාවරණය කරයි.

ඉදිරි වසර 5 තුළ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා 5,900 කින් පමණ පහත බසිනු ඇතැයි ඔවුන් පුරෝකථනය කරයි.

Information Media and Telecommunications හෙවත් තොරතුරු මාධ්‍ය සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ද රැකියා ඉදිරි වසර 5 තුළ පහත වැටෙන බව අනාවරණය කර ඇත.

එය 7,500 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරයි.

Share
Published 25 March 2021 10:26am
By Madhura Seneviratne


Share this with family and friends