2021 මාර්තු 31 න් පසු ටස්මේනියා ප්‍රාන්තයේ 491 වීසා nomination සඳහා අයදුම්කරන්නන්ට අසුබ පුවතක් (SBS සිංහල/ වාර්තා)

මේ වන විට 190 සහ 491 වීසා වල මුළු කෝටාවෙන් 60% ක් පමණ නිකුත් කර ඇති බව ටස්මේනියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Australian visa application form - Getty

Empregadores ameaçaram estudantes de deportação depois que eles pediram por salários devidos Source: Getty Images

ටස්මේනියා ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහනට අදාළව නිකුත් කරන 190 වීසා සහ 491 වීසා කෝටාවේ නවතම තත්ත්වය පිළිබඳ ටස්මේනියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

2020/21 මුල්‍ය වර්ෂය උදෙසා ටස්මේනියා ප්‍රාන්තයේ 190 වීසා සහ 491 වීසා සඳහා වෙන් කළ කෝටාව මෙන්ම මේ වන විට එයින් ඉතිරිව ඇති ප්‍රතිශතය පිළිබදවද නවතම දත්ත එහි ඉදිරිපත් කර ඇත.


Highlights

  • මාර්තු 31 න් පසු යොමු කරන 491 වීසා nomination අයදුම්පත් සලකා නොබැලේ.
  • 2020-2021 මුල්‍ය වර්ෂය උදෙසා 491 වීසා සඳහා 400 කට වඩා අඩු කෝටාවක් ඉතිරිව ඇත.
  • ටස්මේනියා ප්‍රාන්තයේ 190 වීසා සඳහා මේ තත්ත්වය බල නොපාන බවද වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ Skilled nominated visa

2020/21 මුල්‍ය වර්ෂය උදෙසා 190 වීසා සඳහා ටස්මේනියා ප්‍රාන්තයට 1,500 ක කෝටාවක් වෙන්කොට තිබේ.

එමෙන්ම 2020/21 මුල්‍ය වර්ෂය උදෙසා 491 වීසා සඳහා ටස්මේනියා ප්‍රාන්තයට 1,400 ක කෝටාවක් වෙන්කොට ඇත.

මේ වන විට එම වීසා වල මුළු කෝටාවෙන් 60% ක් පමණ නිකුත් කර ඇති බව ටස්මේනියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
190 වීසා උප ඛාණ්ඩය යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරදෙන වීසා උප ඛාණ්ඩයකි.

491 වීසා උප ඛාණ්ඩය යනු පූර්ණ කාලීනව රැකියා කිරීමට අවසර ඇති වසර 5 ක වීසා එකක් වන අතර ඒ හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරගත හැකිය.

491 වීසා උප ඛාණ්ඩය පිළිබඳ 
Image representational
Image representational Source: Getty Images

මාර්තු 31 න් පසු යොමු කරන 491 වීසා nomination අයදුම්පත් සලකා නොබැලේ

2020/21 මුල්‍ය වර්ෂය සඳහා වූ 491 වීසා වලට හිමි කෝටාවෙන් මේ වන විට 75% ක් පමණ අවසන් වී තිබේ.

එනිසාම මාර්තු 31 න් පසු යොමු කරන 491 වීසා nomination අයදුම්පත් සලකා නොබැලීමට වැඩි ඉඩක් ඇති බව ටස්මේනියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පවසයි.

ටස්මේනියාවේ 2020-2021 මුල්‍ය වර්ෂය උදෙසා 491 වීසා සඳහා 400 කට වඩා අඩු කෝටාවක් ඉතිරිව ඇති බවත් 491 වීසා nomination සඳහා යොමු කළ අයදුම්පත් විශාල සංඛ්‍යාවක් තවමත් සලකා බැලීමට ගෙන නොමැති බවත් එම වෙබ් අඩවිය වාර්තා කරයි.
2021 මාර්තු 20 ට පෙර යොමු කරන ලද අයදුම්පත් සලකා බලන බවද ටස්මේනියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

2021 මාර්තු 20 ත් 31 ත් අතර කාලයේ යොමු කරන ලද අයදුම්පත් සලකා බැලීමට උපරිම උත්සහයක් ගන්නා නමුත් එය එම කාලය තුළ යොමු කර ඇති අයදුම්පත් ප්‍රමාණය මත තීරණය වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


මුල්‍ය වර්ෂය අවසන් වන තෙක්ම ප්‍රමුඛතා අයදුම්කරුවන්ව සලකා බැලේ

මාර්තු 31 න් පසු යොමු කරන 491 වීසා nomination අයදුම්පත් සලකා බැලීමේ අවම සම්භාවිතාවක් තිබුණද නම් කර ඇති ප්‍රමුඛතා ඛාණ්ඩ 3 ට ඇතුළත් වන්නේ නම් එම අයදුම්පත් සලකා බැලීමේ සම්භාවිතාවක් පවතියි.

ඒ අනුව 2020/21 මුල්‍ය වර්ෂය අවසන් වන තෙක්ම ප්‍රමුඛතා අයදුම්කරුවන්ව සලකා බලන බව ටස්මේනියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය පවසයි.
ප්‍රමුඛතා ඛාණ්ඩ 3

  1. Health, allied health, technology, infrastructure, engineering, technology යන ක්ෂේත්‍ර වලට සම්බන්ධ තීරණාත්මක වෘත්තීන් වල නියැලෙන ඊට අදාළ වලංගු skills assessment එකක් හිමි අයදුම්කරුවන්
  2. වලංගු skills assessment එකක් හිමි TSOL හි වෘත්තියක නියැලෙන අයදුම්කරුවන්
  3. වලංගු skills assessment එකක් හිමි හෝ ටස්මේනියාවේ ව්‍යාපාරයක් හිමි නමුත් ANZSCO 1-3 ආශ්‍රිත වෙනත් පුහුණු වෘත්තියක නියැලෙන අයදුම්කරුවන්
නුදුරේදී දැනට පවතින ඔස්ට්‍රේලියානු වීසා අවසන් වීමට නියමිත අයදුම්කරුවන් ගේ අයදුම්පත් සඳහා ප්‍රමුඛතාවක් ලබා නොදෙන බවත් ඒ වෙනුවට ඔවුන් වෙනත් විකල්ප සොයාගත යුතු බවත් ටස්මේනියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය පවසයි.

කෙසේවෙතත්, ටස්මේනියා ප්‍රාන්තයේ 190 වීසා සඳහා මේ තත්ත්වය බල නොපාන බවද වාර්තා වේ.

Share
Published 22 March 2021 7:05pm
By Madhura Seneviratne

Share this with family and friends