මේ වන විට ඔස්ට්‍රේලියාවට වඩාත්ම අවශ්‍ය රැකියා 20 මෙන්න (SBS සිංහල/ වීඩියෝ)

මේ වන විට ඔස්ට්‍රේලියාවට වඩාත්ම අවශ්‍ය රැකියා 20 පිළිබඳ තොරතුරු SBS සිංහල ගුවන් විදුලිය ගෙන එයි.

Australia’s top 20 most-needed workers

Source: Pixabay

කොරෝනා වසංගතයෙන් කඩා වැටුණු ඔස්ට්‍රේලියානු ආර්ථිකය යළි ගොඩගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට විවිධ වැඩපිළවෙල රැසක් ක්‍රියාත්මක කරමින් සිටී.

එම ක්‍රියාවලි වලට අදාළව ඔස්ට්‍රේලියානු රැකියා ක්ෂේත්‍රයද විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් පවතී.

ඔස්ට්‍රේලියාවේ රැකියා පිළිබඳ සමීක්ෂණය කරන ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Seek වෙබ් අඩවියේ නවතම සමීක්ෂණයකට අනුව මේ වන විට ඔස්ට්‍රේලියාවට වඩාත්ම අවශ්‍ය රැකියා 20 හඳුනාගෙන තිබේ.

එම රැකියා 20 පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

01. සියලුම හෙද වෘත්තීන්

කොරෝනා වසංගතය පැමිණීමත් සමග සෞඛ්‍ය අංශයේ රැකියා සඳහා වැඩි අවධානයක් යොමුවූ අතර එහිදී සියලුම  ආකාරයේ හෙද වෘත්තීන් සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් මේ වන විට හටගෙන තිබෙනවා.

02. Warehousing, Storage & Distribution

කොරෝනා වසංගතයත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු සියලු පාරිභෝගික භාණ්ඩ ගබඩා කිරීම සහ බෙදාහැරීම තීරණාත්මක රාජකාරී බවට පත් වුණා.

එහිදී Warehousing, Storage සහ Distribution යන අංශ වල රැකියා සඳහා ද ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී තිබෙනවා.

03. Aged & Disability Support

Aged Care සහ Disability Care යනු ඔස්ට්‍රේලියාවේ සෑම කාලයකදීම ඉහළ ඉල්ලුමක් පවතින රැකියා ක්ෂේත්‍ර දෙකක්.

කොරෝනා වසංගතය පැමිණීමත් සමග මෙම ක්ෂේත්‍ර වල සැලකිය යුතු පුරප්පාඩු හටගෙන තිබෙනවා.

04. Automotive ක්ෂේත්‍රය

ඔස්ට්‍රේලියාවේ සෑම කල්හිම ඉහළ ඉල්ලුමක් පවතින තවත් රැකියා ක්ෂේත්‍රයක් ලෙස Automotive අංශය හැඳින්වීමට පුළුවන්.

කොරෝනා වසංගතය පැමිණීමත් සමග බොහෝ ඔස්ට්‍රේලියනුවන් පොදු ප්‍රවාහන සේවා වලින් බැහැරවී තම පුද්ගලික වාහන වලින් ගමන් කිරීමට යොමුවීමත් මෙම ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවීමට එක් හේතුවක් විය හැකියි.

05. Administrative Assistants

පරිපාලන සහයකයින් ද මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ඉහළ ඉල්ලුමක් පවතින රැකියාවක් බව සඳහන්.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)

 


06. Sales Representatives / Consultants

අලෙවි නියෝජිතයින් හා උපදේශකයින් ටත් මේ කාලයේ ඔස්ට්‍රේලියාවේ වැඩි ඉල්ලුමක් පවතිනවා.

07. Physiotherapy, Occupational Therapy & Rehabilitation

භෞත චිකිත්සාව සහ පුනරුත්ථාපනය යන අංශ වල රැකියා සඳහා ද ඔස්ට්‍රේලියාවේ මේ වන විට වැඩි ඉල්ලුමක් පවතිනවා.

බොහෝ දෙනෙකුගේ අවධානය යොමු නොවන ක්ෂේත්‍ර ලෙස මේවා පත්ව තිබීම ඊට එක් හේතුවක්.

08. Childcare & Outside School Hours Care

ඔස්ට්‍රේලියාවේ සෑම කාලයකදීම ඉහළ ඉල්ලුමක් පවතින රැකියා ක්ෂේත්‍රයක් ලෙස Childcare ක්ෂේත්‍රය හැඳින්විය හැකියි.

දෙමාපියන් දෙදෙනාම රැකියා කිරීමට සිදුවීම නිසා Childcare වල මෙන්ම පාසල් වේලාවෙන් පිටත වේලාවල ළමුන් රැකබලාගන්නා මධ්‍යස්ථාන වලද සැලකිය යුතු පුරප්පාඩු ඇතිවී තිබෙනවා.

09. Chefs / Cooks

ඔස්ට්‍රේලියාව යනු විවිධ ආහාර පාන අත්දැකීමට හැකි ලොව පිහිටි ප්‍රධාන රටකි.

නිවසින් බැහැරව ආහාර පාන ගැනීමට වැඩි වශයෙන් ඔස්ට්‍රේලියනුවන් පෙළඹී සිටීම නිසා ක්‍රියාත්මක වන අවන්හල් ප්‍රමාණය ද සැලකිය යුතු ලෙස ඉතා ඉහළයි.

එනිසාම සූපවේදීන් සඳහා ඔස්ට්‍රේලියාවේ ඉහළ ඉල්ලුමක් පවතිනවා.

10. Retail Assistants

කොරෝනා සමයේ lockdown කිරීම් වලට ලක්වීමත් සමග සිල්ලර ව්‍යාපාර වසා දැමීමට සිදුවුණා.

ඒ අනුව ඒවායේ බොහෝ සේවකයින් වෙනත් රැකියා සොයා යාම හේතුවෙන් සිල්ලර වෙළෙඳ සහායකයින් සඳහා මේ වන විට ඔස්ට්‍රේලියාවේ ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී තිබෙනවා.


මීට අමතරව IT ක්ෂේත්‍රයේ මෘදුකාංග ඉංජිනේරුවන්, Mining ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් සහ නඩත්තුකරන්නන්, කම්කරුවන්, මහා මාර්ග සහ ප්‍රවාහනය හා සම්බන්ධ රැකියා, මනෝ විද්‍යා හා මනෝ උපදේශකවරුන්,  Social Worker, දන්ත වෛද්‍යවරුන්, ළමා සුභසාධන, තරුණ හා පවුල් සේවා නිලධාරීන්, යන්ත්‍රෝපකරණ ක්‍රියාකරුවන්, Business / Systems Analysts යන රැකියා සඳහා ද ඔස්ට්‍රේලියාවේ මේ වන විට ඉහළ ඉල්ලුමක් පවතිනවා.

Share
Published 18 March 2021 3:38pm
By Madhura Seneviratne

Share this with family and friends