ගෘහස්ථ හිංසනයේ වින්දිතයින්ට ආර්ථික සහන ලබාදීමට යෝජනා කළ ආන්දෝලනාත්මක ප්‍රතිපත්තියක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉවත දමයි (SBS සිංහල/ වාර්තා)

සානුකම්පිත හේතු මත ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හිංසනයට ගොදුරුවන කාන්තාවන්ට තම superannuation ගිණුමෙන් $10,000 ක් දක්වා වූ මුදලක් කලින් ලබාගැනීමට අවසර ලබා දීම මෙම යෝජිත ප්‍රතිපත්තියේ සඳහන් විය.

The Australian Government dumps controversial domestic violence superannuation policy

Source: Getty Images/Kittisak Jirasittichai/EyeEm

කාන්තාව සහ ඔවුන් මුහුණ දෙන සමාජ අක්‍රමිකතා යනු මේ දිනවල ඔස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේත්‍රයේ ඉතා ඉහළින්ම සාකච්ඡා වන මාතෘකාවකි.

කාන්තාවට අදාළ වන තවත් ආන්දෝලනාත්මක සැලැස්මක් ඊයේ (22/03) දිනයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉවත දමන ලදී.


Highlights

  • ගෘහස්ථ හිංසනයට ගොදුරුවන කාන්තාවන්ට superannuation ගිණුමෙන් කලින් මුදල් ලබා ගැනීමට අවසර දෙන යෝජනාවක් ඉවත දමා තිබේ.
  • මෙය 2018 වසරේදී ඉදිරිපත් කරන ලද්දකි.
  • මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් අපයෝජකයින්ට ඔවුන්ගේ වින්දිතයින්ගෙන් කප්පම් ලබා ගත හැකි බව Domestic Violence NSW සංවිධානය පවසා ඇත.

ගෘහස්ථ හිංසනයට ගොදුරුවන කාන්තාවන්ට superannuation මුදල්

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හිංසනයට ගොදුරුවන කාන්තාවන්ට තම superannuation ගිණුමේ මුදල් කලින් ලබා ගැනීමට අවසර දෙන ආන්දෝලනාත්මක සැලැස්මක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සානුකම්පිත හේතු මත ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හිංසනයට ගොදුරුවන කාන්තාවන්ට තම superannuation ගිණුමෙන් $10,000 ක් දක්වා වූ මුදලක් කලින් ලබාගැනීමට අවසර ලබා දීම මෙම යෝජිත ප්‍රතිපත්තියේ සඳහන් විය.

මෙම සැලැස්ම පිළිබඳ විවිධ ගැටලු ඇතිවූ නිසා මෙය ඉවත දැමීමට සිදුවූ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනී Marise Payne ඊයේ (22/03) පස්වරුවේ ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී පැවසුවාය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

"ගෘහස්ථ හා පවුල් හිංසනය පිළිබඳ විශේෂඥයින්, superannuation අරමුදල්, විවිධ සංවිධාන හා නීති කණ්ඩායම් ඇතුළු පාර්ශවකරුවන්ගෙන් ලැබී ඇති ප්‍රතිචාර අපි සලකා බලමින් සිටිනවා. ඇතැම් පාර්ශවකරුවන්ගෙන් මෙම සැලසුම සඳහා සහය ලැබුණු නමුත් අපරාධකරුවන් හා සසඳන විට මෙම පියවර වින්දිතයින්ට සහ ගෘහස්ථ හිංසනයෙන් දිවි ගලවා ගත් අයට අසාමාන්‍ය ලෙස බලපානු ඇතැයි අනෙකුත් පාර්ශව පවසා සිටියා." යනුවෙන් කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනී Marise Payne පැහැදිලි කළාය.

ගෘහස්ථ හිංසනයන්ට ගොදුරු වූවන් ආර්ථික පීඩාවට පත්වීමෙන් ආරක්ෂා කර ගැනීම ඉතා දුෂ්කර බව ද ඇය පෙන්වා දුන්නාය.
Foreign Minister and Minister for Women Marise Payne.
كلف رئيس الوزراء سكوت موريسون وزيرة خارجيته ماريز باين بقيادة اللجنة المعنية بالمرأة في مجلس الوزراء. Source: AAP

යෝජිත ප්‍රතිපත්තිය සම්බන්ධ ගැටලු

ඉහත ප්‍රතිපත්තිය වසර 2018 දී යෝජනා කරන ලද එකකි.

ඒ අනුව වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඊයේ මේ සම්බන්ධයෙන් ගත් තීරණය ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂාවකින් අනතුරුව ගත් එකක් බව සඳහන්.

ගෘහස්ථ හිංසනයේ වින්දිතයින් හට තම superannuation ගිණුමෙන් කලින් මුදල් ලබාගැනීමට වූ යෝජනාව නිශ්චිත නොවූ නිසාවෙන් අදාළ පාර්ශවකරුවන්ට ඒ පිළිබඳ ගැටලු මතුවන්නට ඇතැයි කම්කරු පක්ෂයේ ඉදිරිපෙළ මන්ත්‍රිනී Jenny McAllister පැවසුවාය.
මේ හරහා ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ විශ්‍රාමික ඉතුරුම් මුදල් කොල්ලකෑමට මෙම පියවර ඉවහල් වනු ඇති බවට ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය අනතුරු අඟවා තිබේ.

එමෙන්ම ඉහත යෝජනාව ක්‍රියාත්මක වුවහොත් අපයෝජකයින්ට ඔවුන්ගේ වින්දිතයින්ගෙන් කප්පම් ලබා ගත හැකි බව Domestic Violence NSW සංවිධානය පවසා ඇත.

මේ තත්ත්වය අවබෝධකරගැනීමට වසර තුනක් ගතවීමට හේතුව රජය පැහැදිලි කළ යුතු බව කම්කරු පක්ෂයේ ඉදිරිපෙළ මන්ත්‍රිනී Jenny McAllister වැඩි දුරටත් පැවසුවාය.

Share
Published 23 March 2021 12:45pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends