ලංකාවේ සිට නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණි දෙවැනි යාත්‍රාවත් අත්අඩංගුවට, සියල්ලෝම කොළඹට බාරදෙයි (SBS සිංහල/ වාර්තා)

ශ්‍රී ලංකාවේ සිට පැමිණි මෙම යාත්‍රාවේ එන්ජිම ක්‍රියා විරහිත වී ඇති අතර එහි වයස අවුරුදු 20 ත් 30 ත් අතර පිරිමින් 15 දෙනෙකු සිට ඇත.

The latest asylum seeker boat to be intercepted by border forces was reportedly carrying 15 men from Sri Lanka.

The latest asylum seeker boat to be intercepted by border forces was reportedly carrying 15 men from Sri Lanka. Source: AAP / ROSSBACH

ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධී අයුරින් ඔස්ට්‍රේලියාවට මිනිසුන් ප්‍රවාහනය කිරීමට තැත් කළ දෙවැනි යාත්‍රාව ද ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හසු කරගැනීම ඊයේ (ජුනි 09) සිදු විය.


Highlights

  • මාසයක් තුළ ඔස්ට්‍රේලියානු මුහුදේදී දෙවැනි නීති විරෝධී යාත්‍රාව හසු කරගනු ලැබීමට ඊයේ (ජුනි 09) ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය සමත්වී තිබේ.
  • ශ්‍රී ලංකාවේ සිට පැමිණි එම යාත්‍රාවේ එන්ජිම ක්‍රියා විරහිත වී ඇති අතර එහි වයස අවුරුදු 20 ත් 30 ත් අතර පිරිමින් 15 දෙනෙකු සිට ඇත.
  • ශ්‍රී ලංකාවෙන් මිනිසුන් රැගෙන නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණි පළමු යාත්‍රාව මැයි 21 වන දින පැමිණියේය.

නීති විරෝධී යාත්‍රා ආපසු හරවා යැවීමේ වෙනසක් නොමැත

නීති විරෝධී යාත්‍රා ආපසු හරවා යැවීමේ කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නොවන බව කම්කරු පක්ෂ මන්ත්‍රී Tony Burke පැවසීය.

මාසයක් තුළ ඔස්ට්‍රේලියානු මුහුදේදී දෙවැනි නීති විරෝධී යාත්‍රාව හසු කරගනු ලැබීමට ඊයේ (ජුනි 09) ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය සමත්වී තිබේ.

එය ඊයේ දිනයේදී (ජුනි 09) Christmas දූපත අසළදී සිදුවිය.
ශ්‍රී ලංකාවෙන් මිනිසුන් රැගෙන නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණි පළමු යාත්‍රාව මැයි 21 වන දින පැමිණියේය.

පසුගිය ලිබරල් සන්ධාන රජය විසින් ලබා දුන් එක් හොඳ දෙයක් නම් මෙම යාත්‍රා ගැටලුව හසුරුවන්නේ කෙසේද යන්න බව කම්කරු අගමැති Rudd රජය සමයේ සංක්‍රමණ අමාත්‍යවරයා ලෙස කෙටි කලක් සේවය කළ මන්ත්‍රී Tony Burke පැවසීය.

“ඔස්ට්‍රේලියාවට යාත්‍රාවලින් එන්න හදන අයව හරවා ආපසු යවනවා,” ඔහු අද (ජුනි 10) Nine මාධ්‍ය ජාලයට පැවසීය.
Employment Minister Tony Burke says the government "won't rule anything out" to resolve the country's current gas crisis.
Employment Minister Tony Burke Source: AAP / Lukas Coch

නීති විරෝධීව පැමිණි දෙවැනි යාත්‍රාව

The Australian පුවත්පතට අනුව ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණි නවතම යාත්‍රාවේ එන්ජිම ක්‍රියා විරහිත වී ඇති අතර එහි වයස අවුරුදු 20 ත් 30 ත් අතර පිරිමින් 15 දෙනෙකු සිට ඇත.

ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය විසින් ඔවුන්ව අල්ලා ගැනීමෙන් පසු, එම කණ්ඩායම ඊයේ (ජුනි 09) අලුයම Christmas දූපතට ගෙනැවිත් රජය විසින් පිළියෙළ කළ විශේෂ ගුවන් යානයකින් කොළඹට පිටුවහල් කර ඇති බව වාර්තා වේ.

ඔවුන් සමග ඔස්ට්‍රේලියානු නිලධාරීන් සහ කොන්ත්‍රාත්කරුවන් 30 ක් පමණ ගිය බව සඳහන්.

ඔවුන් කොළඹට පැමිණීමෙන් පසු ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන්ට භාර දී ඇති අතර පසුව ඔවුන්ව ශ්‍රී ලංකාවේ ආගමන නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කර ඇති බව The Australian පුවත්පත වාර්තා කරයි.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් සිටින්නේ දශක ගණනාවකට පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයට ය.

රට හැර යාමට උත්සාහ කරන බොහෝ දෙනා හිටපු සංක්‍රමණික කම්කරුවන් වන අතර, ඔවුන්ගෙන් බොහොමයක් කොළඹට උතුරින් පිහිටි ප්‍රදේශවල වාසය කළ සිංහල පිරිස් බව විශ්‍රාමික ශ්‍රී ලංකා රියර් අද්මිරාල් එන්. ආටිගල පැවසුවේය.

ඔවුන්ගෙන් සමහරක් ඉතාලියේ සිට ආපසු පැමිණි නමුත් ඔවුන්ගේ රැකියා තවදුරටත් නොමැති නිසා ඔවුන් ඔස්ට්‍රේලියාවට යාමට උත්සාහ කරන බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දැනට ඇති අර්බුදකාරී තත්ත්වය නිසා නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට ගියත් ඔවුන් කෙරෙහි ලිහිල් භාවයක් තිබිය හැකි යයි මිනිස් ජාවාරම්කරුවන් අදාළ පුද්ගලයින්ට පවසන බව ආටිගල මහතා The Australian පුවත්පතට පවසා ඇත.

නීති විරෝධී සංක්‍රමණිකයින් ආපසු හරවා යැවීම

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී යාත්‍රා ආපසු හරවා යැවීම අදට පෙර අවසන් වරට වාර්තා වූයේ 2020 ජනවාරි මාසයේදීය.

මොරිසන් රජය නීති විරෝධී යාත්‍රා ආපසු හරවා යැවීමේ ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ අතර ඔවුන් ලිබරල් පක්ෂ අගමැති John Howard ගේ සමයේ හඳුන්වා දුන් Temporary protection වීසා ක්‍රමය ක්‍රියාත්මක කිරීම නොකඩවා සිදු කළේය.

Temporary protection වීසා එවකට Howard රජය විසින් 1999 ඔක්තෝබර් මාසයේදී හඳුන්වා දුන් නමුත් එය 2008 අගෝස්තු මාසයේදී කම්කරු පක්ෂ අගමැති Kevin Rudd ප්‍රමුඛ රජය අහෝසි කළේය.
නමුත් 2013 ඔක්තෝබර් මාසයේදී යළි තේරී පත්වූ Tony Abbott ගේ ලිබරල් සන්ධාන රජය Temporary protection වීසා ක්‍රමය යළි හඳුන්වා දුන්නේය.

වීසා නොමැතිව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින් සඳහා Temporary protection වීසා නිකුත් කරනු ලබන අතර එය වසර තුනක් දක්වා බල පැවැත්වේ.

මෙම වීසා බලපත්‍ර දරන්නන්ට පූර්ණ කාලීනව රැකියා කිරීමට සහ Medicare වෙත ප්‍රවේශ වීමට අවසර ඇත.

කෙසේනමුත් මේ වන විට ක්‍රියාත්මක කෙරෙන Temporary protection වීසා අහෝසි කරන බව කම්කරු පක්ෂය මැතිවරණයට පෙර සිටම පොරොන්දුවක් ලබා දුන්නේය.



Share
Published 10 June 2022 2:29pm
Updated 10 June 2022 2:33pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends