ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කිරීමට එරෙහිවූ නඩු තීන්දුව ගැන විපක්ෂ නායකගෙන් බරපතල අනතුරු ඇඟවීමක් (SBS සිංහල/ වාර්තා)

මෙම තීන්දුවෙන් පසු ත්‍රස්ත විරෝධී නීති සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුව ආරම්භ කරන දිනය ඉදිරියට ගෙන එන ලෙස විපක්ෂ නායක Peter Dutton කම්කරු රජයෙන් ඉල්ලා තිබේ.

Opposition leader Peter Dutton

Opposition leader Peter Dutton Source: AAP Image/ Darren Pateman

ඔස්ට්‍රේලියාවෙන් පිටතදී ද්විත්ව පුරවැසියෙකු ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබුවහොත්, එම පුද්ගලයාගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමට මධ්‍යම රජයට නොහැකි බව මහාධිකරණය ඊයේ (ජුනි 08) තීන්දුවක් ලබා දුන්නේය.

එය මේ වන විට ඔස්ට්‍රේලියානු දේශපාලනය තුළ ආන්දෝලනාත්මක කතා බහකට මුල පුරා තිබේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවෙන් පිටතදී ද්විත්ව පුරවැසියෙකු ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබුවහොත්, එම පුද්ගලයාගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමට මධ්‍යම රජයට නොහැකි බව මහාධිකරණය තීන්දු කළේය.
  • ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධ බවට චෝදනා ලැබූ වයස අවුරුදු 35 ක් වන තුර්කි-ඔස්ට්‍රේලියානු ජාතික Delil Alexander විසින් මෙම නඩුව ඉදිරිපත් කරන ලදී.
  • මෙම තීන්දුවෙන් පසු ත්‍රස්ත විරෝධී නීති සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුව ආරම්භ කරන දිනය ඉදිරියට ගෙන එන ලෙස විපක්ෂ නායක Peter Dutton කම්කරු රජයෙන් ඉල්ලා තිබේ.

මහාධිකරණ තීන්දුව

2007 ඔස්ට්‍රේලියානු පුරවැසි පනතේ 36B වගන්තිය යටතේ සාපරාධී වරදට දඬුවම් කිරීමේ අධිකරණමය කාර්යයට මැදිහත් වෙමින් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ද්විත්ව පුරවැසියන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීම නීති විරෝධී බව මහාධිකරණය ඊයේ (ජුනි 08) තීන්දු කළේය.

එය වයස අවුරුදු 14 සිට 18 දක්වා ළමුන් සඳහා ද අදාළ වේ.

ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් සිරියාවේ සිරගත කර සිටින තුර්කි-ඔස්ට්‍රේලියානු ජාතික Delil Alexander ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමට එවකට මොරිසන් රජයේ ස්වදේශ කටයුතු ඇමතිවරිය විසින් 2021 ජූලි මාසයේදී ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බව මහාධිකරණය ප්‍රකාශ කළේය.
2007 ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පනතේ 36B වගන්තිය යටතේ පුද්ගලයෙකුගේ පුරවැසිභාවය අවලංගු කිරීමට ඇති අමාත්‍ය බලතල මෙම තීන්දුව මගින් අවලංගු කරයි. එය වයස අවුරුදු 14 සිට 18 දක්වා ළමුන් සඳහාද අදාළ වේ.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමෙන් පසු සිය පවුල හා සම්බන්ධ වීමට අවස්ථාවක් නොමැතිව සිරියානු ආරක්ෂක අත්අඩංගුවේ පසුවන Delil Alexander, ඔහුගේ සහෝදරිය මාර්ගයෙන් මෙම නඩුව මහාධිකරණයට ඉදිරිපත් කළේය.

ඔහුගේ නීතිඥයින් කොන්සියුලර් සහාය ඉල්ලා කම්කරු රජයට මේ වන විට ලිඛිතව දන්වා ඇත.

විපක්ෂ නායක Peter Dutton දඩි ස්ථාවරයක

ඊයේ ලබාදුන් මහාධිකරණ තීන්දුවෙන් පසු ත්‍රස්ත විරෝධී නීති සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුව ආරම්භ කරන දිනය ඉදිරියට ගෙන එන ලෙස විපක්ෂ නායක Peter Dutton කම්කරු රජයෙන් ඉල්ලා තිබේ.

වසර 2018 දී, එවකට විපක්ෂය ලෙස සිටි කම්කරු පක්ෂය මෙය පාර්ලිමේන්තුව තුළ සම්මත කරන විට නීතිමය ලෙස ප්‍රශ්න කළේ ඒවා ව්‍යවස්ථානුකූලව වලංගු නොවන බව පවසමිනි.

එයට නීතිමය සහ මානව හිමිකම් කණ්ඩායම්වල සහායද හිමිවුණි.
මේ අතර නව කම්කරු රජය මේ සම්බන්ධව ඉක්මනින් නීති උපදෙස් ලබාගෙන ව්‍යවස්ථාදායක ප්‍රතිචාරයක් සකස් කළ යුතු බව විපක්ෂ නායක Dutton පැවසීය.

"ඔවුන් නීති සම්පාදනය මගින් ඔවුන්ට ලබා ගත හැකි දේ අපට පැවසිය යුතු අතර හැකි උපරිමයෙන් එය දැඩි කළ යුතුයි, මන්ද, එසේ නොවුවහොත්, දරුණු ප්‍රතිවිපාක ඇති විය හැකියි, මට දැකීමට අවශ්‍ය අවසාන දෙය එයයි," විපක්ෂ නායකවරයා සිඩ්නිට අද දිනයේදී (ජුනි 09) Sydney ගුවන් විදුලි නාලිකාවක් වන 2GB වෙත පැවසීය.

ඕනෑම සංශෝධන සම්මත කිරීම සඳහා ලිබරල් සන්ධාන මන්ත්‍රීවරුන් 47 වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක දිනය වන ජූලි 26 ට පෙර කැන්බරා වෙත පැමිණීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසීය.

“පාර්ලිමේන්තුව ලබන සතියේ හෝ ඊට පසු සතියේ නැවත ආරම්භ කිරීමට අවශ්‍ය නම්, අපි එයට කැමති අතර මේ සඳහා හදිසි අවශ්‍යතාවයක් ඇති බැවින් අපි එයට සහාය දෙනවා” යනුවෙන්ද විපක්ෂ නායක Peter Dutton පැවසීය.

මෙවැනි පුද්ගලයින්ට අවස්ථාව ලබා දීමෙන් විශාල හානියක් කරනු ඇතැයි ඔහු සඳහන් කළේය.
Australian Opposition Leader Peter Dutton announced his shadow cabinet on Sunday, 5 June.
Australian Opposition Leader Peter Dutton Source: AAP / RUSSELL FREEMAN

තීන්දුවෙන් ඔස්ට්‍රේලියාවට තර්ජනයක් නැතිබව නීතිපති කියයි

තමා සහ වත්මන් ස්වදේශ කටයුතු ඇමතිනි Clare O'Neil මෙම අධිකරණ තීන්දුව සහ එය ස්ථාපනය කිරීම පිළිබඳ විස්තරාත්මකව විමසා බලන බව නීතිපති Mark Dreyfus පැවසීය.

එහෙත් මෙම තීන්දුව හේතුවෙන් ඔස්ට්‍රේලියාවට කිසිදු තර්ජනයක් නොමැති බව ඔහු සඳහන් කළේය.

"ඔස්ට්‍රේලියානු රජයට ඔස්ට්‍රේලියානුවන් හට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට එල්ල වන අවදානම කළමනාකරණය කිරීමට ක්‍රියාමාර්ග රාශියක් තිබෙනවා, තාවකාලික බැහැර කිරීමේ නියෝගයක් ලබාගෙන එවැනි පුද්ගලයෙකුට වසර දෙකක් දක්වා ඔස්ට්‍රේලියාවට පැමිණීම තහනම් කළ හැකියි" යනුවෙන්ද නීතිපතිවරයා පැවසීය.
News
Attorney-General Mark Dreyfus. Source: Getty

සිරියාවේ සිරවී සිටින ඔස්ට්‍රේලියානු දරුවන්ට බලාපොරොත්තුවක්

ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත මර්දන නීති යටතේ චෝදනා ලැබ සිටින බවට සැක කෙරෙන විදේශීය සටන්කාමීන්ගේ යැපෙන දරුවන්ගේ අයිතිවාසිකම් වඩාත් හොඳින් ආරක්ෂා කිරීමට මෙම මහාධිකරණ තීන්දුව උපකාර වනු ඇති බව නීතීඥයෝ පවසති.

ඊසානදිග සිරියාවේ Al Hol සහ Al Roj කඳවුරුවල අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ළමුන් 47ක් රැඳී සිටිති.

එම දරුවන්ගෙන් තිදෙනෙක් සිඩ්නි නුවර වෙසෙන Kamalle Dabboussy ගේ මුණුබුරන්ය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

 

 

වසර ගණනාවක් පුරාවට විදේශික සටන්කාමීන් යැයි සැක කරන අයගේ පවුල් තමන් නොකළ ක්‍රියාවන් නිසා දුක් විඳිමින් සිටින බව ඔහු පැවසීය.

"එම දුක සහ පීඩනය විස්තර කරන්න අමාරුයි, ඔස්ට්‍රේලියානු රජයෙන් නොලැබුණු සහය අපේක්ෂාවෙන් ඔවුන් මෙතරම් කාලයක් එහි සිටියා. ඔවුන් සිටින්නේ පෘථිවියේ අපායක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විස්තර කරන ලද තත්වයකයි." යනුවෙන් Dabboussy පැවසීය.
Kamalle Dabboussy with his daughter, Mariam Dabboussy, and grandchildren in Al-Hol camp in Syria in 2019
Kamalle Dabboussy with his daughter, Mariam Dabboussy, and grandchildren in Al-Hol camp in Syria in 2019 Source: Kamalle Dabboussy

Alexander ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය යළි ස්ථාපිත කිරීමට විනිසුරුවන් නියෝග කරයි

ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයට (ASIO) අනුව, 35 හැවිරිදි Alexander විසින් 2013 දී තුර්කියට ගොස් තම බිරිඳ සමඟ විවාහ වී සිරියාවට ගොස් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධ බවට චෝදනා ලබා තිබේ.

2017 වසරේදී Alexander කුර්දි සටන්කාමීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් සිරියානු අධිකරණයක් විසින් ඔහුට වසර 15ක සිර දඬුවමක් නියම කරන ලදී. පසුව සිරදඬුවම වසර පහ දක්වා අඩු කරන ලදී.

සිරියානු නිලධාරීන් තම සහෝදරයා බන්ධනාගාරයට ඇතුළත් කිරීමට පෙර වධහිංසා පමුණුවා ඇති බව පවසමින් Alexander වෙනුවෙන් ඔහුගේ සොහොයුරිය Berivan මේ සම්බන්ධ නීතිමය පියවර ගත්තාය.

පසුගිය වසරේ ජූනි මාසයේදී ඔහුට සමාව ලැබුණු නමුත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අවලංගු කිරීම නිර්දේශ නොකළ ASIO හි රහසිගත උපදෙස් නොතකා එවකට ස්වදේශ කටයුතු ඇමති Karen Andrews ඔහුගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අවලංගු කළාය.
Delil Alexander සිරියානු බුද්ධි අංශ අත්අඩංගුවේ සිටින බවට විශ්වාස කෙරෙන බැවින් 2021 වසරේ සිට ඔහුගේ පවුලේ අයට හෝ නීති කණ්ඩායමට හෝ ඔහුව සොයා ගැනීමට නොහැකි විය.

Alexander ට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යවරයාට කිසිදු නිර්දේශයක් කිරීමට ASIO ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවට රජයේ නීතීඥයෝ තර්ක කළහ.

මෙය ඔස්ට්‍රේලියානු නීති විග්‍රහ කළ ආකාරයෙන් මෙය ඓතිහාසික අවස්ථාවක් බව ඔස්ට්‍රේලියානු අපරාධ සහ පවුල් නීතීඥයින් වෙතින් Alexander ගේ සොලිසිටර් Osman Samin පැවසුවේය.

Delil Alexander හට ඔහුගේ තුර්කි පුරවැසිභාවය තවමත් ඇති අතර ඔහුගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය යළි ස්ථාපිත කෙරෙන බව වාර්තා වේ.



Share
Published 9 June 2022 1:43pm
Updated 9 June 2022 1:47pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends