ඔස්ට්‍රේලියානු නව රජය යටතේ ආපසු හරවා යැවූ පළමු නීති විරෝධී යාත්‍රාව ශ්‍රී ලංකාවට (SBS සිංහල/ වාර්තා)

මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ දරා ඇති අතර එය යළි ශ්‍රී ලංකාවට හරවා යවා තිබේ.

Illegal Boat

Source: AP/ Bruno Thevenin

ඔස්ට්‍රේලියාවේ ඇල්බනීසි නව රජය යටතේ පළමු නීති විරෝධී යාත්‍රාව ආපසු හරවා යවා තිබේ.

මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ දරා ඇති අතර එය යළි ශ්‍රී ලංකාවට හරවා යවා තිබේ.


Highlights

  • ඔස්ට්‍රේලියානු නව රජය සිය පළමු නීති විරෝධී යාත්‍රාව ආපසු හරවා යැවූ බව වැඩබලන ඔස්ට්‍රේලියානු අගමැති Richard Marles අද (24/05)  තහවුරු කළේය.
  • එම යාත්‍රාව ශ්‍රී ලංකාවේ සිට පැමිණ ඇති බව සඳහන්.
  • ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී යාත්‍රා ආපසු හරවා යැවීම අදට පෙර අවසන් වරට වාර්තා වූයේ 2020 ජනවාරි මාසයේදීය.

ඔස්ට්‍රේලියානු නව රජය යටතේ ආපසු හරවා යැවූ පළමු නීති විරෝධී යාත්‍රාව ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියානු නව රජය සිය පළමු නීති විරෝධී යාත්‍රාව ආපසු හරවා යැවූ බව වැඩබලන ඔස්ට්‍රේලියානු අගමැති Richard Marles අද (24/05)  තහවුරු කළේය.

Christmas දූපත අසලදී අල්ලා ගත් නීති විරෝධී යාත්‍රාවක් පිළිබඳ මැතිවරණ දිනයේදී ඡන්දදායකයින්ට කෙටි පණිවිඩයක් යැවීමට ඔස්ට්‍රේලියාවේ පැවති මොරිසන් රජය ගත් තීරණය ඔස්ට්‍රේලියානු ජාතියේ ආරක්ෂාව අඩු බවක් නිරුපනය කරන්නට කළ නින්දාවක් ලෙස වැඩබලන ඔස්ට්‍රේලියානු අගමැති Richard Marles නිවේදනය කළේය.

ස්වෛරී දේශසීමා මෙහෙයුම යටතේ පසුගිය සෙනසුරාදා (21/05) අත්අඩංගුවට ගත් මෙම නීති විරෝධී යාත්‍රාව ආරක්ෂිතව අද දිනයේදී ශ්‍රී ලංකාවට ආපසු හරවා යැවූ බව ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ බලකායේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
“වැඩබලන අගමැතිතුමා මට දුන් මඟ පෙන්වීම පැහැදිලියි, මෙම රජය ස්වෛරී දේශසීමා මෙහෙයුමට සහ මුහුදේ ජීවිත ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා." ස්වෛරී දේශසීමා මෙහෙයුමේ ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරි රියර් අද්මිරාල් Justin Jones පැවසීය. 

නීති විරෝධී යාත්‍රා හරවා යැවීම පිළිබඳ කම්කරු පක්ෂයේ ප්‍රතිපත්තිය 2015 වසරේ සිට වෙනස් වී නැති බව Richard Marles පැවසූ අතර, හිටපු මොරිසන් රජය එම බාධා කිරීම පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ගත් තීරණයට දොස් පැවරීය.

"මම හිතන්නේ අපි සෙනසුරාදා දුටු දේ නින්දාවක්" යැයි ඔහු Sky පුවත් වෙත පැවසීය.

එය පැවති මොරිසන් රජය ජාතික ආරක්ෂාව දේශපාලනීකරණය කිරීමක නිරත වූ ආකාරයෙහි සැබෑ පහත් ක්‍රියාවක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
Australian Prime Minister Anthony Albanese
Australian Prime Minister Anthony Albanese Source: AAP

නීති විරෝධී සංක්‍රමණිකයින් ආපසු හරවා යැවීම

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී යාත්‍රා ආපසු හරවා යැවීම අදට පෙර අවසන් වරට වාර්තා වූයේ 2020 ජනවාරි මාසයේදීය.

මොරිසන් රජය නීති විරෝධී යාත්‍රා ආපසු හරවා යැවීමේ ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ අතර ඔවුන් ලිබරල් පක්ෂ අගමැති John Howard ගේ සමයේ හඳුන්වා දුන් Temporary protection වීසා ක්‍රමය ක්‍රියාත්මක කිරීම නොකඩවා සිදු කළේය.

Temporary protection වීසා එවකට Howard රජය විසින් 1999 ඔක්තෝබර් මාසයේදී හඳුන්වා දුන් නමුත් එය 2008 අගෝස්තු මාසයේදී කම්කරු පක්ෂ අගමැති Kevin Rudd ප්‍රමුඛ රජය අහෝසි කළේය.

නමුත් 2013 ඔක්තෝබර් මාසයේදී යළි තේරී පත්වූ Tony Abbott ගේ ලිබරල් සන්ධාන රජය Temporary protection වීසා ක්‍රමය යළි හඳුන්වා දුන්නේය.
වීසා නොමැතිව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින් සඳහා Temporary protection වීසා නිකුත් කරනු ලබන අතර එය වසර තුනක් දක්වා බල පැවැත්වේ.

මෙම වීසා බලපත්‍ර දරන්නන්ට පූර්ණ කාලීනව රැකියා කිරීමට සහ Medicare වෙත ප්‍රවේශ වීමට අවසර ඇත.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

කෙසේනමුත් මේ වන විට ක්‍රියාත්මක කෙරෙන Temporary protection වීසා අහෝසි කරන බව කම්කරු පක්ෂය මැතිවරණයට පෙර සිටම පොරොන්දුවක් ලබා දුන්නේය.

එහිදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී යාත්‍රා ආපසු හරවා යැවීම නව කම්කරු රජය විසින් ක්‍රියාත්මක කරන බව ඔවුහු පැහැදිලිවම පවසා ඇත.

ඊට අමතරව සරණාගතයින් සහ නීති විරෝධී සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් ගත් කළ ඔස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට, රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණි සංක්‍රමණිකයින්ව 3 වන රටක ස්ථාපනය කිරීමට කම්කරු පක්ෂ නායක Albanese සහය පළ කරන බව මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී පැවසීය.



Share
Published 24 May 2022 7:47pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends