බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය 2022-23 වර්ෂයේ Skilled රැකියා ලැයිස්තුව සමග සංක්‍රමණ වැඩසටහනේ වෙනස්කම් හෙළි කරයි

Western Australia announced 2022-23 Migration Program changes with the new Occupation List

Large Group of Diverse People with Different Occupations Source: Getty Images

Get the SBS Audio app

Other ways to listen

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය 2022-23 වර්ෂයේ Skilled රැකියා ලැයිස්තුව සමග සංක්‍රමණ වැඩසටහනේ වෙනස්කම් පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය 2022-23 මුල්‍ය වර්ෂය සඳහා තම සංක්‍රමණ වැඩසටහන ආරම්භ කරන බවට නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ මෙන්ම ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින පුහුණු ශ්‍රමිකයින්ට පවා ඒ සඳහා අයදුම් කළ හැකි බව ඔවුහු පවසති.


Highlights

  • ආරාධනා පත්‍ර නිකුත් කිරීමේදී පළමුව සැලකිල්ලට ගනු ලබන්නේ දැනට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාසය කරන අයදුම්කරුවන් වන අතර දෙවනුවට ඔස්ට්‍රේලියාවේ අනෙක් ප්‍රාන්ත හා ටෙරිටරිවල මේ වන විට වාසය කරන අයදුම්කරුවන් වේ.
  • තෙවනුව ඔස්ට්‍රේලියාවෙන් පිටත විදෙස් රටවල සිටින අයදුම්කරුවන් පිළිබඳ සලකා බැලෙනු ඇත.
  • Graduate stream යටතේ වඩාත් පුළුල් වූ Graduate occupation list හෙවත් උපාධිධාරී රැකියා ලැයිස්තුවකට ප්‍රවේශ වීමට මෙවර අයදුම්කරුවන්ට අවස්ථාව ලබා දෙයි.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය 2022-23 සංක්‍රමණ වැඩසටහන

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 2022-23 සංක්‍රමණ වැඩසටහනට දැන් ඔබටත් අයදුම් කළ හැකිය.

බටහිර ඔස්ට්‍රේලියා State nomination සඳහා අයදුම් කිරීමට නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් හරහා ක්‍රියාත්මක වන බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

ඒ අනුව ආරාධනා පත්‍ර නිකුත් කිරීමේදී පළමුව සැලකිල්ලට ගනු ලබන්නේ දැනට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාසය කරන අයදුම්කරුවන් වන අතර දෙවනුවට ඔස්ට්‍රේලියාවේ අනෙක් ප්‍රාන්ත හා ටෙරිටරිවල මේ වන විට වාසය කරන අයදුම්කරුවන් වේ.

තෙවනුව ඔස්ට්‍රේලියාවෙන් පිටත විදෙස් රටවල සිටින අයදුම්කරුවන් පිළිබඳ සලකා බැලෙනු ඇත.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

Graduate stream යටතේ වඩාත් පුළුල් වූ Graduate occupation list හෙවත් උපාධිධාරී රැකියා ලැයිස්තුවකට ප්‍රවේශ වීමට මෙවර අයදුම්කරුවන්ට අවස්ථාව ලබා දෙයි.

එම රැකියා ලැයිස්තුවේ වෘත්තීන් 300 කට අධික සංඛ්‍යාවක් මෙවර ඇතුළත් කර තිබේ.
එලෙස පුළුල් කරන ලද උපාධිධාරී රැකියා ලැයිස්තුව 2022-23 මුල්‍ය වර්ෂයේදී ලබා ගත හැකි අතර නව 2022-23 WA State nomination – combined  රැකියා ලැයිස්තුවේ දක්වා ඇත.

නව උපාධිධාරී රැකියා ලැයිස්තුව යටතේ WA State nomination සඳහා අයදුම් කිරීමට ආරාධනා කිරීම් 2022-23 මුල්‍ය වර්ෂය ඇරඹෙන තෙක් ආරම්භ නොවේ.

2022-23 මුල්‍ය වර්ෂය සඳහා යාවත්කාලීන කරන ලද Western Australian State nomination නිර්ණායක
skilled worker, female worker, skilled migration
Source: Getty Images/Hidn20 Imagery

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 2022-23 රැකියා ලැයිස්තුව

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 2022-23 සංක්‍රමණ වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුව





Share