COVID 19 update 24 May: ඔස්ට්‍රේලියාවෙන් තවත් මරණ 48 ක්, ආසාදිතයින් ගණන යළිත් ඉහළට

2022 මැයි 24 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People walk along Bourke Street Mall in Melbourne, Sunday, March 20, 2022. (AAP Image/Diego Fedele) NO ARCHIVING

People walk along Bourke Street Mall in Melbourne, Sunday, March 20, 2022. (AAP Image/Diego Fedele) NO ARCHIVING Source: AAP Image/Diego Fedele

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 48 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 14 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 16 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 18 ක්ද ඊට ඇතුලත්වේ.

සති අන්තයේ සහ සඳුදා දිනවලදී අඩුවීමක් වාර්තා කිරීමෙන් පසු නව COVID-19 රෝගීන් ඔස්ට්‍රේලියාව පුරා යළි ඉහළ ගොස් තිබේ.

සඳුඳා දිනයේදී 3,534 ක්ව සිටි ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආසාදිතයින් සංඛ්‍යාව අඟහරුවාදා වන විට 5,118 ක් දක්වා වැඩිවී තිබේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ද නව ආසාදිතයින් 12,114 ක් වාර්තා වන අතර මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 6 ක්ද වාර්තා වේ.

2022 මාර්තු 21 සහ 2022 මැයි 22 අතර සිදු වූ කොවිඩ් මරණ 14ක් ද දකුණු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා විය.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත  ලබාගත හැකිය.
තම දරුවාගේ ධනාත්මක Rapid antigen පරීක්ෂණ ප්‍රතිඵලය පැය 24ක් ඇතුළත වාර්තා කරන ලෙස දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය දෙමාපියන්ට උපදෙස් දී ඇත. ප්‍රාන්ත රජය COVID-19 රෝග ලක්ෂණ ඇති RAT ප්‍රතිඵලය සෘණාත්මක ළමුන් සඳහා PCR පරීක්ෂණයක් යෝජනා කරයි.

ඉහළ COVID-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම, flu රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වීම සහ රෝගාබාධ හේතුවෙන් කාර්ය මණ්ඩලය නිවාඩු යාම සමඟ රජයේ රෝහල් තර්ජන තුනකට මුහුණ දී ඇති බව NSW ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පැවසුවේය. තවදුරටත් ප්‍රමාදයකින් තොරව flu එන්නත ලබා ගන්නා ලෙස ඔහු ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

ක්වීන්ස්ලන්තය අද සිට මාස හයකට වැඩි සියලුම පදිංචිකරුවන්ට නොමිලේ flu එන්නත් බෙදා හැරීම ආරම්භ කරයි. ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන්ට ජුනි 30 දක්වා ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ ඔසුසලෙන් නොමිලේ  flu එන්නත් ලබා ගත හැක.

COVID-19 එන්නත් කිරීමේ තොරතුරු මධ්‍යස්ථාන දැන් පහත සාප්පු සංකීර්ණවල මැයි 29 දක්වා ක්‍රියාත්මක වේ.

  • NSW - Tweed Heads - Tweed City Shopping Centre
  • NSW - Bankstown - Roselands Shopping Centre
  • QLD - Loganholme - Logan Hyperdome
  • QLD - Beenleigh - Beenleigh Marketplace
  • QLD - Southport - Australia Fair Shopping Centre
  • VIC - Cardinia - Pakenham Central
  • SA - Salisbury Downs - Hollywood Plaza
  • SA -Adelaide - Munno Para Shopping Centre

Share
Published 24 May 2022 3:12pm
By Madhura Seneviratne


Share this with family and friends