සරණාගතභාවය අපේක්ෂා කරන ලාංකික පවුලට ඔස්ට්‍රේලියානු නව රජය යටතේ සුබ කලක් (SBS සිංහල/ වාර්තා)

නව කම්කරු රජය පත්වීමත් සමග මුරුගප්පන් පවුල ඔවුන් කලින් විසූ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Biloela ප්‍රදේශයට ගෙන ඒම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව අන්තර්වාර ස්වදේශ කටයුතු අමාත්‍ය Jim Chalmers පැවසීය.

A supplied image of Kopika and Tharni Murugappan, a Tamil asylum-seeker family, in Perth, on Monday, June 21, 2021.

Interim Home Affairs Minister Jim Chalmers says he has made "substantial progress" on returning the Murugappan family to their home. Source: AAP, Supplied

පසුගිය සෙනසුරාදා පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය කම්කරු පක්ෂය ජයග්‍රහණය කළ නිසා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලාංකික මුරුගප්පන් පවුලට ඉක්මන් සහනයක් හිමිවනු ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ නවතම යාවත්කාලීන කිරීමක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අන්තර්වාර ස්වදේශ කටයුතු අමාත්‍ය Jim Chalmers විසින් සිදු කර තිබේ.
Treasurer Jim Chalmers says inflation is rising
Treasurer and interim home affairs minister Jim Chalmers. Source: AAP Image/Lukas Coch

නඩුවේ ප්‍රගතිය ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

ඔස්ට්‍රේලියාවේ සරනගතභාවය අපේක්ෂා කරන ශ්‍රී ලාංකික මුරුගප්පන් පවුලට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට ඉඩදෙන ලෙස ගොනු කළ නඩුවේ ප්‍රගතිය ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

පැවති මොරිසන් රජය පරදා කම්කරු පක්ෂය පැවති මැතිවරණය ජයගැනීමත් සමග ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට අවසර ලබා දීමේ වැඩි ඉඩක් ඇති බව සඳහන්.

නව කම්කරු රජය පත්වීමත් සමග මුරුගප්පන් පවුල ඔවුන් කලින් විසූ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Biloela ප්‍රදේශයට ගෙන ඒම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව අන්තර්වාර ස්වදේශ කටයුතු අමාත්‍ය Jim Chalmers පැවසීය.
මුරුගප්පන් පවුලේ සිව් හැවිරිදි Tharnicca හට රුධිර ආසාදනයක් වැළඳීම හේතුවෙන් වෛද්‍ය පහසුකම් ලබා දීම පිණිස 2021 දී Christmas දූපතෙන්  ඉවත් කිරීමෙන් පසු සිව් දෙනෙකුගෙන් යුත් මෙම පවුල දැනට පර්ත් නුවර රඳවා සිටියි.

Quad සමුළුව නිමවී අග්‍රාමාත්‍ය Anthony Albanese ටෝකියෝ නුවර සිට ඔස්ට්‍රේලියාවට ආපසු පැමිණි විට, මෙම පවුලේ නඩුව පිළිබඳව කෙටි විස්තරයක් අමාත්‍ය Jim Chalmers විසින් ලබා දෙනු ඇත.

"මුරුගප්පන් පවුල Biloela වෙත ආපසු පැමිණිය යුතුය යන අපගේ දිගුකාලීන මතය ක්‍රියාත්මක කිරීම සඳහා මා සුදුසු පරිදි ගත යුතු පියවර මාලාවක් තිබෙනවා" යනුවෙන් අමාත්‍ය Chalmers කැන්බරා නුවරදී මාධ්‍යවේදීන්ට පැවසීය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාදේශීය නගරයක් වන Biloela විසින් මුරුගප්පන් පවුල පිළිගෙන සහය දුන් ආකාරය ගැන ක්වීන්ස්ලන්ත වැසියෙකු වශයෙන් තමා ආඩම්බර වන බව ද ඔහු පැවසීය.

ලිබරල් පක්ෂයේ පරාජයට මොරිසන් වග කිවයුතු බවට චෝදනා

ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති Scott Morrison සමඟ ඇති වූ කලකිරීම පසුගියදා ෆෙඩරල් මැතිවරණයේදී ලිබරල් පක්ෂයට ආසන අහිමි වීමට බලපෑ සාධකයක් වූ බව Wentworth ආසනය නියෝජනය කර පරාජයට පත් වූ ලිබරල් පක්ෂ සාමාජික Dave Sharma පැවසීය.

Dave Sharma ස්වාධීන අපේක්ෂිකා Allegra Spender හට සිය Wentworth ආසනය පරාජය විය.

Scott Morrison ට යම් කීර්තියක් සහ ගෞරවයක් අහිමි වී ඇති බව තමා විශ්වාස කරන බව Dave Sharma සඳහන් කළේය.
"මා නියෝජනය කළ Wentworth වැනි ආසනවල ඔහුට සෘණ අනුමැතියක් ඇති බව පැවති මත විමසීම් පෙන්නුම් කළ නමුත් ඔහු ඡන්දය සඳහා ඒවා ආයාසයෙන් ඇදගෙන ගියා" යනුවෙන් Sharma අද පැවති ABC හි RN උදෑසන වැඩසටහනට පැවසීය.

“ඔබ මිනිසුන් සමඟ කතා කරන විට, එය ඔවුන්ට දැනිය යුතුයි. ඔහු වරක් පාර්ලිමේන්තුවට ගල් අඟුරු සම්බන්ධ පනත් ගෙන ගියාට ඔවුන් කැමති වූයේ නැහැ, දේශගුණික විපර්යාස පිළිබඳ ඔහුගේ අවංකභාවය ඔවුන් විශ්වාස කළේ නැහැ, Brittany Higginsගේ ස්ත්‍රී දූෂණ චෝදනා සහ Grace Tame ගේ  ප්‍රකාශයන් සම්බන්ධයෙන් අප ක්‍රියා කළ ආකාරය ගැන ජනතාව කැමති වූයේ නැහැ" යනුවෙන්ද Dave Sharma වැඩි දුරටත් සඳහන් කළේය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

ලිබරල් පක්‍ෂයේ religious discrimination සම්බන්ධ පනත් කෙටුම්පත බොහෝ දුරක් ඇති පාලමක් ලෙස මිනිසුන්ට හැඟුණු බව ද Sharma පැවසීය.

පසුගිය වසරේ සැප්තැම්බරයේදී, ඇතැම් ලිබරල් මන්ත්‍රීවරු Frydenberg හට ලිබරල් පක්ෂ නායකයාට එරෙහිව නායකත්වයට අභියෝග කරන ලෙස ඉල්ලා සිටියේ ඔහු රජය දරුණු මැතිවරණ පරාජයක් කරා ගෙන යනු ඇතැයි යන බිය නිසා බව Sydney Morning Herald පුවත් පත වාර්තා කළේය.
ස්කොට් මොරිසන් මැතිවරණ රාත්‍රියේම ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමත් සමඟ, හිටපු ආරක්ෂක අමාත්‍ය පීටර් ඩටන්ට වඩා පක්ෂය ඉදිරියට ගෙන යාමට වඩා හොඳ විකල්පයක් නොමැති බව Dave Sharma පැවසීය.

ලිබරල් පක්ෂය විසින් හිටපු ආරක්ෂක අමාත්‍යවරයා තම පක්ෂයේ නව නායකයා ලෙස තෝරා පත් කර ගනු ඇතැයි අපේක්ෂා කරන අතර, NSW පාර්ලිමේන්තු මන්ත්‍රී Sussan Ley නියෝජ්‍ය නායක තනතුර භාර ගැනීමට ඉඩ ඇතැයි වාර්තා වේ.



Share
Published 25 May 2022 7:33pm
Updated 25 May 2022 7:35pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends