COVID 19 update 25 May: වික්ටෝරියාවේ රෝහල්ගත කළ රෝගීන් ඉහළට, දකුණු ඔස්ට්‍රේලියා පාසල්වල මුව ආවරණ නීති ලිහිල් කෙරේ

2022 මැයි 25 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Long queues are seen as people wait to recieve a Covid test at a drive through and walk up testing facility at Macquarie Park, in Sydney, Wednesday, December 22, 2021. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING

Source: AAP Image/Dan Himbrechts

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 39 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 11 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 17 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 10 ක්ද ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 2 ක්ද වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්ගත වූ පිරිස 567 දක්වා ඉහළ නැග ඇති අතර එය අප්‍රේල් 04 වනදා සිට වාර්තා වූ ඉහළම අගය වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත  ලබාගත හැකිය.
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය දින 793කට පසු COVID-19 ප්‍රධාන හදිසි ප්‍රකාශය (Emergency Declaration COVID-19) අවලංගු කර ඇත. ඒ හරහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයට තවදුරටත් නව කොවිඩ් නීති පැනවීමට අවසර නොලැබෙන නමුත් ක්‍රියාත්මක කර ඇති කොවිඩ් නීති ලිහිල් කිරීමට ඉඩ ලැබේ.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය ද්විතීයික පාසල් සිසුන් සඳහා අනිවාර්ය මුව ආවරණ පැළදීමේ අවශ්‍යතා ලබන සතියේ ලිහිල් කරනු ඇත.

“පාසලක මුව ආවරණ පැළදීම අවශ්‍ය වන්නේ එක් පන්තියක් දින හතක් තුළ රෝගීන් 10 ක් හෝ වැඩි ගණනක් වාර්තා කරන විට හෝ එක් පාසලකට දින හතක් තුළ රෝගීන් පහක් හෝ ඊට වැඩි පන්ති පහක් ඇති අවස්ථාවන්හිදී පමණි,” ප්‍රාන්ත රජය පැවසීය.

ඔස්ට්‍රේලියානුවන්ට දැන් කෙටි පණිවිඩයක් හරහා ඔවුන්ගේ COVID-19 එන්නත වෙන්කරවා ගැනීමට විකල්පයක් ඇත.

ඔවුන් 'Hey EVA' යනුවෙන් ටයිප් කර 0481611382 ට කෙටි පණිවිඩයක් යැවිය යුතුය. ඔවුන්ගේ වේලාව වෙන්කරවා ගැනීම සඳහා ඔවුන්ට පුහුණු නියෝජිතයෙකුගෙන් නැවත ඇමතුමක් ලැබෙනු ඇත. EVA කණ්ඩායම සතියේ දින හතේම උදේ 7 සිට රාත්‍රී 10 දක්වා (AEST) ක්‍රියාත්මක වේ.

බොහෝ COVID-19 පරීක්ෂණ මධ්‍යස්ථාන Reconciliation දිනයේ (2022 මැයි 30 සඳුදා) විවෘතව පවතින බව Australian Capital Territory රජය ප්‍රකාශ කළේය.

විදේශයන්හි සිටින හෙද හෙදියන් නැවත පදිංචියට ඒමට කැමති නම්, ඔවුන් සඳහා ඉක්මන් පුරවැසිභාවය ලබා දීමට අලුතින් තේරී පත් වූ කම්කරු ආන්ඩුව සමඟ ගිවිසුමකට එළඹීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සූදානම් වෙයි.

වර්ධනය වන COVID-19 රෝගීන් සංඛ්‍යාව සහ ප්‍රාන්තයේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ගේ හිඟය මධ්‍යයේ මෙම පියවර ගෙන ඇත.


Share
Published 25 May 2022 1:22pm
By Madhura Seneviratne


Share this with family and friends