ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින්ගේ වීසා අහිමි කරන හෝ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කරන නවතම පරීක්ෂණයක් (SBS සිංහල/ වාර්තා)

ඇතැම් ඔස්ට්‍රේලියානු වීසා අවලංගු කිරීම් සහ වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමේ තීරණ සඳහා මෙම චරිත පරීක්ෂණය අදාළ වේ.

10,000 Australian visas cancelation or refusal on character grounds

10,000 Australian visas cancelation or refusal on character grounds Source: SBS

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සලකා බැලීමේදී අදාළ අයදුම්කරුවන්ගේ චරිතය පිළිබඳ පරීක්ෂා කිරීම (character test) සඳහා වූ නව නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන, පුරවැසිභාවය, සංක්‍රමණ සේවා හා බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke විසින් මෙම චරිත පරීක්ෂණයට අදාළ තීරණ ගන්නා අයට මග පෙන්වීම සඳහා නව නියෝගයක් නිකුත් කර තිබේ.


Highlights

  • මෙම චරිත පරීක්ෂණයෙන් සමත් නොවන ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින්ට ඔවුන්ගේ වීසා අහිමිවීමට හෝ ඔවුන්ගේ වීසා බලපත්‍ර අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට හෝ ඉඩ තිබේ.
  • 1958 ඔස්ට්‍රේලියානු සංක්‍රමණ පනතේ 501 වන වගන්තිය යටතේ මෙම චරිත පරීක්ෂාව බලාත්මක කර තිබේ.
  • මෙම චරිත පරීක්ෂණය ඒ ඒ පුද්ගලයා ගේ අතීත හා වර්තමාන හැසිරීම් වලට අදාළ වේ.

චරිත පරීක්ෂාව පිළිබඳ නව තීන්දුව

ඇතැම් ඔස්ට්‍රේලියානු වීසා අවලංගු කිරීම් සහ වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමේ තීරණ සඳහා මෙම චරිත පරීක්ෂණය අදාළ වේ.

ඒ අනුව පවුල් හිංසනය, ගෘහස්ථ හිංසනය පිළිබඳ මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරෙන අතර මේ හරහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියා කරන බව පෙනී යයි.

එමෙන්ම ඔස්ට්‍රේලියානු වීසා ලබා දීමේදී අවදානමට ලක්විය හැකි පුද්ගලයින් කෙරෙහි සමාජය විසින් පිළිගත නොහැකි වෙනත් හැසිරීම් පිළිබඳවද බැරෑරුම් ලෙස සලකා බැලීමක් සිදු කෙරේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


විශේෂයෙන් වියපත් ප්‍රජාවගෙන් කප්පම් ගැනීම්, සූරාකෑම්, වංචා කිරීම් මෙන්ම ඔවුන්ව නොසලකා හැරීම ඇතුළු බරපතල හිංසාකාරී අපරාධ සම්බන්ධවද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරේ.

බලහත්කාරයෙන් විවාහ සිදු කිරීම සහ සේවක ශ්‍රමය සූරාකෑමට එරෙහිව ද ඔස්ට්‍රේලියානු රජයේ මෙම නව තීන්දුව ක්‍රියාත්මක කෙරේ.
Immigration Minister Alex Hawke.
Immigration Minister Alex Hawke. Source: AAP

Character test හෙවත් චරිත පරීක්ෂාව යනු කුමක්ද?

1958 ඔස්ට්‍රේලියානු සංක්‍රමණ පනතේ 501 වන වගන්තිය යටතේ මෙම චරිත පරීක්ෂාව බලාත්මක කර තිබේ.

ඔස්ට්‍රේලියානු ප්‍රජාවගේ ආරක්ෂාව හා යහ පැවැත්මට අවදානමක් වන පුද්ගලයින්ව ඔස්ට්‍රේලියාවට ඇතුළු නොකර ගැනීම සහ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම වැළැක්වීම සඳහා මෙම චරිත පරීක්ෂාව උපයෝගී කරගනී.

ඒ හරහා ඔස්ට්‍රේලියානු සමාජයේ ආරක්ෂාව ඉහළ නැංවීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මූලික අරමුණ වී තිබේ.

මෙම චරිත පරීක්ෂණයෙන් සමත් නොවන ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින්ට ඔවුන්ගේ වීසා අහිමිවීමට හෝ ඔවුන්ගේ වීසා බලපත්‍ර අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට හෝ ඉඩ තිබේ.
මෙම චරිත පරීක්ෂණය ඒ ඒ පුද්ගලයා ගේ අතීත හා වර්තමාන හැසිරීම් වලට අදාළ වේ.

"ඔස්ට්‍රේලියානු ප්‍රජාවේ සාමාජිකයෙකු වීම වරප්‍රසාදයක් වන අතරම එම සාමාජිකයින් අපගේ නීති වලට ගරු කරමින් ඒවාට අනුගත විය යුතුයි." යනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන, පුරවැසිභාවය, සංක්‍රමණ සේවා හා බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.

ඔස්ට්‍රේලියානු සමාජයේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට එරෙහි පවුල් හිංසනය සහ අපරාධවලට ඔස්ට්‍රේලියාවේ කිසිදු ඉඩක් නොමැති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ඔස්ට්‍රේලියාවේ Character test එක හෙවත් චරිත පරීක්ෂාව පිළිබඳ වැඩි විස්තර

Share
Published 11 March 2021 3:24pm
By Madhura Seneviratne

Share this with family and friends