ඉළ ඇට බිඳී යාම හා කශේරුකා තුවාල වීම නිසා වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයාව සැත්කමකට භාජනය කිරීමේ සූදානමක් (SBS සිංහල/ වාර්තා)

ස්කෑන් පරීක්ෂණවලින් හෙළි වූයේ ඔහුගේ කොඳු ඇට පෙළේ T7 කශේරුකාව බිඳී ඇති නිසා Daniel Andrews හට ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය දැයි වෛද්‍යවරු අද (10/03) දිනය නිමවීමට පෙර තීරණය කරනු ඇත.

Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Tuesday, 9 February, 2021.

Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Tuesday, 9 February, 2021. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews සැත්කමකට භාජනය කිරීමට අවශ්‍ය විය හැකි අතර ස්කෑන් පරීක්ෂණ මගින් ඔහුගේ කොඳු ඇට පෙළ බිඳී ඇති බව සනාථ වී තිබේ.

ඊයේ (09/03) දිනයේදී තෙත් පඩි පෙළකින් ලිස්සා වැටීමෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති අගමැතිවරයා මෙසේ අනතුරට පත්ව ඇත.


Highlights

  • Daniel Andrews ගේ ඉළ ඇට කිහිපයක් ද බිඳී ඇති බවට තොරතුරු වාර්තා වන අතර කොඳු ඇට පෙළේ T7 කශේරුකාව බිඳී ඇති බවද සඳහන්.
  • Mornington Peninsula හි නිවාඩු කුලී නිවාසයකදී තෙත පඩි පෙලකින් ලිස්සා වැටී වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා ඊයේ (09/03) මෙම අනතුරට මුහුණ දුන්නේය.
  • වෛද්‍ය උපදෙස් මත දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටීමට වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයාට සිදුව තිබේ.

ස්කෑන් පරීක්ෂණවලින් හෙළි වූයේ ඔහුගේ කොඳු ඇට පෙළේ T7 කශේරුකාව බිඳී ඇති නිසා Daniel Andrews හට ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය දැයි වෛද්‍යවරු අද (10/03) දිනය නිමවීමට පෙර තීරණය කරනු ඇත.

ඔහුගේ ඉළ ඇට කිහිපයක් ද බිඳී ඇති බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත්, ඔහුගේ පෙණහලුවකට සිදුරු වී ඇතැයි යන බිය තවමත් පහවගොස් නොමැත.

ශල්‍යකර්මයේදී ඔහුගේ කොඳු ඇට පෙළට ඇන ඇතුළත් කිරීමට අවශ්‍ය බව පැවසෙන අතරේ මෙයින් සුවය ලැබීමට සති ගණනාවක් ගතවන බවද පැවසේ.

Mornington Peninsula හි නිවාඩු කුලී නිවාසයකදී තෙත පඩි පෙලකින් ලිස්සා වැටී වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ඊයේ දිනයේදී (09/03) මෙම අනතුරට මුහුණ දුන්නේය.

Alfred රෝහලට මාරු කරයි

අනතුර වූ සැණින් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයාව Peninsula පුද්ගලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් එහිදී ලබාගත් MRI පරීක්ෂණයේ ප්‍රතිඵල ඇගයීමෙන් පසුව ඊයේ පස්වරුවේ Alfred රෝහලට මාරු කළ බව වාර්තා විය.

Ambulance Victoria, Peninsula සහ Alfred රෝහල් වල වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews වෙනුවෙන් කැපවූ කාර්ය මණ්ඩලයට ප්‍රාන්ත අගමැතිවරයා සහ ඔහුගේ පවුලේ අය ස්තූතිය පළ කර තිබේ.

මේ සතිය අවසානයේදී තමන්ගේ සෞඛ්‍යය පිළිබඳ යාවත්කාලීන පුවතක් ලබා දීමට පෙර වෛද්‍ය උපදෙස් මත දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටීමට වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා සැලසුම් කර ඇත.
ලබන සතියේ ආරම්භ වන වික්ටෝරියානු පාර්ලිමේන්තු සැසියට ප්‍රාන්ත අගමැතිවරයා ගේ සහභාගී වීම ඔහුගේ මෙම බරපතල තත්ත්වය නිසා අවිනිශ්චිත වී තිබේ.

Daniel Andrews නොමැති කාලයේදී ඔහු වෙනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ නියෝජ්‍ය අගමැති James Merlino වැඩබලන වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා ලෙස කටයුට්ග්හු කරනු ඇත.

ප්‍රාන්ත අගමැතිවරයා ශක්තිමත් හිතකින් යුතුව සිටින බව වික්ටෝරියානු ප්‍රාන්තයේ පාරිසරික ඇමතිවරිය වන Lily D'Ambrosio අද (10/03) මාධ්‍ය වෙත පැවසුවාය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් තමන් ද Daniel Andrews හට කෙටි පණිවිඩයක් යැවූ බව වික්ටෝරියානු ප්‍රාන්තයේ විපක්ෂ නායක Michael O'Brien ද පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කම්කරු පක්ෂ නායකයා ලෙස Daniel Andrews වසර 2010 සිට කටයුතු කරන අතර වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා ලෙස වසර 2014 සිට කටයුතු කරමින් සිටියි.

එමෙන්ම වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි කොරෝනා රැල්ල පැමිණි අවස්ථාවේ ප්‍රාන්ත අගමැති Daniel Andrews නොකඩවා දින 120 ක් කොරෝනා වසංගතය පිළිබඳ දෛනිකව පැවැත්වූ මාධ්‍ය හමු ඇමතීම ඔහුගේ සුවිශේෂී රාජකාරියක් ලෙස සැලකේ.

Share
Published 10 March 2021 7:25pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends