Buckingham මාළිගාවේ සිටි කාලයේ තමන් අත්විඳි දරුණු පීඩාවන් පිළිබඳ මේගන් ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් රැසක් (SBS සිංහල/ වාර්තා)

හැරී කුමරු ගේ බිරිඳ වන මේගන් Buckingham මාළිගාවේ සිටි කාලයේ තමන් අත්විඳි දරුණු පීඩාවන් පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් රැසක් අදට (08/03) යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයේදී ලෝක ජනමාධ්‍ය වෙතින් ප්‍රසිද්ධියට පත්කොට තිබේ.

Meghan Markle, the Duchess of Sussex.

Meghan Markle says the royal family were 'worried' about the colour of her son Archie's skin. Source: STRMX

තම පුතු Archie ගේ උපතට පෙර ඔහුගේ සම කෙතරම් අඳුරු පැහැති වනු ඇත්ද යන්න පිළිබඳව බ්‍රිතාන්‍ය රජ පවුලේ අය සැලකිලිමත් වූ බව සසෙක්ස් ආදිපාදවරිය වන Meghan පවසයි.

Archie හට කුමාරයා යන නාමය ද ලබා නොදීමට එම කරුණු බලපෑ බව ඇය හෙළි කළාය.


Highlights

  • Archie තම කුසෙහි පිළිසිඳගත් කල ඔහුගේ සමේ පැහැය කෙතරම් අඳුරු පැහැයක් ගනු ඇතැයිද යන්න පිළිබඳ රජ පවුලේ සාමාජිකයෙකු විසින් සාකච්ඡා කළ බව Meghan හෙළි කළාය.
  • මේ අර්බුද හමුවේ තමන්ට සියදිවි හානි කරගැනීමට ද සිතුනු බව Meghan පැවසුවාය.
  • තමාගේ සහ හැරී කුමරු ගේ නිල විවාහ උත්සවයට දින තුනකට පෙර රහසිගතව විවාහ වූ බව Meghan අනාවරණය කළාය.

මේගන් - හැරී විවාහය

අප්‍රිකානු - ඇමෙරිකානු සම්භවයක් සහිත මවකට සහ සුදු ජාතික පියෙකුට දාව උපන්  තමන් 2018 වසරේ හැරී කුමරුව විවාහ කරගෙන බ්‍රිතාන්‍ය රජ පවුලට එකතුවීමට පෙර ඉතා සරළ කාන්තාවක් වූ බව Meghan පැවසුවාය.

Archie තම කුසෙහි පිළිසිඳගත් කල ඔහුගේ සමේ පැහැය කෙතරම් අඳුරු පැහැයක් ගනු ඇතැයිද යන්න පිළිබඳ ඇය විසින් නම හෙළි නොකළ රජ පවුලේ සාමාජිකයෙකු විසින් සාකච්ඡා කළ බව Meghan හෙළි කළාය.

ඇමෙරිකාවේ CBS නාලිකාවේ Oprah Winfrey සමග සිදුකළ සාකච්ඡාවකදී ඇය මේ බව අනාවරණය කළාය.

Archie ව කුමාරයෙකු බවට පත් කිරීමට තමන්ට සහ හැරී කුමරු ට අවශ්‍ය වූ බවත් ඒ හරහා Archie හට ආරක්ෂාව ලැබෙන බවත් Meghan පැවසුවාය.

නමුත් තම දරුවා ඉපදීමටත් පෙර දරුවා පිරිමි ද ගැහැණු ද යන්න පිළිබදවත් නොදැන සිටි සමයේ එම නාමය ලබා දීමට රජ පවුලේ උදවිය අකමැති වූ බව ඇය හෙළිදරව් කළාය.

මාව නිහඬ කර තිබුණා

මේ සියලු අර්බුද හමුවේ ඔබ නිශ්ශබ්දව සිටියාද නැතහොත් නිහඬ කර තිබුණාද යන්න අදාළ සාකච්ඡාවේ දී Meghan ගෙන් ඇසූ කල "දෙවැන්න" යනුවෙන් ඇය පිළිතුරු දුන්නාය.

මේ අර්බුද හමුවේ තමන්ට සියදිවි හානි කරගැනීමට ද සිතුනු බව Meghan එහිදී අනාවරණය කළාය.

"මම කිව්වා මට උදව් ගන්න කොහේ හරි යන්න ඕන කියලා. මම කිව්වා මට මීට පෙර කවදාවත් මේ වගේ හැඟීමක් දැනුනේ නැහැ කියලා. මට එහෙම යන්න බැහැ ඒක රජ පවුලට හොඳ නැහැ කියලා කිව්වා." යනුවෙන් එකල ඇතිවූ තත්ත්වය Meghan විසින් තවත් පැහැදිලි කරනු ලැබුවාය.
Prince Harry, left, and Meghan, Duchess of Sussex.
Prince Harry, left, and Meghan, Duchess of Sussex, speak about expecting their second child during an interview with Oprah Winfrey. Source: Harpo Productions
මාළිගාවේ සිටින පුද්ගලයින් ද්වේෂ සහගත ප්‍රකාශවලින් තමාව ආරක්ෂා කිරීමට අසමත් වූවා පමණක් නොව අනෙක් අයව ආරක්ෂා කිරීමට බොරු කී බවත් Meghan ප්‍රකාශ කළාය.

"එක පැත්තකින් රාජකීය පවුල ඉන්නවා, අනෙක් පැත්තෙන් මාළිගාව පවත්වාගෙන යන අය ඉන්නවා. ඒ දෙක වෙන වෙනම කොටස් දෙකක්." යනුවෙන් ද ඇය පැවසුවාය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන Kate කුමරිය තම විවාහයට පෙර හඬා වැලපුණු බවට වූ  පුවත්පත් වාර්තාවක් Meghan ප්‍රතික්ෂේප කළ අතර එය මාධ්‍ය සමඟ ඇයගේ සම්බන්ධතාවයේ හැරවුම් ලක්ෂ්‍යයක් බව ඇය පැවසුවාය.

Meghan විසින් Kate කුමරියව හැඬවුවේද යන්න ඇසු විට "සිදුවුවේ එහි අනෙක් පැත්ත බව ඇය ප්‍රකාශ කළාය.

"මගේ විවාහයට දින කිහිපයකට පෙර Kate යම් දෙයක් ගැන වියවුලෙන් සිටියා. මල් කුමරියන්ගේ ඇඳුම් ඇය වෙනස් කරලා තිබුනා. ඒක ඇත්තටම මගේ හිත රිදෙව්වා." යනුවෙන් ඇය විස්තර කළාය.
The Duke & Duchess Of Sussex with their son Archie in September 2019.
Meghan Markle says the Royal Family were 'worried' about the colour of her son Archie's skin. Source: WireImage

කාටත් නොකී රහසක්

තමාගේ සහ හැරී කුමරු ගේ නිල විවාහ උත්සවයට දින තුනකට පෙර රහසිගතව විවාහ වූ බව Meghan අනාවරණය කළාය.

"අපේ විවාහ උත්සවයට දින තුනකට කලින් අපි විවාහ වුණා. කිසිවෙකු එය දැන සිටියේ නැහැ. නමුත් අපි අගරදගුරු තුමාට කතා කිව්වා." යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

බ්‍රිතාන්‍ය රාජකීය කටයුතු වලින් තමන් ඉවත් වන බව හැරී සහ මේගන් 2020 ජනවාරි මාසයේදී නිවේදනය කළෝය.

හැරී - මේගන් යුවළ බ්‍රිතාන්‍ය රාජකීය කටයුතු වලින් ස්ථිරවම ඉවත්වූ බව Buckingham මාළිගාව මේ මස මුලදී නිවේදනය කළේය.

මේ අතර තම පවුලට සිඟිති දියණියක් එකතුවීමට නියමිත බව හැරී - මේගන් යුවළ පසුගිය පෙබරවාරි 15 වන දින හෙළිදරව් කළේය.

Share
Published 8 March 2021 5:35pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends