උපාධියක් අවශ්‍ය නැති වැඩිම ඉල්ලුමක් ඇති ඔස්ට්‍රේලියාවේ රැකියා 9 ක් (SBS සිංහල/ වීඩියෝ)

උපාධියක් අවශ්‍ය නැති නමුත් මේ වන විට ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා පිළිබඳ ඔස්ට්‍රේලියාවේ රැකියා පිළිබඳ ප්‍රධානම වෙබ් අඩවියක් වන Seek වෙබ් අඩවිය පසුගිය දා අනාවරණය කළේය.

9 in-demand jobs in Australia you don’t need a degree for

Source: Pixabay

කොරෝනා වසංගතයත් සමග ලොව සෑම රටකම රැකියා ක්ෂේත්‍ර වල විශාල වෙනසක් සිදුවිය.

ඔස්ට්‍රේලියාවේ රැකියාවලද මේ හේතුවෙන් වෙනස්කම් රාශියක් සිදුවී ඇති බව පෙනෙන්නට තිබේ.

ඇතැම් පුද්ගලයින්ට රැකියා අහිමිවන විට ඇතැම් රැකියා ක්ෂේත්‍ර සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවෙමින් පවතී.

උපාධියක් අවශ්‍ය නැති නමුත් මේ වන විට ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා පිළිබඳ ඔස්ට්‍රේලියාවේ රැකියා පිළිබඳ ප්‍රධානම වෙබ් අඩවියක් වන Seek වෙබ් අඩවිය පසුගිය දා අනාවරණය කළේය.

එහිදී ඔවුන් එවැනි රැකියා 9 ක් පිළිබඳ මෙසේ කරුණු ඉදිරිපත් කළේය.

01. Merchandiser

පසුගිය කාලයේදී ඔස්ට්‍රේලියාව තුළ Merchandiser වරුන් සඳහා අයදුම්පත් කැඳවන රැකියා දැන්වීම් 257% කින් වර්ධනය වී ඇති බව වාර්තා වෙනවා.

අලෙවි සහායකයකු ලෙස රැකියා කිරීමෙන් පසු බොහෝ අය මෙම වෘත්තියට පිවිසෙනවා.

Merchandiser වරයෙකු වීමට උපාධියක් වැනි ඉහළ පෙළේ අධ්‍යාපනික සුදුසුකමක් අවශ්‍ය නැහැ, නමුත් Diploma of Visual Merchandising වැනි පාඨ මාලාවක් හදාරා තිබීම විශේෂ සුදුසුකමකි.

02. Retail Sales Assistant

ඔස්ට්‍රේලියාවේ Retail Sales Assistant තනතුරු සඳහා පසුගිය කාලයේ පළ කළ රැකියා දැන්වීම් 266% කින් ඉහළ ගොස් තිබෙනවා.

වෙළෙද සැල් වලට පැමිණෙන පාරිභෝගිකයින්ට ඉහළ පාරිභෝගික සේවාවක් ලබාදෙමින් ඔවුන්ට අදාළ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට සහය සැපයීම Retail Sales Assistant හරහා සිදු කෙරෙනවා.

ඉතා උසස් සන්නිවේදන කුසලතාවක් තිබීම මේ සඳහා ඉහළම සුදුසුකමකි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


03. Dental Assistant

Dental Assistant හෙවත් දන්ත වෛද්‍ය සහකාර තනතුරු සඳහා ද පසුගිය කාලයේ පළවූ රැකියා දැන්වීම් වල 255% ක ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

දන්ත පරීක්ෂණ සඳහා රෝගීන් සූදානම් කිරීම මෙන්ම එම පරීක්ෂණ වලට සහ ප්‍රතිකාර ලබා දීමේදී දන්ත වෛද්‍ය සහකාරවරුන් දන්ත වෛද්‍යවරුන්ට සහාය වෙනවා.

මෙම රැකියාව සඳහා නම් කරන ලද විධිමත් වෘත්තීමය අධ්‍යාපනික සුදුසුකමක් අවශ්‍ය නොවන නමුත් Certificate III in Dental Assisting, Certificate IV in Dental Assisting වැනි සහතික පත්‍ර පාඨ මාලාවන් සම්පූර්ණ කර තිබීම විශේෂ සුදුසුකම් ලෙස හැඳින්වෙනවා.

04. Retail Store Manager

Retail Store Manager තනතුර සඳහා පසුගිය කාලයේ පළ කරන ලද රැකියා දැන්වීම්වල 211% ක වර්ධනයක් තිබෙනවා.

වෙළෙඳ සැල් තුළ කටයුතු සාර්ථකව හා ගැටලු වලින් තොරව කරගෙන යාමට කටයුතු මෙහෙයවීම මෙම රැකියාවේ ඇති ප්‍රධාන වගකීම වෙනවා.

කණ්ඩායමක් සමඟ රැකියාව  කිරීමට සහ නායකත්වය දීමට කැමති කෙනෙකුට මෙය හොඳ රැකියාවකි.

05. Salesperson

පාරිභෝගිකයින්ට මෙන්ම සිල්ලර වෙළෙන්දන්ට හෝ තොග වෙළෙන්දන්ට භාණ්ඩ හා සේවා අලෙවි කිරීම මෙම අලෙවිකරුවන් ගේ ප්‍රධාන රාජකාරිය වෙනවා.

Salesperson හෙවත් අලෙවිකරු රැකියා සඳහා පසුගිය කාලයේ පළ කළ රැකියා දැන්වීම් වල 200% ක ඉහළ යාමක් තිබෙනවා.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38


06. Delivery Driver

Delivery Driver හෙවත් භාණ්ඩ බෙදා හැරීමේ රියදුරු සඳහාවූ රැකියා සඳහා පසුගිය කාලයේදී පළ වූ රැකියා දැන්වීම් වල 175% ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

අදාළ ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රය හැරුණුකොට මෙම රැකියාව සඳහා වෙනත් කිසිදු පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍ය  වන්නේ නැහැ.

විශ්වාසදායක බව සහ ආරක්ෂිතව රිය පැදවීමේ කුසලතා ඇති බව පමණක් මෙහිදී ඔප්පු කිරීමට අවශ්‍යය වෙනවා.

07. Warehouse Storeperson

160% ක වර්ධනයක් Warehouse Storeperson තනතුරු සඳහා වූ රැකියා දැන්වීම් සඳහා පසුගිය කාලයේදී වාර්තා වුණා.

මෙම රැකියාව සඳහා forklift බලපත්‍රයක් තිබීම අනිවාර්ය වෙනවා.


පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


08. Personal Carer

Personal Carer රැකියා සඳහා වූ රැකියා දැන්වීම් පසුගිය කාලයේ 156% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

විධිමත් අධ්‍යපනික සුදුසුකම් නොමැතිව Personal Carer කෙනෙකු ලෙස රැකියාව කළ හැකි නමුත් ඇතැම් ආයතන වල රැකියා සඳහා සුදුසුකම් ලැබීමට Certificate III in Individual Support වැනි වෘත්තීය සුදුසුකමක් අවශ්‍ය වෙනවා.

09. Employment Consultant

Employment Consultant හෙවත් රැකියා උපදේශකවරුන් සඳහා වූ රැකියා දැන්වීම් 120% කින් පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාව තුළ ඉහළ ගොස් තිබෙනවා.

විධිමත් අධ්‍යපනික සුදුසුකමක් මේ සඳහා අවශ්‍ය නොවුණත් ඔබ සතුව උසස් ගනයේ සන්නිවේදන හැකියාවක් සහ පෞරුෂත්වයක් තිබිය යුතු වෙනවා.

Share
Published 4 March 2021 3:12pm
By Madhura Seneviratne

Share this with family and friends