ස්ත්‍රී දූෂණය පිළිබඳ තමාට එල්ලවී ඇති චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ නීතිපති කට අරියි (SBS සිංහල/ වාර්තා)

වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු 1988 වසරේ දී එවකට වයස අවුරුදු 16 ක තරුණියක්ව දූෂණය කළා යයි යන චෝදනාවක් පසුගිය සතියේදී කරළියට පැමිණියේය.

Attorney-General Christian Porter.

Attorney-General Christian Porter. Source: AAP

අතීතයේ සිදුවූ ස්ත්‍රී දූෂණයක් පිළිබඳ චෝදනාවට ලක්ව සිටින වත්මන් ෆෙඩරල් කැබිනට් අමාත්‍යවරයා තමන් බව පවසමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීතිපති Christian Porter අද (03/03) ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කළේය.

ඔහු එම ස්ත්‍රී දූෂණ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක්ද අමතනු ලැබීය.


Highlights

  • අතීතයේ සිදුවූ බවට කියවෙන ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්වූ පුද්ගලෙයකු වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස සිටින බවට නිර්ණාමික ලිපි තුනක්.
  • 1988 වසරේ දී එවකට වයස අවුරුදු 16 ක තරුණියක්ව දූෂණය කළා යන චෝදනාව එලෙස එල්ල කර තිබේ.
  • එම ලිපිවල සටහන් කර ඇති චෝදනා වලින් කිසිවක් සත්‍ය ලෙස සිදුවී නැත යනුවෙන් නීතිපති Christian Porter පවසයි.

ස්ත්‍රී දූෂණ චෝදනාව

වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු 1988 වසරේ දී එවකට වයස අවුරුදු 16 ක තරුණියක්ව දූෂණය කළා යයි යන චෝදනාවක් පසුගිය සතියේදී කරළියට පැමිණියේය.

ඒ සම්බන්ධයෙන් අගමැති මොරිසන්, කම්කරු පක්ෂයේ සෙනෙට් නායක Penny Wong සහ ග්‍රීන්ස් පක්ෂයේ සෙනෙට් සභික Sarah Hanson-Young වෙත යවන ලද ලිපියක් පිළිබඳ පොලිස් ආයතන තුනකට දැනුම් දී ඇති බව ද ABC රූපවාහිනියේ Four Corners වැඩසටහන අනාවරණය කළේය.
"එම ලිපිවල සටහන් කර ඇති චෝදනා වලින් කිසිවක් සත්‍ය ලෙස සිදුවී නැහැ." යනුවෙන් අදාළ චෝදනා සඳහා පිළිතුරු දෙමින් නීතිපති Christian Porter අද (03/03) පැවසුවේය.

කෙසේවෙතත්, අදාළ චෝදනාවලට ලක්ව සිටින දේශපාලනඥයා කවුරුන්දැයි කියා මේ දක්වා ප්‍රසිද්ධියේ නම් කර නොමැත.

"මම නීති රීති අනුගමනය කර නිශ්ශබ්දව සිටියද, නූතන ඔස්ට්‍රේලියානු දේශපාලනය තුළ අතිශය දරුණු චෝදනා මාලාවකට මා ලක්වී තිබෙනවා. මේ සියල්ල සිදුවී ඇති අතර, මාව මේ සම්බන්ධයෙන් කිසි විටෙක කිසිදු ආකාරයකින් කවුරුන් හෝ සම්බන්ධකරගෙන නැහැ. කිසිවෙකුත් මට මේ සම්බන්ධව කිසිදු විස්තරයක් හෝ ඉදිරිපත් කළේ නැහැ." යනුවෙන් නීතිපති Christian Porter පැවසුවේය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


"තමන්ගේ වැඩිමහල් දියණිය අහිමිවීමේ දුකින් පෙළෙන දෙමාපියන්ට මුලින්ම යම්දෙයක් කීමට මට අවශ්‍යයි. මම ඇයව දැන සිටියේ ඉතා කෙටි කාලයකට පමණයි. මීට අවුරුදු 33 කට පමණ පෙර අපි නව යොවුන් වියේ සිටින විට විවාද තරඟවලදී අප එකිනෙකා හමුවුණා. එවිට මට වයස අවුරුදු 17 යි, මම හිතන්නේ ඇයට වයස අවුරුදු 16 යි. ඔබේ දියණිය වන ඇයව අහිමි වීමෙන් ඔබ දෙපළට විශාල පාඩුවක් සිදුවුණා." යනුවෙන් නීතිපති Christian Porter විසින් චූදිතයා ගේ දෙමාපියන් අමතා ප්‍රකාශයක් කළේය.

"ඔබේ දියණියගේ මරණය පිළිබඳ පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියාවේ ඇතිවූ උමතු දේශපාලනීකරණයට ඔබ හසු විය යුතු නැහැ. නමුත් මෙලෙස චෝදනා කෙරෙන දේ සිදු නොවූ හෙයින්, මම ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ පැවසිය යුතු බව ඔබත් අවබෝධ කරගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා." යනුවෙන් ද ඔහු පැවසීය.

ඇමැතිධුරයෙන් ඉල්ලා අස් නොවෙමි

තමාට ඇති මෙම චෝදනා පිළිබඳ එකම තොරතුරු තමන්ට ලැබුනේ අන්තර්ජාලය හරහා සහ ඇතැම් මාධ්‍ය ආයතනවල සංසරණය වූ පුවත් හරහා පමණක් බව නීතිපති Christian Porter පැවසුවේය.

ABC රූපවාහිනියේ මේ සම්බන්ධ වැඩසටහන විකාශය වීමට පෙර නීතිය ක්‍රියාත්මක කරන කිසිවෙකු හෝ නීතිය හෝ දේශපාලනය හෝ මාධ්‍ය කිසි විටෙකත් මට කිසිදු චෝදනාවක් ඉදිරිපත් කළේ නැහැ. නමුත් මේ හා සම්බන්ධ රහසිගත ව්‍යාපාරයක් දියත් කෙරෙමින් පසුවන බව මම පසුගිය මාස කිහිපය තුළ දැනගත්තා." යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීතිපති අමාත්‍යධුරයෙන් තමන් ඉල්ලා අස්නොවන බව ද ඔහු අවධාරණය කළේය.

චෝදනාවල ඇති කිසිදු ක්‍රියාවක් තමන් අතින් සිදු නොවූ විටෙක තමන් නීතිපති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් ඔස්ට්‍රේලියාවේ සිටින ඕනෑම පුද්ගලයෙකුට ඔවුන්ගේ වෘත්තිය, රැකියාව අත්හැරීමට සිදුවේවි යයි නීතිපති Christian Porter පැවසුවේය.

Share
Published 3 March 2021 8:50pm
Updated 12 August 2022 3:11pm
By Maani Truu, Gavin Fernando, Madhura Seneviratne


Share this with family and friends