ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා වසා දැමීමේ කාලය තවදුරටත් දීර්ඝ කෙරේ (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා එළඹෙන ජුනි 17 දක්වා වසා තැබීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

A Qantas plane is seen as passengers walk to their flights at Sydney International Airport in Sydney.

Passengers walk to their flights at Sydney International Airport. Source: AAP Images/Lukas Coch

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා තවත් මාස 3 ක් පමණ යනතුරු විවෘත නොකරන බව වාර්තා වේ.

ඒ අනුව එළඹෙන ජුනි 17 දක්වා ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා වසා තැබීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා එළඹෙන ජුනි 17 දක්වා වසා දැමේ.
  • ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට සහ ඔවුන් ගේ පවුල්වල ආසන්නම සාමාජිකයින්ට පමණක් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර ලැබේ.
  • මෙම තහනම නිසා cruise නෞකාවන්ට පවා ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර නොලැබේ.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා තවදුරටත් වසා දැමේ

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා වසා තවදුරටත් වසා දමන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ඊයේ (02/03) පස්වරුවේ පැවසුවේය.

කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මේ වන විට පනවා ඇති "මානව ජෛව ආරක්ෂණ හදිසි කාල පරිච්ඡේදය" තවත් මාස තුනකින් දීර්ග කිරීමට රජය තීරණය කළ බව ඔහු එහිදී පැවසීය.

මේ හරහා ජාත්‍යන්තර සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට තහනම් කෙරෙන අතරේ අවසරයකින් තොරව ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට ඔස්ට්‍රේලියාවෙන් පිටවීමද තහනම් කෙරේ.

අදාළ "මානව ජෛව ආරක්ෂණ හදිසි කාල පරිච්ඡේදය" මාර්තු 17 වන දින අවසන් වීමට නියමිතව ඇති අතර මෙම දීර්ග කිරීම නිසා එය ජුනි 17 දක්වා කල්ගොස් තිබේ.

ඒ අනුව 2021 ජුනි 17 වන විට ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දමා මාස 15 ක් ගතවනු ඇත.

Australian Health Protection Principal Committee (AHPPC) සහ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී එක්ව ලබාදෙන උපදෙස් මත මෙම "මානව ජෛව ආරක්ෂණ හදිසි කාල පරිච්ඡේදය" දීර්ග කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සෑම පුද්ගලෙයකුගේම සෞඛ්‍යය හා ආරක්ෂාව සඳහා වන අවදානම අවම කිරීමක් මෙම හදිසි කාලසීමාව දීර්ග කිරීම හරහා සිදුවන බවද ඔහු අවධාරණය කළේය.

මෙම "මානව ජෛව ආරක්ෂණ හදිසි කාල පරිච්ඡේදය" දීර්ග කිරීම නිසා එම කාලය තුළ cruise නෞකාවන්ට පවා ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර නොලැබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


ඔස්ට්‍රේලියාවට දැනට පැමිණීමට හැක්කේ කා හටද?

ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා තිබියදී පවා ඔස්ට්‍රේලියාවට පැමිණීමට පහත පුද්ගල ඛාණ්ඩ සඳහා අවසර ලැබෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

  • ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට
  • ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි පුද්ගලයින්ට
  • ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිලාභීන්ගේ පවුලේ ආසන්නම සාමාජිකයින්ට
ඉහත පුද්ගලයින් ද ඔස්ට්‍රේලියාවට පැමිණි විගස දින 14 ක් තම වියදමින් හෝටල් නිරෝධායනය වීම අනිවාර්ය වේ.

විදෙස් රටවල සිරවී සිටි 211,000 කට වැඩි ඔස්ට්‍රේලියානුවන් මේ වන විට යළි ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගෙන ඇති බව අගමැති Scott Morrison පසුගිය මාසයේදී පැවසීය.

නමුත් මේ වන විට තවත් 40,000 කට ආසන්න ඔස්ට්‍රේලියානුවන් පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවද වාර්තා වේ.

Share
Published 3 March 2021 12:06pm
Updated 12 August 2022 3:11pm
By Maani Truu, Madhura Seneviratne


Share this with family and friends