2023 වන විට එක් වරක් පමණක් භාවිත කල හැකි ප්ලාස්ටික් භාණ්ඩ වර්ග ගණනාවක් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ තහනම් කෙරේ (SBS සිංහල/ වාර්තා)

වසර දෙකක් තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් භාණ්ඩ ගණනාවක් තහනම් කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය නිවේදනය කළේය.

Single-use plastics on board planes is becoming a major source of customer complaints.

Source: ABC RN: Fiona Pepper

එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් භාණ්ඩ වර්ග කිහිපයක්ම වික්ටෝරියා ප්‍රාන්තය තුළ භාවිතය තහනම් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ බලශක්ති, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ ඇමතිනී Lily D'Ambrosio මේ බව පසුගිය සෙනසුරාදා (27/02) නිවේදනය කළාය.


 

Highlights

  • ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික් පිඟන් හා කෝප්ප, ප්ලාස්ටික් කූරු සහිත Cotton buds මෙම තහනමට ලක්වන ප්‍රධාන භාණ්ඩ වර්ග වේ.
  • මෙම තහනමට වෛද්‍ය හෝ විද්‍යාත්මක උපකරණ ඇතුළත් නොවේ.
  • සෑම වික්ටෝරියානු වැසියෙකුම සෑම වසරකම ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 68 ක් landfill කසළ ලෙස බැහැර කරයි.

 

ඒ අනුව අදාළ එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් භාණ්ඩ වර්ග වසර 2023 සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ භාවිතය තහනම් කෙරේ.

එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් නිසා වික්ටෝරියානු ප්‍රාන්තයේ සිදුවන පරිසර දූෂණය අවම කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


2023 දී තහනමට ලක් කෙරෙන එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් භාණ්ඩ වර්ග

  • ප්ලාස්ටික් බීම බට
  • Drink stirrers
  • ප්ලාස්ටික් පිඟන්
  • Polystyrene containers
  • Polystyrene කෝප්ප
  • ප්ලාස්ටික් කූරු සහිත Cotton buds

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්ලාස්ටික් භාවිතය

සෑම වික්ටෝරියානු වැසියෙකුම සාමාන්‍යයෙන් සෑම වසරකම ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 68 ක් landfill කසළ ලෙස බැහැර කරයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කසළ වලින් තුනෙන් එකක්ම සමන්විත වන්නේ එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් බට වලින් සහ ප්ලාස්ටික් කෝප්ප වලින් බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ බලශක්ති, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ ඇමතිනී Lily D'Ambrosio පැවසුවාය.

"මේ තත්ත්වය අපිට වෙනස් කිරීමට අවශ්‍යයි, එනිසා එවැනි භාණ්ඩ වර්ග භාවිතයෙන් තහනම් කිරීමට අපි තීරණය කළා." යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.

අදාළ භාණ්ඩ වර්ග වෙනුවට සුදුසු, තිරසාර විකල්ප පහසුවෙන් ලබා ගත හැකි අතර දැනටමත් එම විකල්ප බහුලව භාවිතා වන බවද ඇය අවධාරණය කළාය.

මෙම තහනමට වෛද්‍ය හෝ විද්‍යාත්මක උපකරණ ඇතුළත් නොවේ.

එමෙන්ම හදිසි සේවා, disability සහ aged care සේවා වලට ද මෙම තහනම ආදේශ නොවන බව සඳහන්.

ඉහත සඳහන් කළ එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනයට හා අලෙවියට සම්බන්ධ ව්‍යාපාරවලට වෙනත් ව්‍යාපාර සඳහා මාරු වීමට අවශ්‍ය ණය රජය විසින් ලබා දෙනවාද සහ එම භාණ්ඩ අලෙවි කළහොත් හෝ භාවිත කළහොත් හෝ දඩ මුදල් පනවනවාද යන්න පිළිබඳ තවම ප්‍රාන්ත රජය තීරණය කර නොමැත.

ඒ සඳහා වසර දෙකක කාලයක් ඇති බැවින් එය ප්‍රමාණවත් බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ බලශක්ති, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ ඇමතිනී Lily D'Ambrosio පැවසුවාය.

Share
Published 1 March 2021 11:46am
Updated 1 March 2021 11:48am
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends