ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට සිදුවන වෙනස්කම් පිළිබඳ ජාත්‍යන්තර කාන්තා දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ හඬ නගති (SBS සිංහල/ වාර්තා)

අවාසනාවකට කැන්බරා පාර්ලිමේන්තු පරිශ්‍රයේ ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනස් කොට සැලකීම තිබෙනවා: ග්‍රීන්ස් පක්ෂෙය් සෙනට් සභික Lidia Thorpe.

Helen Haines, Tanya Plibersek, Jane Hume and Lydia Thorpe.

Helen Haines, Tanya Plibersek, Jane Hume and Lidia Thorpe. Source: SBS News

ස්ත්‍රී දූෂණ සහ ලිංගික අපයෝජන චෝදනා හේතුවෙන් මේ දිනවල ඔස්ට්‍රේලියානු දේශපාලනය ඉතා උණුසුම් වී තිබේ.

මේ තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියානු දේශපාලනය කාන්තාවන්ට අවදානම් ක්ෂේත්‍රයක් බවට ඇතැම් දෙනා හඳුන්වාදීමට පටන් ගෙන තිබේ.

වර්තමානය වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ හා සෙනට් සභාවේ පිරිමි මන්ත්‍රීවරුන් 141 ක් සිටින අතර කාන්තාවන් 86 ක් සිටින බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු දේශපාලනයේ ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනස් කොට සැලකීම පිළිබඳ මෙන්ම කැන්බරා පාර්ලිමේන්තුවේ එවැනි අත්දැකීම් පිළිබඳ ලිබරල් සෙනට් සභික Jane Hume, කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී Tanya Plibersek, ග්‍රීන්ස් පක්ෂෙය් සෙනට් සභික Lidia Thorpe සහ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රිනී Helen Haines ගෙන් SBS පුවත් සේවය විමසා සිටියේය.


Highlights

  • කැන්බරා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනස් කොට සැලකීමක් අත්විඳ නැති කාන්තාවක් සොයා ගැනීම ඔබට අපහසු වනු ඇත.
  • කැන්බරා පාර්ලිමේන්තුව පිරිමි මූලික ස්ථානයක්.
  • ඔස්ට්‍රේලියාවට පිරිමි අගමැතිවරු 29 ක් සහ එක් අගමැතිවරියක් පමණක් සිටින නිසා අගමැතිවරියක් ගැන සිතිය යුතුයි.

කැන්බරා පරිශ්‍රයේ කෙදිනක හෝ ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනස් කොට සැලකීමක් දැක තිබේද? ඔබ ඒ ගැන කළේ කුමක්ද?

Jane Hume

කැන්බරා පරිශ්‍රයේ දී ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනස් කොට සැලකීමක් අත්විඳ නැති කාන්තාවක් සොයා ගැනීම ඔබට අපහසු වනු ඇති. නමුත් මම එය සෑම තැනකම අත්දැක තිබෙනවා. මම හිතන්නේ එය ආවේණිකයි නමුත් එය අවම කරන්නට සෑම කෙනෙක්ම උත්සාහ දරනවා. කාන්තා හෝ පිරිමි ඕනෑම අයෙකුට ජාත්‍යන්තර කාන්තා දිනය යනු තමන්ගේ ආකල්ප හා හැසිරීම් පිළිබිඹු කිරීමට අවස්ථාවක්.

Tanya Plibersek

ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනස් කොට සැලකීම් ඕනෑතරම් මම දැක තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ බොහෝ සේවා ස්ථානවල තවමත් ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනස් කොට සැලකීම්ඕ නෑ තරම් ඇති බව මම සිතනවා. මම එඅනි අවස්ථාවක් දකින සෑම විටම එයට විරුද්ධව ක්‍රියා කිරීමට උත්සාහ කරනවා. කම්කරු පක්ෂයේ 50% කට ආසන්න ප්‍රතිශතයක් දැන් කාන්තා නියෝජනයක් ලබා තිබෙනවා. මෙම වෙනස්කොට සැලකීමට එරෙහිව හඬ නගන්නේ මම විතරක් නෙමෙයි, තව බොහෝ අය සිටිනවා. තමන්ගේ සේවා ස්ථානයේ සැලකිය යුතු කාන්තා නියෝජනයක් තිබෙනවානම් මේ තත්ත්වයට හොඳ විසඳුමක් ලැබෙනවා.

Lidia Thorpe

අවාසනාවකට කැන්බරා පාර්ලිමේන්තු පරිශ්‍රයේ මෙම වෙනස්කොට සැලකීම තිබෙනවා. සහයෝගයෙන් එකට සිට එයට එරෙහිව නොකඩවා සටන් කළ යුතුයි යන්න මගේ හැගීම. අපි නිශ්ශබ්දව සිටියහොත් එය දිගටම පවතිනු ඇති. මෙයට විරුද්ධව හඬ නැගීම කාන්තාවන්ට පමණක් අයිති දෙයක් නෙමෙයි. එයට සැමදෙනාම එක්විය යුතුයි. සෑම කෙනෙකුටම ආරක්ෂිත ස්ථානයක රාජකාරී කිරීමට අයිතියක් තිබෙනවා.

Helen Haines

මගේ අත්දැකීම් අනුව, මෙය කාන්තාවන්ට ඉතා අවලස්සන ස්ථානයක්. මෙය පිරිමි මූලික ස්ථානයක්. කැන්බරා පරිශ්‍රයේ මා සමඟ සෘජුවම කථා නොකිරීම සහ මා අවට සිටින අනෙක් පිරිමින් සමඟ ඔවුන් කතා කිරීමෙන් ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනස් කොට සැලකීම මම අත්විඳ තිබෙනවා. ඔවුන් සමග උරෙන් උර ගැටී මගේ හඬ ද එම කතාබස් වලට යොමු කිරීම එවැනි අවස්ථාවලදී මා කරන දෙයක්.
Parliament House in Canberra
Parliament House in Canberra Source: AAP

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ වෙනස් විය යුත්තේ කුමක්ද?

Jane Hume

කාන්තාවන් කෙරෙහි දක්වන ආකල්ප, හැසිරීම සහ සංස්කෘතිය පාර්ලිමේන්තුව විසින් පිළිබිඹු කළ යුතුයි. නමුත් එය අප විසින් සිදු කරගෙන යනවා. මම මෙහි සිටි අවුරුදු හතර තුළ පවා මා දුටු වෙනස්කම් අසාමාන්‍යයි. එම වෙනස දිගටම සිදුවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


Tanya Plibersek

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිවීමක් ස්දුවිය යුතු අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමාණයෙන් අඩක් පමණ විය යුතුයි.

ඔවුන් විවිධ වයස්වල, විවිධ වෘත්තීය පසුබිම් වල විය යුතුයි. අපගේ සමස්ත ඔස්ට්‍රේලියානු ප්‍රජාව වඩා හොඳින් පාර්ලිමේන්තුව  නියෝජනය කරන විට පාර්ලිමේන්තුව වඩා හොඳ තීරණ ගනීවී.

Helen Haines

වැඩිපුර ස්වාධීන මන්ත්‍රීවරුන්/ මන්ත්‍රීවරියන් සිටිය යුතුයි. පාර්ලිමේන්තුවේ වැඩි ස්වාධීනතාවක් තිබුනේ නම් අපට එතරම් ගෝත්‍රවාදයක් පෙන්නේ නැහැ. මම හිතන්නේ දැනට තිබෙනවාට වඩා සහයෝගීතාවයක් තිබෙන්නට ඕනේ. වෙනස් විය යුත්තේ එයයි.

ඔස්ට්‍රේලියාවේ පළමු සහ එකම කාන්තා අගමැතිවරිය පත්වී දැන් දශකයකට වැඩි කාලයක් ගත වී ඇත. ඊළඟ අගමැතිවරිය කවුරුන් විය හැකිද?

Jane Hume

ඔස්ට්‍රේලියාවේ මීළඟ අගමැතිවරිය විය හැකි මගේ සගයන් දුසිමක් පමණ නම් කළ හැකියි.

Tanya Plibersek

ඔස්ට්‍රේලියාවේ මීළඟ කාන්තා අගමැතිවරිය කවුදැයි මම දන්නේ නැහැ. නමුත් අපට පිරිමි අගමැතිවරු 29 ක් සහ එක් අගමැතිවරියක් පමණක් සිටින නිසා මම හිතන්නේ ඒ සඳහා බොහෝ දේවල් කළ යුතුයි. 

Lidia Thorpes

අප්‍රිකානු සම්භවයක් සහිත (කළු ජාතික) කාන්තාවක් ඔස්ට්‍රේලියාවේ අගමැතිවරියක් ලෙස පත් කිරීමට අප සෑහෙන ප්‍රමාද වී තිබෙනවා. එවැනි අන්දමේ උසස් ධුරයක් සඳහා ස්වදේශික ජනයා අතරින්ද පුද්ගලයින් බොහොමයකට විශාල හැකියාවක් තිබෙනවා.

Helen Haines

මේ වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරියන් 46 දෙනෙකු සිටිනවා. එම කාන්තාවන්ගෙන් ඕනෑම කෙනෙකුට ඔස්ට්‍රේලියාවේ මීළඟ අගමැතිවරිය විය හැකි හෝ විය යුතු අතර ඒ ඕනෑම අයෙකු ගැන මම සතුටු වෙනවා.
 


Share
Published 8 March 2021 12:41pm
Updated 12 August 2022 3:11pm
By Tom Stayner, Pablo Vinales, Shuba Krishnan, Ben Patrick, Madhura Seneviratne


Share this with family and friends