NAIDOC සතිය 2022: ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ හඬ පාර්ලිමේන්තුවට ගෙනයාම යනු කුමක්ද?

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ හඬක් ඇති කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිණිස ජනමත විචාරණයක් පැවැත්වීම වේගවත් වෙමින් පවතී.

Participants at a NAIDOC Week rally in Melbourne in 2018

The Uluru Statement from the Heart proposes three key reforms: Voice, Treaty and Truth. Source: AAP Image/Daniel Pockett

පාර්ලිමේන්තුවට ලබාදීමට යන ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ හඬ කුමක්ද?

වසර 2017 දී, ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ නියෝජිත කණ්ඩායමක් Uluru හි රැස් වූ අතර, එහිදී Uluru Statement from the Heart හෙවත් ඔස්ට්‍රේලියාවේ ජනතාවට ඉදිරිපත් කළේය.

Uluru ප්‍රකාශය ප්‍රතිසංස්කරණයේ මූලික අංග තුනක් යෝජනා කරයි: Voice, Makarrata ("ගිවිසුම" සඳහා භාවිතා කරන Yolngu වචනයක්) සහ Truth.


Highlights

  • 1901 ජනවාරි 1 දින සිට බලාත්මක වූ ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඇබෝර්ජීනියානු හෝ ටොරස් දූපත් වැසියන් ඔස්ට්‍රේලියාවේ මුල පදිංචිකරුවන් බවත් ඔවුන්ගේ ඉඩම් භාරකාරත්වයත් පිළි නොගනී.
  • නව අගමැති Anthony Albanese තම ජයග්‍රාහී කතාවේදී  ක්‍රියාත්මක කිරීමට තමා හදවතින් සම්පූර්ණයෙන් කැප කරන බවට කම්කරු පක්ෂය වෙනුවෙන් ප්‍රකාශ කළේය.
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ හඬක් ඇති කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිණිස  ජනමත විචාරණයක් අවශ්‍ය වේ.

ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන Voice to Parliament හෙවත් පාර්ලිමේන්තුවට හඬක් මෙහි පළමු ප්‍රතිසංස්කරණය ලෙස දැක්වේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ හඬක් ඇති කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිණිස  ජනමත විචාරණයක් අවශ්‍ය බව එයින් දැක්වේ.

එය ඕස්ට්‍රේලියානු නීති සහ දේශපාලන පද්ධතියේ මෙන්ම ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ව ව්‍යවස්ථාපිතව පිළිගැනීමට කටයුතු කරන ඔස්ට්‍රේලියානු ජනතාවගේ දශක ගණනාවක් පුරා ක්‍රියාවලියක එකතුවකි.
NAIDOC Week is held in the first week of July.
NAIDOC Week is held in the first week of July. Source: AAP

ඔස්ට්‍රේලියානුවන්ට මෙය බලපාන්නේ කෙලෙසද?

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට ස්වදේශික ජනයාගේ හඬක් එකතු කරන ලෙස හැඳින්වෙන උපදේශක මණ්ඩලයක් නිර්මාණය කිරීමට හැකි වන පරිදි නව ප්‍රතිපාදනයක් අනුමත කරන ලෙස ජනමත විචාරණයකින් ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටියි.

1901 ජනවාරි 1 දින සිට බලාත්මක වූ ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඇබෝර්ජීනියානු හෝ ටොරස් දූපත් වැසියන් ඔස්ට්‍රේලියාවේ මුල පදිංචිකරුවන් බවත් ඔවුන්ගේ ඉඩම් භාරකාරත්වයත් පිළි නොගනී.

ඒ අනුව සරලව කිවහොත්, Voice to Parliament යනු වසර 60,000 ක් පුරා මෙම මහාද්වීපයේ ජීවත් වූ මෙම ඉතා පැරණි මිනිස් වර්ගය, ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඔස්ට්‍රේලියානු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඔවුන්ගේ හඬ සහ භූමිකාව පිළිගැනීමය.
ඔස්ට්‍රේලියානු ජනතාව සහ මහාද්වීපය "ජාතියේ පූර්ණ ප්‍රකාශනයක්" ලෙස පිළිගැනීමට ද ඒ හරහා ඉතිහාසයේ පළමු වතාවට රට පෙරට ගමන් කිරීමට හැකියාව ලබා දෙන බවත් Uluru Dialogue හි සම සභාපතිනි සහ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර මානව හිමිකම් නීතීඥ මහාචාර්ය Megan Jane Davis  පැවසුවාය.

"එය අපගේ ජනතාව සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය වෙනස්කම් සම්බන්ධයෙන්  ඉල්ලා ඇති ප්‍රතිසංස්කරණ ගණනාවක කොටසක් වන අතර ගිවිසුම් ඇතිකර ගැනීමක් හෝ ගිවිසුම් කොමිසමක් ඊට ඇතුළත් වෙනවා." යනුවෙන් ඇය පැවසුවාය.

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ හඬ හඳුනා ගැනීමෙන් අපගේ ජීවිත සම්බන්ධයෙන් නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කරන විට ස්වදේශික ඔස්ට්‍රේලියානු ජනතාවට අදාළ තීරණ ගැනීමේ ස්ථානවල සිටීමට හැකි වේවී යනුවෙන් ද ඇය සඳහන් කළාය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


දැනට ඇති තත්ත්වය කෙබඳුද?

පසුගිය මැයි 21 පැවැත්වූ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව එදින රාත්‍රියේ නව අගමැති Anthony Albanese තම ජයග්‍රාහී කතාවේදී  ක්‍රියාත්මක කිරීමට තමා හදවතින් සම්පූර්ණයෙන් කැප කරන බවට කම්කරු පක්ෂය වෙනුවෙන් ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශය සහනයක් සහ ජයග්‍රහණයක් පිළිබඳ හැඟීමක් වන නමුත් තව බොහෝ දුර යා යුතුව ඇති බව අගමැති Albanese ගේ එම ප්‍රකාශය පිළිබඳ මහාචාර්ය Megan Jane Davis පැවසුවාය.
“අපි සතුටට පත්වෙනවා, ඔස්ට්‍රේලියාව තම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ ඉතා කලාතුරකින්. ඒ වගේම කිසිම ආකාරයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය බලයක් සඳහා අපේ ජනතාවට අවස්ථාවක් තිබුණේ නැහැ. එනිසාම මෙය ඉතා වැදගත් දෙයක්. මෙම ප්‍රතිසංස්කරණය අපගේ ජනතාව සවිබල ගැන්වීමට යන නිසා මෙය 1967 ජනමත විචාරණයට වඩා වෙනස්.” යනුවෙන්ද ඇය සඳහන් කළාය.

Uluru ප්‍රකාශයට අනුව, ප්‍රකාශයේ පළමු අංගය වන ජනමත විචාරණයක් සඳහා දැන් සූදානමක් ඇති අතර නව මධ්‍යම රජය ඒ සඳහා අඩිතාලම දමමින් සිටී.
Aboriginal Place Names Koomurri Aboriginal Dance Troupe perform at Warrang in Sydney
Koomurri Aboriginal Dance Troupe perform at Warrang (Sydney Harbour) Source: Getty Images

මීළඟ පියවර

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ හඬක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට පෙර වැදගත් පියවර තිබේ.

ව්‍යවස්ථානුකූලව ආරක්‍ෂා වී ඇති බැවින්, එම හඬ දේශපාලන න්‍යාය පත්‍රවලින් ඔබ්බට තිරසාර හා කල් පවතිනු ඇත.

ස්වදේශික බලගැන්වීම සහ ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතයට ක්‍රියාකාරී සහභාගීත්වය බලයේ සිටින දේශපාලන පක්ෂය මත රඳා නොපවතින බව ඉන් අදහස් වේ.
පසුගිය ලිබරල් සන්ධාන රජය ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ හඬ නීතිගත කිරීමට අදහස් කළ නමුත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට කිසිදු සැලසුමක් නොතිබූ අතර හඬ නීතිගත කළද එය අවලංගු කළ හැකිය.

නමුත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වූ පසු එය අහෝසි කළ හැක්කේ තවත් ජනමත විචාරණයකින් පමණි.

මේ සඳහා දේශපාලන සහාය සහ ඕනෑම ඡන්දයකට පෙර වැඩිදුර උපදේශන අවශ්‍ය වේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව පනතක් සම්මත කරන්නේ නම්, පාර්ලිමේන්තුව සඳහා ස්ථිර දේශීය උපදේශක මණ්ඩලයක් නිර්මාණය කිරීම පිණිස මාස හයක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්විය යුතුය.

Uluru ප්‍රකාශයේ කතුවරුන් ජනමත විචාරණයක් පැවැත්වීමට ඉඩ ඇති දිනයන් ලෙස 2023 මැයි හෝ 2024 ජනවාරි යෝජනා කර ඇත.



Share
Published 5 July 2022 2:13pm
Updated 12 August 2022 2:56pm
By Mert Balkanli, Madhura Seneviratne


Share this with family and friends