ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ට ජූලි 06 සිට ලැබෙන අලුත්ම සහනය මෙන්න (SBS සිංහල/ වාර්තා)

මෙතෙක් ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ට තමන්ගේ COVID-19 එන්නත් ලබා ඇති තත්ත්වය ප්‍රකාශ කිරීම අනිවාර්ය වූ නමුත් එය 2022 ජූලි 06 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අහෝසි කරන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

All COVID-19 border restrictions to be lifted by Home Affairs

All COVID-19 border restrictions to be lifted by Home Affairs Source: Getty Images

ඔස්ට්‍රේලියාවට ගුවනින් පැමිණෙන පුද්ගලයින්ට ඔවුන්ගේ COVID-19 එන්නත් ලබා ඇති තත්ත්වය ප්‍රකාශ කිරීමට ඩිජිටල් මගී ප්‍රකාශයක් (DPD) සම්පූර්ණ කිරීමට අවශ්‍ය නොවන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O’Neil නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසුවාය.


Highlights

  • ඔස්ට්‍රේලියාවට ගුවනින් පැමිණෙන පුද්ගලයින්ට ඔවුන්ගේ COVID-19 එන්නත් ලබා ඇති තත්ත්වය ප්‍රකාශ කිරීමට ඩිජිටල් මගී ප්‍රකාශයක් (DPD) සම්පූර්ණ කිරීමට අවශ්‍ය නොවේ.
  • මෙය 2022 ජූලි 06 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
  • ඒ අනුව සියලුම වීසා බලපත්‍රලාභීන්ට දැන් travel exemption හෙවත් සංචාරක නිදහස් කිරීමක් නොමැතිව ඔස්ට්‍රේලියාවට යාම් ඒම් සිදුකළ හැකිය.

සියලුම COVID-19 දේශසීමා නීති ඉවත් කෙරේ

මෙතෙක් ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ට තමන්ගේ COVID-19 එන්නත් ලබා ඇති තත්ත්වය ප්‍රකාශ කිරීම අනිවාර්ය වූ නමුත් එය 2022 ජූලි 06 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අහෝසි කරන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O’Neil මේ බව නිල වශයෙන් නිවේදනය කළාය.

“දැන් DPD භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ, පාසල් නිවාඩුවේදී විදෙස් සංචාරවල නිරතවී යළි ඔස්ට්‍රේලියාවට පැමිණෙන පවුල් සඳහා මෙය හොඳ ප්‍රවෘත්තියක්” යනුවෙන් ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil පැවසුවාය.
Signage for the Australian Government Department of Home Affairs is seen in Melbourne, Saturday, January 15, 2022. Novak Djokovic still faces uncertainty as to whether he can compete in the Australian Open, despite being announced in the tournament draw.
Signage for the Australian Government Department of Home Affairs is seen in Melbourne. Source: AAP Image/James Ross

ජෛව ආරක්ෂණ පනත වෙනස් කෙරේ

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාගේ සෞඛ්‍ය උපදෙස් අනුව ඔස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ පනත වෙනස් කරන ලදී.

ඒ අනුව සියලුම වීසා බලපත්‍රලාභීන්ට travel exemption හෙවත් සංචාරක නිදහස් කිරීමක් නොමැතිව ඔස්ට්‍රේලියාවට යාම් ඒම් සිදුකළ හැකිය.
"අපගෙන් වැඩි දෙනෙක් ජාත්‍යන්තරයේ සංචාරය කරන විට සහ අපගේ COVID අවදානම කළමනාකරණය කිරීමේදී ඔස්ට්‍රේලියාව කෙරෙහි වැඩි විශ්වාසයක් ඇති වන විට, අපගේ ගුවන් තොටුපලවල් කාර්යබහුල වෙමින් පවතිනවා" යනුවෙන් ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil පැවසුවාය.

මෙම අවශ්‍යතා හා සීමාවන් ඉවත් කිරීම ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපලවල ප්‍රමාදයන් අඩු කරනවා පමණක් නොව ඔස්ට්‍රේලියාව ගමනාන්තයක් ලෙස තෝරා ගැනීමට සංචාරකයින් සහ පුහුණු ශ්‍රමිකයින් වැඩියෙන් දිරිමත් වනු ඇති බව ද ඇය සඳහන් කළාය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

මෙම අවශ්‍යතා ඉවත් කිරීමත් සමඟ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට ද නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීම වඩාත් පහසු වනු ඇති බවත් ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනිය ප්‍රකාශ කළාය.

2022 පෙබරවාරි 18 සිට හඳුන්වාදුන් ඩිජිටල් මගී ප්‍රකාශය (DPD) පිළිබඳ ගුවන් මගීන්ගේ ප්‍රතිචාර මධ්‍යම රජය ලබාගෙන තිබේ.
එය කඩදාසි මත පදනම් වූ incoming passenger card හෙවත් පැමිණෙන මගීන්ගේ කාඩ්පත ප්‍රතිස්ථාපනය කරන අතර එය මගීන්ට ඉතා පහසුවෙන් පරිශීලනය කිරීමට හැකි එකක් බවට පත් කිරීමට තවත් බොහෝ කාර්යභාරයක් ඉතිරිවී ඇති බවත් ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil අවධාරණය කළාය.

ඒ අතර මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන මගීන්ටද ප්‍රතිලාභ ලැබෙනු ඇති අතර, තවදුරටත් Maritime Travel Declaration හෙවත් සමුද්‍රීය සංචාරක ප්‍රකාශයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය නොවේ.





Share
Published 4 July 2022 12:05pm
By Madhura Seneviratne

Share this with family and friends