නීති විරෝධී සංක්‍රමණිකයින් සිය ගණනක් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු රජය සැරසෙයි. ශ්‍රී ලංකාව ලැයිස්තුවේ අංක 2 ට. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ දැනට රැදී සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් නඩත්තු කිරීමට 2015-16 මුල්‍ය වර්ෂය තුළදී ඔස්ට්‍රේලියානු රජයට ඩොලර් බිලියන 1.9 ක පිරිවැයක් දැරීමට සිදුව තිබේ.

Asylum seekers

Source: SBS

යාත්‍රා මගින් නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් සිය ගණනක්  ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

2008 – 2013 කාලයේදී යාත්‍රා මගින් නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් හට අද (ඔක්තෝබර් 01) දිනට පෙර Protection Visa සඳහා අයදුම් කරන ලෙසත් එසේ ඔක්තෝබර් 01 දින තෙක් අයදුම් නොකරන නීති විරෝධී සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන ලෙසත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය මැයි මාසයේදී නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ වන විටත් Protection Visa සඳහා අයදුම් නොකළ නමුත් රජයේ සුබ සාධන දීමනා ලබන නීති විරෝධී සංක්‍රමණිකයින් 7500 ක් පමණ පිරිසක් සිටින බවට ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසුවේය.

මේ අනුව මේ වන තෙක් Protection Visa සඳහා අයදුම් නොකළ නීති විරෝධී සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට අමතරව අද පටන් ඔවුන්ගේ සුබ සාධන දීමනාද අත්හිටුවනු ඇත.
මේ තත්ත්වයට මුහුණ පා සිටින යම් නීති විරෝධී සංක්‍රමණිකයෙකු ස්වේච්ඡාවෙන් ඔස්ට්‍රේලියාවෙන් පිට නොවුණහොත් ඔවුන්ව රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට රජය කටයුතු කරන බවට නිවේදනයක් ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබේ.
එලෙස යම් නීති විරෝධී සංක්‍රමණිකයෙකු රජය මැදිහත් වී ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සිදු වුවහොත් අදාළ වියදම් එම පුද්ගලයින් හට ඔස්ට්‍රේලියානු රජයට ගෙවීමට සිදුවනු ඇත.

ඔක්තෝබර් 01 වන දින දක්වා Protection Visa සඳහා අයදුම් නොකළ නීති විරෝධී සංක්‍රමණිකයින් ගේ නිල සංඛ්‍යාව හෙට (02/10) දිනයේදී රජය විසින් නිල වශෙයන් නිවේදනය කිරීමට නියමිතය.

නමුත් පසුගිය සැප්තැම්බර් 27 වන දින විට එලෙස Protection Visa සඳහා අයදුම් නොකළ නීති විරෝධී සංක්‍රමණිකයින් ගේ සංඛ්‍යාව 531 ක් බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපර්තම්නේතුව SBS පුවත් වෙත පැවසීය.

එයින් 235 ක් ඉරානයේ සිට පැමිණි සිටි පිරිස් වන අතර සෙසු පිරිසෙන් බහුතරය ශ්‍රී ලංකාව, මැද පෙරදිග, ඉරාකය සහ වියට්නාමය වැනි රටවලින් පැමිණි බව ද සඳහන්.
“ඔස්ට්‍රේලියාවට තවත් ණය බර සපයන්නට අපට අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ විසීමට අයිතියක් නොමැති පුද්ගලයින් හට සුබ සාධන දීමනා ගෙවීමට රජයක් වශයෙන් අපට කරන්නට බැහැ.” යනුවෙන්  ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසුවේය.

ඔස්ට්‍රේලියාවේ දැනට රැදී සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් නඩත්තු කිරීමට 2015-16 මුල්‍ය වර්ෂය තුළදී ඔස්ට්‍රේලියානු රජයට ඩොලර් බිලියන 1.9 ක පිරිවැයක් දැරීමට සිදුව තිබේ.



මේ අතර ආගමන කටයුතු පිළිබඳ නීතිඥයින් අදාළ නීති විරෝධී සංක්‍රමණිකයන් හට Protection Visa සඳහා අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි සකස් කිරීමට සහ ඒවා යොමු කිරීමට නොමිලයේ සේවා සපයමින් සිටියි.

“දිනකට පුද්ගලයින් 5 දෙනෙකු බැගින් සතියේ දින පහට පුද්ගලයින් 125 දෙනෙකුට පමණ අපි සේවය සලසනවා.” යනුවෙන් ආගමන කටයුතු පිළිබඳ නීතිඥ හා සරණාගත උපදේශක Sarah Dale, SBS පුවත් සේවයට පැවසුවාය.

ඔක්තෝබර් 01 වන දිනට පෙර Protection Visa සඳහා අයදුම් කළ පුද්ගලයින් හට ඉදිරි මාස 6 ත් 12 ත් කාලය ඇතුළත රජයෙන් කැඳවීමක් ලැබෙනු ඇති බවද පැවසේ.

-----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

-----------------------------------------------------------------------------------------------------

Share
Published 1 October 2017 9:50pm
Updated 12 August 2022 3:53pm
By James Elton-Pym, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends