ඔස්ට්‍රේලියාව තුළ ධාවනය කෙරෙන වඩාත් ආරක්ෂිතම හා භයානකම භාවිතා කළ මෝටර් රථ හඳුනා ගැනේ. (SBS සිංහල/වාර්තා)

Toyota Prius, Ford Mondeo, Mazda 6, Honda CR-V සහ Holden Colorado ute යන වාහන අදාළ ලයිස්තුවේ තරු 5 ක් ලබා ආරක්‍ෂිත වාහන ලෙස නම් දරා ඇත.

The safest and most dangerous used cars on Aussie roads.

Source: Car Guide

1987 – 2015 කාලය අතරතුර ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ සිදුවූ මිලියන 7.5 ක පමණ මාර්ග අනතුරු අධ්‍යනය කිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ආරක්‍ෂිත සහ භයානකම භාවිතා කළ මෝටර් රථ (safest and most dangerous used cars) මොනවාද යන්න හඳුනාගෙන තිබේ.

මොනෑෂ් විශ්ව විද්‍යාලය විසින් සිදු කර ඇති මෙම අධ්‍යනයට අනුව ඔවුන් විවිධ මෝටර් රථ 400 ක් ලැයිස්තු ගත කර ඇති අතර ඒවාට ආරක්‍ෂිත තත්ත්වය මත 1-5 දක්වා තරු ලකුණු නිර්දේශ කර තිබේ.

ඒ අනුව එම ලයිස්තුවේ අවම තරු ලකුණු සහිත මෝටර් රථ ධාවනය කරන රියදුරන් වඩාත් ආරක්‍ෂිත භාවිත කළ මෝටර් රථ ධාවනය කරන රියදුරන්ට වඩා 10 ගුණයකින් ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් ඇති බව එයින් පෙන්වා දෙයි.

විශිෂ්ඨ සහ නරකම වාහන අතර අති විශාල වෙන්සක් ඇති බව RACV හි වාහන ඉංජිනේරු කළමණාකාර Michael Case, ABC පුවත් වෙත පැවසීය.

මෙම ලැයිස්තුවට ඇතුළත්වීමට නම් අදාළ මෝටර් රථ වර්ගය අවම වශයෙන් 100 වරක් හෝ අනතුරු වලට ලක්විය යුතු අතර ඒවායින් අවම වශයෙන් රියදුරන් 20 දෙනෙකු පමණ හෝ තුවාල ලැබිය යුතු වේ.

ඊට අමතරව මෝටර් රථ මාදිලි 40 ක් ආරක්‍ෂිත බවද එම අධ්‍යනය පෙන්වා දෙයි.

මාර්ග අනතුරු වලට අවම වශයෙන් ලක්වන මෝටර් රථ වල නවීන මාදිලියේ ආරක්‍ෂිත ක්‍රමෝපායන් ඇති බවද Michael Case පවසයි.

Toyota Prius, Ford Mondeo, Mazda 6, Honda CR-V සහ Holden Colorado ute යන වාහන අදාළ ලයිස්තුවේ තරු 5 ක් ලබා ආරක්‍ෂිත වාහන ලෙස නම් දරා ඇත.
මෝටර් රථ මාදිලි 75 කට වඩා වැඩි ප්‍රමාණයක් එක් තරුවක් පමණක් ලබා ඇති අතර එම ලැයිස්තුවට Honda Civic, Holden Cruze, Mazda 2, Ford Falcon සහ මුල් වසරවල Toyota Corollas වල ඇතැම් මාදිලි අයත්වී ඇත.
1986 පටන් මේ දක්වා මෝටර් රථ නිෂ්පාදනය කිරීමේදී ඒවායේ ආරක්ෂිත තත්ත්වය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවද RACV හි වාහන ඉංජිනේරු කළමණාකාර Michael Case පැවසීය.

ඩොලර් 10,000 ට වඩා අඩුවෙන් ආරක්‍ෂිත වාහන මාදිලි වල භාවිතා කළ වාහන මිලට ගැනීමට වර්තමානයේ හැකියාව ලැබීම ඇත්තෙන්ම අනගි අවස්ථාවක් බවද ඔහු පැවසුවේය.

ඔස්ට්‍රේලියාව තුළ ධාවනය කිරීම සඳහා භාවිතා කළ මෝටර් රථයක් මිලට ගැනීමට අපේක්ෂා කරන ඔබට මෙම ලැයිස්තුව අතිශය ප්‍රයොජනවත් වේවි.

Share
Published 27 September 2017 12:45am
By Madhura Seneviratne
Source: ABC Australia

Share this with family and friends