ජනපති මෛත්‍රීගේ නම ගෑවුණු ඔස්ට්‍රේලියානු අල්ලස් ගණුදෙනුව නැවතත් කරළියට. සුප්‍රසිද්ධ ඔස්ට්‍රේලියානු ඉදිකිරීම් සමාගමට ලෝක බැංකුවෙන් තහනමක්.

SMEC ශ්‍රී ලංකා කළමනාකරුගේ ඊ මේල් පණිවිඩයක තිබී "The minister ... wants to know whether SMEC could make a donation for the elections," යන කරුණ හමුවී තිබේ.

SMEC Bribe Case

Source: SBS

ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධම ඉදිකිරීම් සමාගමක් වන Snowy Mountains Engineering Corporation හෙවත් SMEC සමාගමට අයත් උප සමාගම් 5 ක් ලෝක බැංකුව විසින් තනහම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයකට අදාළ සමාගම් විසින් අල්ලස් ලබා දීමේ සිද්ධි තහවුරු වීමත් සමග ලෝක බැංකුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව SMEC සමාගමට අමතරව ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගම් වන BHP Billiton, Tabcorp, Tenix සහ CIMIC යන සමාගම් ද එම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
වර්තමාන ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2003 වසරේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස සිටි සමයේ එම පක්ෂයට යම් පරිත්‍යාග මුදලක් සඳහා කළ ඉල්ලීමක් මුල් කරගනිමින් ශ්‍රී ලංකාව සමග මෙම අල්ලස් ගනුදෙනුවට SMEC සමාගම මුලපුරා ඇති බවට ලෝක බැංකුව විසින් සිදු කළ දීර්ඝ පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත.
SMEC සමාගම ඇතුළු සෙසු සමාගම් හතර ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් මූලික කරගනිමින් ලෝක බැංකුව මුල්‍යාධාර සපයන ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සම්බන්ධ වී සිටියි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක කෙරෙන ලෝක බැංකු ප්‍රතිපාදන සැපයෙන ව්‍යාපෘති සඳහා ලන්සු තැබීමට  අයථා ලෙස අල්ලස් ලබාදීම මෙහි ප්‍රධාන චෝදනාව වේ.

අයුතු ලෙස මුදල් ඉල්ලු ඊ මේල් වල ජනපති මෛත්‍රීපාල ගේ නමත්

SMEC Bribe Case
Source: Daily Mirror
ඔස්ට්‍රේලියාවේ Fairfax මාධ්‍ය ජාලය පසුගිය වසරේ අනාවරණය කරගත් පරිදි SMEC සමාගම ශ්‍රී ලංකාවේ කසළ ශෝධන ව්‍යාපෘතියකට මුල්‍යාධාර සැපයීමේදී සහ 2007 වසරේ බංගලාදේශයේ කුඩා ප්‍රමාණයේ බලශක්ති මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මුල්‍යාධාර සැපයීමේදී මෙම අල්ලස් ගනුදෙනු සිදුව තිබේ.

එම සමාගමේ අභ්‍යන්තර ඊ මේල් පණිවිඩ වලින් හෙළිවී ඇත්තේ SMEC ශ්‍රී ලංකා කළමනාකරු සහ එවකට කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ උපදේශකයකු ඩොලර් මිලියන 1.8ක් වූ අදාල ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර දේශපාලනික මුල්‍ය අනුග්‍රහයක් සඳහා ඉල්ලීමක් සිදු කර ඇති බවය.

SMEC ශ්‍රී ලංකා කළමනාකරුගේ ඊ මේල් පණිවිඩයක තිබී "The minister ... wants to know whether SMEC could make a donation for the elections," යන කරුණ හමුවී තිබේ.

ඉන් අනතුරුව සිරිසේන මහතාගේ සන්බන්ධීකාරක ලේකම් වරයාගෙන් ලද ඊමේල් පණිවිඩයක තිබී “Coordinating Secretary said this is the way it goes prior to signing the cabinet papers. He wants us to produce an amount/percentage on the contract value."

මීට අමතරව SMEC සමාගම විසින් ගෙවීමට අපේක්ෂා කරන  මෙම අයුතු මුදල් වල ප්‍රමාණය පිළිබඳ අමාත්‍යවරයා සහ සන්බන්ධීකාරක ලේකම් වරයාව දැනුවත් කිරීම උදෙසා SMEC ශ්‍රී ලංකා කළමනාකරු ලියන ලද තවත් ඊමේල් පණිවිඩයකින් මෙම කරුණට තවත් සාක්ෂි සැපයී ඇති බව පැවසේ.

SMEC ශ්‍රී ලංකා කළමනාකරුගේ තවත් ඊමේල් පණිවිඩයක සටහන් වී ඇත්තේ නිර්නාමික පක්ෂ සඳහා සිදු කිරීමට අපේක්ෂිත මෙම ගෙවීම් සඳහා ඔහුට ප්‍රමුඛතා සකස් කිරීමට අවශ්‍ය බවයි.
මේ පිළිබඳ SMEC සමාගමෙන් කළ විමසීමකදී එසේ දේශපාලන ආධාර ඉල්ලු බව ඔවුන් සනාථ කර ඇත.

නමුත් එවන්වූ කිසිඳු මුදල් ගෙවීමක් සිදු කළ බවට මෙතෙක් සොයා ගෙන නොමැති බවට පසුගිය වසරේදී SMEC සමාගම ප්‍රකාශ කළේය.

මේ අතර මෙවැනි සිද්ධියකට  තමන් කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් සපයා නොමැති බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව සඳහන් කරමින් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී  ශ්‍රී ලංකා ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

අදාළ පුවත සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නීතිපතිවරයාට උපදෙස් දුන් බවද එහි සඳහන්.

ඊට අමතරව ඔස්ට්‍රේලියාව පාර්ශවයෙන් සිදු කෙරෙන ඕනෑම පරීක්ෂණයකට තමන් සහයෝගය ලබා ඩෙන්ස බවද සිරිසේන මහතා පවසා තිබේ.

ලෝක බැංකු තහනමට අමතරව තවත් තහනම්

World Bank
Source: SBS
SMEC සමාගම සහ සෙසු සමාගම් ලෝක බැංකුවත් සමග සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව අදාළ සමාගම් සියල්ලටම ලෝක බැංකු මුල්‍ය ප්‍රතිපාදන සපයන ව්‍යපෘති සඳහා මාස 6 – 30 ත් අතර කාලයක් සම්බන්ධ වීමට නොහැක.

ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුව, නැවත ඉදිකිරීම් සහ සංවර්ධනය සඳහා වූ යුරෝපානු බැංකුව, අන්තර් ඇමෙරිකානු සංවර්ධන බැංකුව සහ අප්‍රිකානු සංවර්ධන බැංකුව සමගද අදාළ සමාගම් වලට ඉදිරියේදී ගනුදෙනු කිරීම ඇහිරෙනු ඇත.

2003 වසරේ ශ්‍රී ලංකාවේ කසල ශෝධන ව්‍යපෘතිය සඳහා  ඩොලර් මිලියන 2.3 ක ආධාර සපයා ඇති බවද වාර්තා වේ.

විදේශීය අල්ලස් ගණුදෙනු 1999 වසරේ සිට ඕස්ට්‍රේලියාවේ අපරාධයක් ලෙස නම් කළ අතර ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් SMEC සමගාම සහ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සිදු වුවා යයි පැවසෙන මෙම අයථා ගනුදෙනු පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

-------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

-------------------------------------------------------------------------------------------------------

Share
Published 30 September 2017 10:55pm
Updated 12 August 2022 3:53pm
By Madhura Seneviratne, Richard Baker
Source: ABC Australia

Share this with family and friends