ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීම හා කැපකරු රැකවරණය දීම ( SBS සිංහල/ වාර්තා)

සතුන්ට හිරිහැර කිරීම වැළැක්වීමේ රාජකීය සංගමය (RSPCA) හෝ වෙනත් සුරතලුන් ගලවා ගැනීමේ සංවිධාන හරහා සුරතල් සතුන් හදා වඩා ගැනීමෙන්, සතුන්ට ජීවත් වීමට දෙවන අවස්ථාවක් ලබා දීමට ඔබට හැකි වේ.

Pet Adoption

Giving animals a second chance is a rewarding experience. Source: Getty Images/Group4 Studio

ඔස්ට්‍රේලියාව ලෝකයේ සුරතල් සතුන් හිමිකාරීත්ව අනුපාත වලින් ඉහළින්ම සිටින අතර, දළ වශයෙන් නිවෙස් වලින් 61%ක පමණ සුරතල් සතෙකුගේ හිමිකාරිත්වය දරයි.

එහෙත්, සෑම වසරකම සුරතල් සතුන් දහස් ගණනක් සුරැකුම්හල් වෙතට පමණක් යොමු කරනු ලැබේ.


Key points

  • සෑම වසරකම සතුන් සිය දහස් ගණනක් සත්ව සුරැකුම්හල් වලට පැමිණේ.
  • හදා වඩාගැනීමට ලබා දීමට පෙර සතුන් වෛද්‍යමය හා චර්යාත්මකව තක්සේරු කර, එන්නත් ලබා දීම, මයික්‍රොචිප් ඇතුළත් කිරීම සහ වන්ද්‍යානුකරණයට ලක් කිරීම සිදු කරනු ලැබේ.
  • දිගුකාලීනව සුරතලෙකුගේ හිමිකාරිත්වය සඳහා කැපවිය නොහැකි අය සඳහා කැපකරු රැකවරණය සැලසීම (foster caring) විකල්පයකි.
මෙවැනි නවාතැනකින් සතෙකු හදා වඩා ගැනීමෙන් හෝ පෝෂණය කිරීමෙන්, ඔබට ඔවුන්ගේ ඇසුර භුක්ති විඳීමට හැකි වනවා මෙන්ම ඔවුන්ට ජීවිතයේ දෙවන අවස්ථාවක් ද ලබා දීමටද ඔබට අවස්ථාව හිමිවේ.

සතුන්ට හිරිහැර කිරීම වැළැක්වීමේ රාජකීය සංගමයේ ( RSPCA ) Kieran Watson පවසන්නේ සෑම වසරකම සතුන් 30,000 ක් පමණ ඔවුන්ගේ NSW නවාතැනට පමණක් ඇතුළු වන බවයි.එයින් 15,000 ක් පමණ බළලුන් වන අතර, බල්ලන් 10,000 ක් පමණ වේ.
අනෙකුත් සතුන් අතර අශ්වයන්, ඌරන්, කුකුළන් මෙන්ම හාවුන්, කුරුල්ලන් සහ මාළු වැනි පශු සම්පත් ද ඇතුළත් වේ.

බොහෝ සුරතල් සතුන් ගලවා ගැනීමේ සංවිධාන වල දී මෙන්ම RSPCA හි ද, සතුන් අඩු ගාස්තුවකට ඇති දැඩි කිරීම සඳහා ලබා දීමට පෙර වෛද්‍ය විද්‍යාත්මකව සහ චර්යාත්මකව තක්සේරු කර, එන්නත් කිරීම, මයික්‍රොචිප් ඇතුළත් කිරීම සහ වන්ද්‍යානුකරණයට ලක් කිරීම සිදු කරනු ලැබේ. RSPCA හි බොහෝ සතුන් විවිධ හේතූන් මත සුරතල් සතුන්ගේ හිමිකරුවන් යටතේ සිට දැනටමත් පුහුණු වී තිබේ.

සංවිධානය කිසිදු ලාභයක් නොලබන බැවින්, අවශ්‍ය සියලුම වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ආවරණය කිරීම සඳහා හදා වඩා ගැනීමේ ගාස්තුව අවම මට්ටමක තබා ඇත.

බළලුන් දරුකමට හදා ගැනීමට ඩොලර් 200 ක් පමණ වන අතර බල්ලෙකු හදා වඩා ගැනීම සඳහා ගාස්තුව සුරතලාගේ ප්‍රමාණය සහ වයස අනුව ඩොලර් 400-450 ක් අතර විය හැකිය.

එම සුරතලුන් සුරැකුම්හල් වල සිටියදී රැකබලා ගැනීම සිදු වන නමුත් ඔවුන්ට වැඩිපුර අවශ්‍ය වන්නේ පුරුදු ඇති කර ගැනීම සහ ස්ථාවරත්වය වන බව Kieran පවසයි.
Adopting Pets Australia
Animals in the shelter are looking for routine and stability Source: Getty Images/Capuski

සුරතලෙකු හදා වඩා ගත යුත්තේ ඇයි?

ඔබ අන්තර්ජාලයෙන් හෝ සුරතල් සතුන් විකුණන වෙළෙඳ සැලකින් සුරතල් සතෙකු මිලදී ගැනීමට යන්නේ නම්, එම සුරතලාට දිගු කාලීනව මොන වගේ ප්‍රශ්න තියෙනවද, සුරතලා අභිජනනය කර ඇත්තේ කොයි ආකාරයකින්ද, කුමන තත්වයක ජීවත් වූවාද යන්න ඔබ නොදන්නවා විය හැකියි.

එහිදී ඔබට හොඳ සෞඛ්‍ය සම්පන්න සහ නිවැරදිව සලකනු ලැබූ සතෙකු ලබා ගත හැකිද යන්න පැවසීම ඇත්තෙන්ම දුෂ්කරයි යනුවෙන් Kieran පවසයි.

මිනිසුන් ලාභය සඳහා බෝ කරන, බලු පැටව් ගොවිපොලවල් දැක තිබීම කණගාටුදායක බව ඔහු තවදුරටත් කියා සිටී.
ඔබ RSPCA හෝ ඕනෑම සුරතල් සතුන් ගලවා ගැනීමේ සුරැකුම්හලකින් සුරතලෙකු හදාගත් විට, ඔබ සුරතලාට දෙවන අවස්ථාවක් ලබා දීමක් සිදුවන අතර එය ඔබට දැනෙන විශිෂ්ට හැඟීමක් වනු ඇති.
RSPCA වෙතින් සුරතල් සතෙකු හදා ගැනීමට, ඔබට ඔවුන්ගේ වෙබ් අඩවිය පරීක්ෂා කළ හැකි වේ. නැතහොත් ඔබේ ළඟම ඇති RSPCA සුරැකුම්හලට කෙලින්ම යාමට හැකි වේ.

සුරතල් සතෙකු ඇති කිරීමේ ක්‍රියාවලියේදී කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ප්‍රථමයෙන් ඔබ සමඟ සත්වයා ගැන කතා කරනු ඇති අතර, එය ඔබගේ පවුලට සහ ජීවන රටාවට වඩාත්ම ගැලපෙන බව සහතික කර ගැනීමට එහිදී හැකියාව ලැබේ.

ඔබේ ප්‍රදේශයේ තබා ගැනීමට අවසර දී ඇති සතුන් පිළිබඳව ඔබේ ප්‍රාදේශීය සභාව සමඟ පරීක්ෂා කිරීම ද හොඳ අදහසක් වන බව Kieran පවසයි.

ඔබේ ගෙවත්තේ දවස පුරා කෑගසමින් ශබ්ද කරන කුකුළෙක් ඇති කිරීමට බොහෝ ප්‍රාදේශීය සභාවලින් අවසර හිමි නොවේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


දේශීය සුරතල් සතුන් ගලවා ගැනීමේ මධ්‍යස්ථාන

ඔබට බොහෝ දේශීය ගලවා ගැනීමේ මධ්‍යස්ථාන වලින් සුරතල් සතෙකු හදා වඩා ගත හැකිය.

Cari Mitchell වසර ගණනාවක් තිස්සේ අයාලේ යන බළලුන් බේරා ගැනීම සහ නැවත පදිංචි කිරීම වෙනුවෙන් පෙනී සිටින්නියකි.

ඇය මීට වසර හතරකට පෙර ඇගේ ප්‍රාදේශීය බළලුන් බේරා ගැනීමේ සංවිධානය හරහා බැළලියක සහ ඇගේ පූස් පැටවා හදා වඩා ගත්තාය.
Adopting Pets Australia
Adopting pets can be a rewarding experience Source: Getty Images/eclipse_images
ඔබට අයාලේ යන බළලෙකු හමු වූ විට, ඔබ අහම්බෙන්වත් වෙනත් කෙනෙකුගේ නැතිවූ සුරතලා හදා වඩා ගන්නේ නැති බව තහවුරු කර ගැනීම සඳහා ඔබේ ප්‍රදේශයේ බළලුන් බේරා ගැනීමේ මධ්‍යස්ථානය සම්බන්ධ කර ගැනීම සැමවිටම හොඳ අදහසක් වනු ඇති බව ඇය පවසයි.

ඔබට නිවසට පැමිණීමට පෙර ඔබේ බළලා රෝග වලින් තොර බවට වෛද්‍ය සහතික ලබා ගෙන, එන්නත් කර, සහ මයික්‍රොචිප් ඇතුළුකර ලබා ගත හැකි බවද මෙයින් අදහස් වේ.

සෑම වසරකම බළලුන් සහ පූස් පැටවුන් සිය ගණනක් සොයා ගැනෙන අතර, ඔවුන් සඳහා නිවාස සොයා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ වීදි වල විඳවීම අවසන් කිරීමට හෝ ඔවුන් අසනීපයෙන් පසු වන නිසා කණගාටුදායක ලෙස ඔවුන්ව මානුෂීය ලෙස මිය යාමට සලස්වනු ලැබේ.
ඇයට අවශ්‍ය වන්නේ බළලුන් බෝ වන ප්‍රශ්නය තවත් වැඩි නොවීම සහතික කර ගැනීමට බව Cari Mitchell පවසයි.
මෙසේ බේරා ගන්නා බළලුන් නිවසක මිනිසුන් සමඟ ජීවත් වීමට හුරු වීමට යම් කාලයක් ගත වේ.

ඔබ හදා වඩා ගැනීමට පෙර ඔවුන් ගත කළ ජීවිතය කොයි ආකාරයේ එකක් දැයි ඔබ නොදන්නා බව Cari පවසයි.

ජීවිතයෙන් වැඩි කාලයක් වීදිවල ගත කළ බළලුන් හදා වඩා ගැනීම අභියෝගාත්මක විය හැකිය.

Cari ගේ මව් බැළලියට ඇගේ උකුලේ වාඩි වීමට තරම් හුරු වීමට මාස 18 ක් ගත විය.

එහෙත් එවැනි අභියෝගාත්මක සුරතල් සතුන් හදා වඩා ගැනීමේදී ගැඹුරු වූ ජයග්‍රහණයක් පිළිබඳ හැඟීමක් දැනෙනු ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටී.

කැපකරු රැකවරණය (Foster Care)

සුරතල් සතෙකු හදා වඩා ගැනීම විශාල කැපවීමක් වන අතර එය එම සත්වයාගේ ජීවිත කාලය පුරාම පවතින එකක් බව Kieran පවසයි.

එය දැන් ඔබේ ජීවිතයට ගැළපෙනු ඇති නමුත් එය වසර පහකින් හෝ විස්සක් දක්වාම ඔබේ ජීවිතයට ගැලපේද? සමහර සුරතල් සතුන් දීර්ඝායුෂ ලැබිය හැකි බැවින් ඔබ ඔබෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය මෙයයි.

ඔබ සුරතලෙකුගේ ඇසුරක් සොයන නමුත් නමුත් සුරතලෙකුගේ හිමිකාරිත්වයේ වගකීම් හෝ මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් ඔබට දිගු කාලීනව කැපවිය නොහැකි නම්, මෙසේ සුරතලෙකුට කැපකරු රැකවරණය සැපයීම ඊට හොඳ විකල්පයක් විය හැකිය.

අතරමං වූ සහ අයාලේ යන සතුන්ට, වෛද්‍ය අවශ්‍යතා ඇති සතුන්ට, අලුත උපන් සතුන්ට හෝ සුරැකුම්හලක පරිසරයකට මුහුණ දිය නොහැකි සතුන්ට තාවකාලික නිවාස ලබා දීම සඳහා රට පුරා බොහෝ කැපකරු සත්කාර වැඩසටහන් තිබේ.
Adopting Pets Australia
Foster care programs give temporary homes for animals before they go into adoption Source: Getty Images/yara duvdevan
යනු අතරමං වූ සහ අයාලේ යන සතුන් සඳහා කැපකරු රැකවරණය ලබා දීමේ වැඩසටහන් ඉදිරිපත් කරන බොහෝ ආයතනවලින් එකකි.

සුරතල් සතාගේ අවශ්‍යතා සහ රැකවරණය සැපයීමට ඇති උනන්දුව මත පැටවුන් රැකබලා ගැනීමේ කාලය වෙනස් විය හැකි නමුත් සාමාන්‍යයෙන් එය සති දෙකක සිට හතර දක්වා පමණ වේ.

කැපකරු සත්කාර සංවිධානයේ සම්බන්ධීකාරක Isabella Polizzi පවසන්නේ
සුරතල් සතුන්ට රැකවරණය සපයන්නන් ජීවිතාරක්ෂකයින් හා සමාන වන බවයි.
ඔබේ රැකවරණය තුළ සතුන් වැඩෙමින් දියුණු වන ආකාරය දැකීමෙන් හදවත උණුසුම් වන අතර ඔවුන් හදා වඩා ගන්නා බව ඔබ දකින විට දැනෙන්නේ ජයග්‍රාහී හැඟීමක්" බව Isabella පවසා සිටී.
Monica Lo Cascio සති කීපයකට වරක් අලුත් බල්ලෙක් හෝ බලු පැටවෙක් රැක බලා ගනිමින් සිටී .

සුරතල් සතෙකුගේ හිමිකාරිනියක ලෙස ඇයට මීට පෙර කළ නොහැකි දෙයක් වූ සුරතල් සතෙකුගේ ඇසුර භුක්ති විඳින අතරම තමන්ට ගමන් බිමන් යාමට මෙහි ඇති නම්‍යශීලී බවට ඇය ප්‍රිය කරයි.ඇයගේ කාර්යභාරය වන්නේ සදාකාලිකව ජීවත් වීමට නිවෙසක් සොයා ගැනීමට හැකි වන පරිදි "හොඳ ගෘහස්ථ බල්ලන්" බවට පත් කිරීමට සතුන් පුහුණු කිරීමයි.

තමන් රැක බලා ගන්නා සුරතලුන් වෙනුවෙන් , ඔවුන්ගේ ජීවිතය ගැන සඟරාවක් පවත්වාගෙන යන Monica පවසන්නේ බල්ලන් කිසිවිටෙකත් 'නරක' නොවන අතර ඔවුන් 'නුපුහුණු' බල්ලන් වන බැවින් ඔවුන්ට මඟ පෙන්වීම් අවශ්‍ය බවයි.

ඕනෑම කෙනෙකුට කැපකරු භාරකරුවෙකු විය හැකිය.ඒ සඳහා විශේෂ අවශ්‍යතා නොමැති , නමුත් යෝග්‍යතාවය තක්සේරු කරනු ලබන අතර, ඔබේ ජීවන රටාවට ගැලපෙන පරිදි සුරතල් සත්වයා ප්‍රවේශමෙන් තෝරා දෙනු ලැබේ.

මෙහිදී සතුන්ට හැකි උපරිම රැකවරණය ලබා දීම සඳහා ඔබ නිවසෙන් බැහැරව කොපමණ පැය ගණනක් වැඩ කරනවාද, නිවසේ සිටින අනෙකු ත්සතුන් සහ ළමයින් සංඛ්‍යාව වැනි කරුණු සලකා බලනු ලැබේ.
Adopting Pets Australia
Owning a pet is a lifetime commitment Source: Getty Images/Peter M. Fisher

සුරතල් සතුන් රක්ෂණය

මාර්තු යනු PETstock Assist හි ජාතික සුරතල් දරුකමට හදාගැනීමේ මාසය වන අතර, එය සුරතල් දරුකමට හදා ගැනීම සහ කැපකරු රැකවරණ ස්ථානගත කිරීම පිළිබඳව දැනුවත් කිරීම සහ දැනුවත් කිරීම අරමුණු කරයි.Hanako Ogawa යනු සිඩ්නි හි උතුරු වෙරළේ හදිසි සහ දැඩි සත්කාර පශු වෛද්‍යවරියකි.

වෛද්‍ය ඔගාවා පවසන්නේ අයිතිකරුවන්ට වෛද්‍ය බිල්පත් දැරිය නොහැකි නිසා සුරතලෙකු ප්‍රතිකාර නොකර අත් හරින්නට සිදු වූ අවාසනාවන්ත අවස්ථා ඇය ඕනෑ තරම් දැක ඇති බවයි.

ඔබ ඔබේ නිවසට සුරතල් බලු පැටවෙකු හෝ පූස් පැටවකු පිළිගන්නා විට, සුරතලා අසනීප විය හැකි බවත්, බරපතළ ලෙස තුවාල විය හැකි බව ඔබට හිතාගන්නට අපහසු වෙනු ඇතැයි වෛද්‍ය ඔගාවා පවසයි.

එවැනි අවස්ථාවකදී වෛද්‍ය බිල්පත් ඔබව මවිතයට පත් කරනු ඇත.

"ඇත්ත වශයෙන්ම මගේ මුළු හදවතින්ම, ඕනෑම සුරතලෙකුගේ හිමිකරුවෙකු සුරතල් සතුන් සඳහා රක්ෂණාවරණයක් ලබා ගැනීම සලකා බලන්නේ නම් මම කැමතියි, එසේ නොවේ නම්, ඔබේ සුරතලා වෙනුවෙන්ම යම් මුදලක් ඉතිරි කරන්න, එවිට අවශ්‍ය අවස්ථාවන් සඳහා ඔබ සූදානම්" යනුවෙන් ඇය වැඩිදුරටත් කියා සිටී.

මාර්තු මාසය ()ජාතික සුරතල් සතුන් ඇති කිරීමේ මාසය වන අතර, එමගින් සුරතල් සතුන් හදා වඩා ගැනීම හා කැපකරු රැකවරණ සැලසීම ස්ථානගත කිරීමත් ඒ පිළිබඳව දැනුවත් කිරීමත් අරමුණු කරයි.

ඔබ ඔබේ පවුල තුළට සුරතලෙකු පිළිගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ආදරණීය නිවසක් සොයන සුරතල් සතෙකු හදා වඩා ගැනීම හෝ කැපකරු රැකවරණය සැලසීම ගැන සලකා බලන්න.

Share
Published 17 May 2022 5:46pm
Updated 12 August 2022 2:56pm
By Yumi Oba, Athini Amarasiri


Share this with family and friends