දේශගුණික විපර්යාස සහ විසඳුම් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ තුනෙහි ප්‍රතිපත්ති මෙන්න (SBS සිංහල/ වාර්තා)

වසර 2050 වන විට ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍ය ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ දෙකම කැපවී සිටිති.

Here are the policies of Australia's three major parties on climate change

Source: SBS News

එළමෙන මැයි 21 වන දින ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ය.

මෙවර මැතිවරණයේ තම ඡන්දය භාවිත කිරීමේදී ඡන්ද දායකයින් සලකා බලන ප්‍රධාන කරුණු අතරින් එකක් ලෙස දේශගුණික විපර්යාස සඳහා ලබාදෙන විසඳුම් පෙන්වා දිය හැකිය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


නවතම Ipsos දේශගුණික විපර්යාස වාර්තාවට අනුව, ඔස්ට්‍රේලියානුවන්ගෙන් 83% ක් පමණ දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුමෙහි දුර්වල බලපෑම් පිළිබඳව කනස්සල්ලට පත්ව සිටිති.

එහිදී වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් 1,000ක් පමණ සමීක්ෂණය කර ඇත.

පාරිසරික ව්‍යසනයන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඔවුන් තනි අපේක්ෂකයා හෝ පක්ෂයේ ප්‍රතිපත්ති දෙස බලන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශ කර තිබුණි.
වසර 2050 වන විට ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍ය ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ දෙකම කැපවී සිටිති.

එහි ඉලක්කයට අනුව එම කාලය වන විට ඔස්ට්‍රේලියාව වායුගෝලයෙන් ඉවත් කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම වශයෙන් ඔවුන් විමෝචනය කරන ප්‍රමාණයට සමාන වනු ඇත.

එම ඉලක්කය සපුරා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ තුන සැලසුම් කරන ආකාරය පිළිබඳ මෙයින් විස්තර කෙරේ.
Both major parties have committed to reaching net zero emissions by 2050.
Source: SBS

ලිබරල් සන්ධානය

වසර 2050 වන විට ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍ය කිරීම පිළිබඳ සිය කැපවීම සාක්ෂාත් කර ගැනීම සඳහා 'බදු නොව තාක්‍ෂණය' නමැති ක්‍රමයක් භාවිතා කරන බව ලිබරල් සන්ධානය පවසයි.

2030 වන විට 26% ත් 28% ත් අතර ප්‍රමාණයකින් කාබන් විමෝචනය අඩු කිරීමට ලිබරල් සන්ධානය කැපවී ඇත.

නමුත් එම දිනය වන විට කාබන් විමෝචනය 30% ත් 35% ත් අතර ප්‍රමාණයකින් කපා හැරීමට නියමිත බව ලිබරල් සන්ධා රජය පුරෝකථනය කරයි.

මොවුන්ගේ සැලසුමට අනුව වසර 2030 වන විට අඩු කාබන් විමෝචන තාක්ෂණයන් සඳහා වැය කරන මුදල ඩොලර් බිලියන 20කි.
නව ඉන්ධන ප්‍රභවයක් සහ අපනයන කර්මාන්තයක් නිර්මාණය කිරීමට හයිඩ්‍රජන් මත ආයෝජනය කිරීම, අඩු වියදම් සූර්ය පැනල සහ අඩු කාබන් විමෝචන වානේ සහ සිමෙන්ති නිර්මාණය කිරීම සඳහා ලිබරල් සන්ධානය ප්‍රමුඛත්වය දෙයි.

කාබන් ග්‍රහණය කිරීම සහ ගබඩා කිරීම හෝ අනුක්‍රමණය කිරීම සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ යටිතල පහසුකම් හරහා භූගත කාබන් ගබඩා කිරීම සඳහා ආයෝජනය කිරීමට ද එය සැලසුම් කරයි.

දැනට පවතින තාක්‍ෂණයන් ප්‍රමාණිකව යොදවා ඇති අතර, 2050 වන විට ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍යයට ළඟා වීමට රජයේ උත්සාහයේ බර ඉසිලීමේ වැඩි කොටසක් එය විසින් සිදු කරනු ඇත.
එහෙත් තවමත් සංවර්ධනය කර නොමැති ඉදිරි දියුණු තාක්‍ෂණික ක්‍රම කාබන් විමෝචනය අවම කිරීම්වල අවසාන 15% සාක්ෂාත් කර ගැනීම සඳහා වෙන් කර තිබේ.

එය ඔබට කළ හැකි ආරක්ෂිතම උපකල්පනවලින් එකක් බව අගමැති මොරිසන් පැවසීය.
Australian Prime Minister Scott Morrison
Australian Prime Minister Scott Morrison Source: AAP

කම්කරු පක්ෂය

කම්කරු පක්ෂය එළඹෙන මහ මැතිවරණය ජයගතහොත් වසර 2030 වන විට හරිතාගාර වායු විමෝචනය 43% කින් කපා හැරීමට කැපවී සිටී.

එය 2019 ෆෙඩරල් මැතිවරණයට ලබා දුන් 45% ඉලක්කයට වඩා තරමක් අඩුය.

මෙම නව ඉලක්කය 2021 දෙසැම්බර් මස නිකුත් කරන ලද කම්කරු පක්ෂයේ "Powering Australia" සැලැස්ම සමග එළිදක්වන ලදී.
2030 ඉලක්කය හරහා වසර 2050 වන විට ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට  මාර්ගය සකසනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

මෙය සාක්ෂාත් කර ගැනීම පිණිස විදුලිබල පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා කම්කරු පක්ෂය ඩොලර් බිලියන 20 ක් ආයෝජනය කරනු ඇත.

එවිට එයට වැඩි පුනර්ජනනීය බලශක්තියක් හැසිරවිය හැකිය.

ඩොලර් 2,000 ත් 12,000 ත් අතර මිලකට තබාගැනීම උදෙසා කම්කරු පක්ෂය විදුලි වාහන සඳහා අදාළ බදු ඉවත් කරනු ඇත.

ඔවුන් ඔස්ට්‍රේලියාව පුරා බැටරි සිය ගණනක් ස්ථාපනය කරනු ඇත.

ඒවා වහලයේ සූර්ය පැනල බලයෙන් ආරෝපණය කෙරෙනු ඇති අතර නිවාස 100,000 දක්වා හවුල් බලශක්ති ගබඩාවක් සපයයි.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

කුලී නිවැසියන් සහ අඩු ආදායම්ලාභී නිවැසියන් වැනි වහල මත සූර්ය පැනල සවිකරගත නොහැකි 25,000 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලැබෙන බව පැවසෙන සූර්ය බලශක්ති බැංකු 85 ක් ද කම්කරු රජයක් යටතේ ස්ථාපනය කරනු ඇත.

වසර 2030 වන විට රාජ්‍ය සේවා අංශය ද ශුන්‍ය කාබන් විමෝචනය කරා ළඟා වීමට අවශ්‍ය වනු ඇත.

ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ බලකාය සහ ආරක්ෂක ආයතන මෙයින් නිදහස් කරනු ඇත.

හරිත ලෝහ (හරිත බලශක්ති තාක්ෂණයන්හි භාවිතා වන ඛනිජ) වැනි පිරිසිදු බලශක්ති තාක්ෂණයන් සඳහා ආයෝජනය කිරීමට කම්කරු පක්ෂය ඩොලර් බිලියන 3 ක් වෙන් කරනු ඇත.

කම්කරු පක්ෂ නායක Anthony Albanese කම්කරු පක්ෂය රජයක් පිහිටුවුවහොත් වසර 2030 දී වඩා ශක්තිමත් කාබන් විමෝචනය අඩු කිරීමේ ඉලක්කයක් පිහිටුවීම බැහැර කර ඇත.
Labor launches its election campaign in Perth
Australian Opposition Leader Anthony Albanese (right) and shadow Foreign Affairs Minister Penny Wong Source: AAP

ග්‍රීන්ස් පක්ෂය

බහුතරයක් නැති පාර්ලිමේන්තුවක බල තුලනය තම පක්ෂය සතුව පවතින්නේ නම්, ග්‍රීන්ස් පක්ෂය අනෙක් ප්‍රධාන පක්ෂ සමග සාකච්ඡා කිරීම සඳහා තමන්ගේ කාර්ය ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර ඇත

ගල් අඟුරු සහ ගෑස් ඉවත් කිරීමට එමගින් ඔවුහු උත්සාහ දරති.

"අපට Scott Morrison ව පන්නා දමා මේ රට මුහුණ දී ඇති විශාල ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියා කර බල තුලනය තුළ හරිතයන් සමඟ පාර්ලිමේන්තුවක් තෝරාපත් කරගත හැකිය." යනුවෙන් ග්‍රීන්ස් පක්ෂ නායක Adam Bandt පැවසීය.

මීතේන් වායුව ඉවත් කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ගෝලීය මීතේන් ප්‍රතිඥාවට අත්සන් කරන ලෙස මීළඟ රජයෙන් ඉල්ලා සිටින බව ග්‍රීන්ස් පක්ෂ නායකයා අඟහරුවාදා (17/05) නිවේදනය කළේය.

මීතේන් වායුව කාබන් ඩයොක්සයිඩ් වලින් පසු මිනිසා විසින් ඇති කරන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ දෙවන විශාලතම ප්‍රභවය වේ.



Share
Published 17 May 2022 5:33pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends