මෙවර මැතිවරණයෙන් පසුව සිදු කරන බවට, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ දෙන පොරොන්දු...

ලිබරල් සන්ධානය, ලේබර් පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය ඉදිරියේදී ඕස්ට්‍රේලියාව තුල සිදු කිරීමට නියමිත බවට සඳහන් කරන වෙනස්කම් මේ ලිපියේ ඇතුලත් වේ.

Policies proposed by the leading parties in Australia

Source: AAP, SBS

ලිබරල් සන්ධානයේ ප්‍රතිපත්ති

වීසා සම්බන්ධයෙන්

ඇෆ්ගනිස්ථානයෙන් පැමිණෙන සරණාගතයින් සඳහා ඉදිරි වසර හතර තුළ අමතර මානුෂීය වීසා 16,500 ක් ලබාදීම.

ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණෙන බෝට්ටු නැවත හරවා යැවීම.

ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් පැමිණෙන පිරිසගේ නඩු අවසන් වනතුරු ඕස්ට්‍රේලියාවෙන් පිටත සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා තැබීම.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන්

තම මූල්‍ය වත්කම් වලින් කොපමණ ආදායමක් උපයන්නේදැයි සොයා බැලීමට රජය භාවිතා කරන නීති මාලාවක් වන Deeming අනුපාත වසර දෙකකට නවතා දැමීම.

Seniors Health Card එක සඳහා වන සුදුසුකම් තවදුරටත් පුළුල් කිරීම සහ එමගින් වැඩිඕස්ට්‍රේලියානුවන් පිරිසකට මේ සඳහා ප්‍රවේශ වීමට ඉඩ සැලැස්වීම.

රැකියා සම්බන්ධයෙන්

ඉදිරි වසර පහ තුළ තවත් රැකියා මිලියන 1.3 ක් නිර්මාණය කිරීම.

ReBoot වැඩසටහන හරහා තරුණ ඕස්ට්‍රේලියානුවන්ට ජීවන සහ රැකියා කුසලතා ගොඩනැගීමට උපකාර කිරීම.

කාන්තාවන්ගේ ආර්ථික ආරක්ෂාව වැඩිදියුණු කිරීමට සහ ශ්‍රම බලකායේ වාර්තාගත කාන්තා සහභාගිත්වය ගොඩනැගීමට ඩොලර් මිලියන 482ක් ආයෝජනය කිරීම.

නිවාස වෙළෙඳපොළ සම්බන්ධයෙන්

නිවසේ වටිනාකමින් 5%ක තැන්පතුවක් පමණක් ලබාදීමෙන් පළමු නිවාසය ලබාගැනීමට first home buyer loan deposit යෝජනා ක්‍රමය යටතේ ගැනුම්කරුවන් හට සහය ලබා දීම.

පළමු නිවාස ගැනුම්කරුවන් හෝ පසුගිය වසර පහ තුළ දේපල හිමි නොවූ පුද්ගලයින් සඳහා නව ප්‍රාදේශීය නිවාස යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම.

ප්‍රාන්තය හෝ ටෙරිටරිය අනුව සහ නිවස නගරයේ හෝ ප්‍රාදේශීය ප්‍රදේශයක පිහිටයිද යන්න මත පදනම්ව දේපල සඳහා මිල සීමාවන් $50,000 සහ $250,000 අතර වැඩි කිරීම.
Policies proposed by the leading parties in Australia
Prime Minister Scott Morrison at a press conference Source: AAP
කුඩා ව්‍යාපාර සම්බන්ධයෙන්

කුඩා ව්‍යාපාර සඳහා වන බදු අඩු කිරීම.

කුඩා ව්‍යාපාරවලට කාර්ය මණ්ඩලය ඉහළ නැංවීමට සහ කුසලතා සංවර්ධන දිරිගැන්වීමට සහාය ලබාදීම.

කුඩා ව්‍යාපාරවලට නවෝත්පාදන කටයුතු සඳහා සහ වෙළඳපොළට නව නිෂ්පාදන හෝ සේවාහඳුන්වා දීමේ අවස්ථා ඇති කිරීම සඳහා සහාය වීම.

කුඩා ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර අවස්ථා විවෘත කිරීම.

අධ්‍යාපනය සම්බන්ධයෙන්

සිසුන්ට රැකියා අවශ්‍ය ක්ෂේත්‍ර සඳහා ඔවුන්ව සූදානම් කරන විෂයයන් හැදෑරීමට දිරි ගැන්වීමේ අරමුණින් ඉගෙනුම් කටයුතු සඳහා මුල්‍යාධාර ලබාදීම.

ප්‍රාදේශීය සහ දුරස්ථ සිසුන් සඳහා වැඩි සහයෝගයක් ලබා දීම.

ඉදිරි වසර 5 තුල TAFE අයතන වල සහ පෞද්ගලික ආයතන වල පුහුණු ස්ථාන 800,000 ඇති කිරීම.

ඇතැම් ඉහළ ඉල්ලුමක් ඇති කර්මාන්තවල ආධුනිකයන් සඳහා මුදල් ගෙවීම් හඳුන්වා දීම.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

Childcare සම්බන්ධයෙන්

වයස අවුරුදු හයට අඩු දරුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සිටින පවුල් දැනට පවතින සහනාධාරයට අමතරව 30%ක් ලබා ගැනීමට සුදුසුකම් ලැබීම. මුදල 95%කට සීමා කිරීම.

එක් දරුවෙකු පමණක් childcare සේවා ලබන පවුල් සඳහා, සහනාධාරය උපරිම සීමාව 85%ට යටත්ව එලෙසම පැවැත්වීම

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන්

2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කයට ලඟා වීම.

වායු ගෝලයේ තිබෙන කාබන් ග්‍රහනය කිරීම සහ ගබඩා කිරීම මෙන්ම අඩු කාබන් විමෝචන වානේනිෂ්පාදනය වැනි "low emissions technologies"නොහොත් අඩු කාබන් විමෝචන තාක්ෂණ භාවිත කිරීම.

ඉන්ධන භාවිතය අඩු කිරීම සඳහා හයිඩ්‍රජන් සහ දැනට නොපවතින තාක්ෂණ හරහා කටයුතු කිරීම.

ලේබර් පක්ෂයේ ප්‍රතිපත්ති

වීසා සම්බන්ධයෙන්

ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් පැමිණෙන බෝට්ටු නැවත හරවා යැවීම.

ඕස්ට්‍රේලියාවෙන් පිටත සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන සැකසීම.

සරණාගතයින් සඳහා Temporary Protection Visas අහෝසි කොට Permanent Protection Visas හඳුන්වා දීම.

ඇෆ්ගනිස්ථාන, යුක්රේන සහ සිරියා සරණාගතයින්ගේ වීසා සඳහා ඉදිරියේදී වැඩි අවස්ථාවක් ලබාදීම.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන්

තම මූල්‍ය වත්කම් වලින් කොපමණ ආදායමක් උපයන්නේදැයි සොයා බැලීමට රජය භාවිතා කරන නීති මාලාවක් වන Deeming අනුපාත වසර දෙකකට නවතා දැමීම.

Seniors Health Card එක සඳහා වන සුදුසුකම් තවදුරටත් පුළුල් කිරීම සහ එමගින් වැඩිඕස්ට්‍රේලියානුවන් පිරිසකට මේ සඳහා ප්‍රවේශ වීමට ඉඩ සැලැස්වීම.

රැකියා සම්බන්ධයෙන්

"Fee Free TAFE" නොහොත් ගාස්තු රහිත TAFE සහ වෙනත් විශ්ව විද්‍යාල පාඨමාලා සිසුන්ට ලබාදීමඔස්සේ වඩා හොඳ වැටුප් සහ කොන්දේසි සහිත රැකියා සුරක්ෂිත කිරීම.

රැකියා වල නියුතු කොන්ත්‍රාත් සේවකයින් සඳහාත් එක හා සමාන වැටුපක් ලැබීමේ නෛතික ආරක්ෂාව ලබාදීම.

ඕස්ට්‍රේලියාවේ "gig" වශයෙන් හැඳින්වෙන වෙනත් විවිධ රැකියා සිදු කරන සේවකයින්ගේ රැකියාසඳහා වැඩි සුරක්ෂිත තත්වයක් ලබාදීම.

ඕස්ට්‍රේලියාවේ සේවකයින්ගෙන් සෑම වසරකදීම ඩොලර් බිලියනයකට වඩා සිදුවන Wage theft නොහොත් “වැටුප් සොරකම්” අපරාධයක් වශයෙන් සඳහන් කිරීම.

නිවාස වෙළෙඳපොළ සම්බන්ධයෙන්

"Help to buy" යෝජනා ක්‍රමය යටතේ පළමු නිවාසය ලබාගැනීම සඳහා වසරකට ඕස්ට්‍රේලියානුවන් 10,000 කට සහාය ලබා දීම.

මේ ඔස්සේ පළමු නිවස මිලදී ගැනීමේදී එම මුදලින් 30%ක් හෝ 40%ක් රජය ලබාදීම සහ පසුකාලීනව වාරික වශයෙන් එම මුදල නැවත රජයට ගෙවීමට අවස්ථාව ලබාදීම.

නිවාස 30,000ක් නිර්මාණය කිරීමේ අරමුණින් ඩොලර් බිලියන 10ක අරමුදලක් නිර්මාණය කිරීම.

මේ ඔස්සේ ගෘහස්ත හිංසනයෙන් පලා යන මෙන්ම ඉදිරි පෙළ සේවකයින් සහ කාන්තාවන් සඳහා නිවාස ලබාගැනීම පහසු කරවීම.
Policies proposed by the leading parties in Australia
Australian Opposition Leader Anthony Albanese speaks to the media Source: AAP
කුඩා ව්‍යාපාර සම්බන්ධයෙන්

කුඩා ව්‍යාපාර සඳහා වෙනත් පාර්ශව මගින් සිදුවිය යුතු ගෙවීම් සඳහා, පවතින දින 37 යාන්ත්‍රනයවෙනුවට දින 30ක් ඇතුළත ගෙවීම් සහතික කිරීමේ යාන්ත්‍රණයක් වෙට්ය්හ ප්‍රවේශ වීම.

බදු ගෙවීමට, ලේඛන කටයුතු සඳහා වැය කරන කාලය අඩු කිරීමට කුඩා ව්‍යාපාර සමඟ අව්‍යාජ සහයෝගීතාවයක් ඇති කර ගැනීම.

කුඩා ව්‍යාපාර සඳහා වන ගනුදෙනු පිරිවැය අඩු කිරීම.

ව්‍යාපාර සහ ඕස්ට්‍රේලියානු රැකියා සඳහා වැඩි අවස්ථා ලබා දීම.


 මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

අධ්‍යාපනය සම්බන්ධයෙන්

ඔස්ට්‍රේලියාව තුල පවතින කුසලතා හිඟය පියවීමට නව විශ්වවිද්‍යාල ස්ථාන 20,000ක් ඇති කිරීම.

ප්‍රාදේශීය සහ දුරස්ත ප්‍රදේශවල සිසුන් සඳහා වැඩි බඳවා ගැනීම් ඇති කරවීම.

ඩොලර් 465,000ක් වය කරමින් TAFE ස්ථාන ඇති කිරීම.

තොරතුරු තාක්ෂණ පද්ධති, වැඩමුළු වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 50ක් වෙන් කිරීම.

පුනර්ජනනීය හෝ වෙනත් පිරිසිදු බලශක්ති රැකියා පිළිබඳ පුහුණුව ලබන පුද්ගලයින් සඳහා නව ආධුනිකත්ව මුදලක් වශයෙන් ඩොලර්10,000 ක් පිරිනැමීම.

Childcare සම්බන්ධයෙන්

Childcare සේවාව ලබන පළමු දරුවා සඳහා 90% දක්වා සහනාධාර අනුපාතය ඉහළ නැංවීම.

Childcare සේවා ලබන සියලුම ඕස්ට්‍රේලියානු පවුල් සඳහා 90% ක සහනාධාරයක් ලබා දීම.

ගෘහස්ථ ආදායමෙන් ඩොලර් 530,000 ට අඩුව උපයන, එක් දරුවෙකු සිටින සෑම පවුලකටමchildcare සහනාධාර අනුපාතය වැඩි කිරීම.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන්

2050 වසර වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කයට ලඟා වීම සහ, 2030 වසර වනවිට එමගින් 43% ක් දක්වා ගමන් කිරීම.

පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් ලෝහ නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීම.

විදුලි මෝටර් රථ මිල අඩු කිරීම.

ඩොලර් 50,000 ක විදුලි මෝටර් රථයකින් ඩොලර් 2,000 ක් පමණ ඉතිරි කර දෙන බදු සහන හඳුන්වා දීම.

පුනර්ජනනීය බලශක්තිය හැසිරවීමට ඉඩ සැලසෙන පරිදි විදුලිබල පද්ධතිය වැඩිදියුණු කිරීම.

ග්‍රීන්ස් පක්ෂයේ ප්‍රතිපත්ති

වීසා සම්බන්ධයෙන්

විදේශ ප්‍රතිපත්ති සඳහා මානව හිමිකම් කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කිරීම.

ඕස්ට්‍රේලියාවෙන් පිටත පවතින සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන ඉවත් කොට සරණාගතයින් ආරක්ෂිතව ඕස්ට්‍රේලියාව තුලට ගැනීම.

ඕස්ට්‍රේලියාවේ මානුෂීය වීසා සංක්‍යාව වසරකට 50,000 දක්වා වැඩි කිරීම.

ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණෙන සරණාගතයින් සඳහා අතිරේක මානුෂීය ස්ථාන 4000 ක් ලබා දීම.

සරණාගතයින් සඳහා Temporary Protection Visas අහෝසි කොට Permanent Protection Visas හඳුන්වා දීම.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන්

වයස්ගත විශ්‍රාම වැටුප ලැබෙන කාලය වයස 67 සිට 65 දක්වා අඩු කොට සතිපතා ගෙවීම් ඩොලර් 122 දක්වා වැඩි කිරීම.

සෞඛ්‍යය සම්බන්ධයෙන්

Medicare හරහා සියලු දෙනාටම නොමිලේ දන්ත ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව ලබා දීම.

ගාස්තු රහිතව, විශ්වවිද්‍යාල ඔස්සේ මීළඟ පරම්පරාව ඉලක්ක කරමින් දන්ත වෛද්‍යවරුන් පුහුණු කිරීම.

Medicare යටතේ මානසික සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන්ම ආවරණය වන බව සහතික කිරීම සඳහා ඩොලර් බිලියන 4.8ක් ආයෝජනය කිරීම.

දුර්වල මානසික සෞඛ්‍ය හේතුවෙන් පීඩාවට පත් තරුණයින්ට ස්ථාවර රැකියාවක් සොයා ගැනීමටඋපකාර කිරීම සඳහා ඩොලර් බිලියන 2.5ක් ආයෝජනය කිරීම.

රැකියා සම්බන්ධයෙන්

රැකියා සුරක්ෂිත බව සහතික කිරීම.

සියලුම සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ casual සහ කොන්ත්‍රාත් සේවකයින් හට හිමිකම් සඳහා ප්‍රවේශය ලබාදීම.

විශ්‍රාම වැටුප දිනකට ඩොලර් 88 දක්වා ඉහල දැමීම.

විශ්‍රාම වැටුප ලැබෙන කාලය වයස 65 දක්වා අඩු කොට විශ්‍රාම වැටුප් අනුපාතය වැඩි කිරීම

නිවාස වෙළෙඳපොළ සම්බන්ධයෙන්

ඕස්ට්‍රේලියානුවන්ට දැරිය හැකි සහ උසස් තත්ත්වයේ නිවාස මිලියනයක් ඉදිකිරීම.

Shared equity ownership යෝජනා ක්‍රමය යටතේ ඕස්ට්‍රේලියානුවන්ට ඩොලර් 300,000 කට ඔවුන්ගේ පළමු නිවස අයිති කර ගැනීම පහසුකම් ලබාදීම.
Policies proposed by the leading parties in Australia
Australian Greens leader Adam Bandt speaks to the media Source: AAP
 

කුඩා ව්‍යාපාර සම්බන්ධයෙන්

පාරිභෝගික සහ තරඟකාරී රෙගුලාසි සංශෝධනය කිරීම.

පාරිභෝගිකයින්ට මුදල් ආපසු ගෙවීමේ අයිතිය ලැබෙන ලෙස පාරිභෝගික නීතිය සංශෝධනය කිරීම.

අධ්‍යාපනය සම්බන්ධයෙන්

සෑම සිසුවෙකුටම ඉගෙනීමට අවශ්‍ය සම්පත් සමඟින් සියලුම සිසුන් සඳහා රජයේ පාසල්වලට පූර්ණ අරමුදල් සැපයීමට ඩොලර් බිලියන 49ක් වෙන් කිරීම.

පාසල් වල ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සඳහා වන අරමුදල් වසරකට ඩොලර් මිලියන 400 දක්වා වැඩි කිරීම.

ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සහ TAFE ආයතන සඳහා සිසුන්ට ප්‍රවේශ විය හැකි බවට සහතික කිරීම.

Childcare සම්බන්ධයෙන්

Early childhood education සහ Childcare සැමට නොමිලේ ලබාදීමට සහ ඒ සඳහා ප්‍රවේශ විය හැකිබව සහතික කිරීම සඳහා ඉදිරි වසර හතර තුළ ඩොලර් බිලියන 19ක් ආයෝජනය කිරීම.

Early childhood education ලබා දෙන පිරිසට හොඳ වැටුප් සහිත, සුරක්ෂිත රැකියා ඇති බවට සහතිකවීම

සෑම දරුවෙකුටම උසස් තත්ත්වයේ Early childhood education සඳහා ප්‍රවේශය ඇති බව සහතිකකිරීම.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන්

2030 වසර වන විට තාප ගල් අඟුරු කැණීම, දහනය සහ අපනයනය ක්‍රමානුකූලව නැවත්වීම සහ පුනර්ජනනීය බලශක්තිය වෙත හැකි ඉක්මනින් ප්‍රවේශ වීම.

ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය නැවත ගොඩනැගීමට අඩු වියදම් නව හරිත අපනයන කර්මාන්ත සඳහා සහය වීම සහ හරිත බලශක්තිය භාවිතා කිරීම මගින් රට තුල රැකියා ඇති කිරීම.

විදුලි සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලය වැඩිදියුණු කිරීම සහ ඒ සඳහා සුළං මෙන්ම සූර්ය බලශක්තිය වැඩි වශයෙන් භාවිතා කිරීම.

පළමු විදුලි මෝටර් රථ මිලදී ගන්නා ඕස්ට්‍රේලියානුවන් හට ඩොලර් 15,000ක් දක්වා අඩු කිරීම සහඒ සඳහා ඔවුනට ලාභදායී මූල්‍ය පහසුකම් සැපයීම.

ඕස්ට්‍රේලියානු විදුලි මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය ගොඩනඟමින් ඕස්ට්‍රේලියාවේ විදුලි මෝටර් රථ උපාංග නිෂ්පාදකයින්ට ඩොලර් බිලියන1.2ක් වෙන් කිරීම.

ගස් සිටුවීම සහ හානියට පත් වනාන්තර සහ වාසස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම තුළින් දේශීය වන වගා රැකියා ඇති කිරීම.


Share
Published 12 May 2022 12:27pm
Updated 16 May 2022 8:16am
By Nipuna Dodangoda

Share this with family and friends