ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර වලට සැකපිට 13 දෙනෙකු අත්අඩංගුවට.

Sri Lanka bomb blast situation

Source: Daily News

ශ්‍රී ලංකාවේ ඊයේ (21/04) සිදුවූ බෝම්බ පිපිරීම්වලට අදාළව පුද්ගලයින් 13දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

එම සැකකරුවන් 13දෙනාගෙන් 10 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

ශ්‍රී ලංකාවේ ඊයේ ස්ථාන 8 කදී සිදුවූ බෝම්බ පිපිරීම් සිද්ධි හේතුවෙන් මේ වන විට 228 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

කොළඹ කොච්චි කඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ ශැන්ගිලා හෝටලය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, කොළඹ කින්ග්ස්බරි හෝටලය, දෙහිවල සහ දෙමටගොඩ යන ස්ථාන අටෙහි මෙම පිපිරීම් සිදුවිය.

එම පිපිරීම් වලින් විදේශිකයන් 32ක් මියගොස් ඇති බවද වාර්තා වේ.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share
Published 22 April 2019 8:44am
By Madhura Seneviratne

Share this with family and friends