ඔස්ට්‍රේලියාවේ ජනගහන තදබදයට මූලිකම හේතුව ස්ථිර සංක්‍රමණිකයින් නොව ජාත්‍යන්තර සිසුන් ලු. (SBS සිංහල/වාර්තා)

Migration

Source: AAP

ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාර ගන්නා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය 30,000 කින් පමණ කප්පාදු කිරීමට තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පසුගිය නොවැම්බර් 19 වන දින පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන තදබදය පාලනය කිරීම මෙහි මූලික අරමුණ බවද ඔහු එහිදී පැවසීය.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

නමුත් ස්ථිර පදිංචිය සඳහාවූ සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය කප්පාදු කිරීමෙන් ප්‍රධාන නගර වල ජනගහන තදබදයට ඉතා අවම බලපෑමක් පමණක් වන බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi, SBS පුවත් වෙත පැවසීය.
Migration
Former immigration deputy secretary Abul Rizvi Source: SBS

වාර්ෂික සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීම

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන තදබදය දිනෙන් දින ඉහළ යන බවත් එය පාලනය කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාර ගන්නා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය 30,000 කින් පමණ කප්පාදු කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් පසුගියදා පැවසුවේය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ඉහළ යන ජනගහනයට සමගාමීව මාර්ග ඉදි නොවන බවත් එනිසාම ඒවායේ වාහන තදබදය ක්‍රමිකව වර්ධනය වී ඇති බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

තවද, පොදු ප්‍රවාහන සේවාවන් වල මගී තදබදයද ජනගහන වර්ධනය හේතුවෙන් දිනෙන් දින ඉහළ යන බව ඔහු පැහැදිලි කළේය.
Migrants
Source: Flickr

ගැටළුව ස්ථිර සංක්‍රමණිකයින් නොව ජාත්‍යන්තර සිසුන්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර කලාපයේ නගර වල අධික ජනගහන වර්ධන ගැටළුවට ප්‍රධානතම හේතුව ස්ථිර සංක්‍රමණිකයින් නොව ජාත්‍යන්තර සිසුන් බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi, SBS පුවත් වෙත පැවසීය.

ඔස්ට්‍රේලියාවට බාරගනු ලබන ස්ථිර සංක්‍රමණිකයින් ගේ ප්‍රමාණය පසුගිය වසර ගණනාවක පටන් ස්ථිර මට්ටමක පැවතුන බවත් එයින් ජනගහන වර්ධනයට ප්‍රධාන බලපෑමක් සිදු නොවූ බවත් ඔහු පෙන්වා දෙයි.

නමුත් පසුගිය වසර කිහිපය තුළ පටන් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය ශීග්‍රව ඉහළ  ගොස් ඇති බවත් ඔවුන්ගෙන් බහුතරයක් සිඩ්නි, මෙල්බරන් සහ බ්‍රිස්බන් නගර වල ස්ථාපිත වී ඇති බවත් Abul Rizvi පැහැදිලි කළේය.
Migration, students
Source: AAP

තාවකාලික වීසා ලාභීන්ගේ පැමිණීම ඉහළට

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන තාවකාලික වීසා ලාභීන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති අතර එයින් වැඩි ප්‍රතිශතයක් උසුලන්නේ ජාත්‍යන්තර සිසුන්ය.

ඊට අමතරව තාවකාලික වීසා පදනම මත රැකියා කරන්නන්, backpackers සහ සංචාරකයින් ද වෙති.

2011-12 වාස්රෙදී 32,000 ක් පමණ ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ.

නමුත් 2016-17 දත්ත වලට අනුව එම ප්‍රමාණය 100,000 ඉක්මවා ඇති බව සඳහන්.
මේ අනුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් ගේ ප්‍රමාණය විදුලි වේගයෙන් වැඩි වන අයුරු පෙනෙන්නට තිබේ.

එමෙන්ම එම සිසුන් ඔස්ට්‍රේලියාවේ සිටින “long-term temporary residents” හෙවත් දිගු කාලයක් රැදී සිටින තාවකාලික වීසා හිමියන්ගේ ගණයට අයත් වන බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi, SBS පුවත් වෙත පැවසීය.

එම ප්‍රමාණය සාමන්‍යයෙන් මිලියනයක් පමණ වන බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මෙරට ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් කටයුතු කරන බවත් ඔහු පැවසීය.
Migration
Source: AAP

ජාත්‍යන්තර සිසුන් ප්‍රධාන නගර වලින් බැහැරට

සිඩ්නි සහ මෙල්බර්න් නගර ප්‍රමුඛ ඔස්ට්‍රේලියාවේ ජනගහනය අධික ප්‍රධාන නගර වල මෙම ජනගහන පීඩනය අවම කිරීමට එම නගර වෙත පැමිණෙන ජාත්‍යන්තර සිසුන් ඇතුළු සංක්‍රමණිකයින්ව Adelaide, Darwin, Hobar සහ ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාදේශීය ප්‍රදේශ වලට යොමු කරවීමට මධ්‍යම රජයේ සූදානමක් පවතී..

මේ හේතුවෙන් සමස්ත ඔස්ට්‍රේලියාව තුළම සමාන ආකාරයෙන් ජනගනය විහිදී යාමක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

මේ අතර වත්මන් ලිබරල් සන්ධාන රජය අති විශාල ප්‍රමාණයක් තාවකාලික වීසා නිකුත් කිරීම මෙම අර්බුදයට මූලිකම හේතුව වී ඇති බව කම්කරු පක්ෂයේ මන්ත්‍රිනී Tanya Plibersek පැවසුවාය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share
Published 22 November 2018 11:19am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends