ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි ක්වීන්ස්ලන්ත නිපුණතා සංක්‍රමණික වැඩසටහන වසා දමයි. (SBS සිංහල/වාර්තා)

Skilled Migration

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඉඩ සලසන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන පසුගිය මැයි 10 වන දින සිට නතර කර දැමූ බව එහි නිල වෙබ් අඩවිය වාර්තා කරයි.



SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


ඒ අනුව ක්වීන්ස්ලන්ත නිපුණතා රැකියා ලැයිස්තුවේ සඳහන් වෘත්තීන් සඳහා 2019 මැයි 10 වන දින මධ්‍යහන 12 න පසුව යොමු කළ කිසිදු Expressions of interest (EOI) එකක් සලකා නොබලන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පවසයි.
Skilled Migration
Source: SBS

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත නිපුණතා සංක්‍රමණික වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදංචිය සඳහා අයදුම් කළ හැකි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අමතරව විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි ඔස්සේද නිපුණතා සංක්‍රමණික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව ඒ ඒ ප්‍රාන්තයට හෝ ටෙරිටරියට අදාළ නිපුණතා රැකියා ලැයිස්තු වෙන වෙනම ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් කටයුතු කරයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය නිර්දේශ කරන ව්‍යාපාර හා නිපුණතා සංක්‍රමණික වැඩසටහන,  ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත නිපුණතා සංක්‍රමණික වැඩසටහන ලෙස හැඳින්වේ.
ඒ අනුව අදාළ කෝටාවේ පුරප්පාඩු පිරෙන තුරු 2019 මැයි 10 වන දින  මධ්‍යහන 12 තෙක් ලැබුණු Expressions of interest (EOI ) සලකා බලන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පවසයි.

එමෙන්ම තමන්ගේ EOI එකෙහි ප්‍රගතිය පිළිබඳව තමන්ගෙන් නොවිමසා සිටින ලෙසටද ඔවුන් අයදුම්කරුවන්ට දන්වා සිටියි.

විවිධ අයදුම්කරුවන් තම EOI ප්‍රගතිය පිළිබඳ දිගින් දිගටම විමසා සිටින විට අයදුම්පත් සලකා බැලීම සැලකිය යුතු ලෙස ප්‍රමාද වන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පවසයි.
Skilled Migration
Source: AAP

ක්වීන්ස්ලන්තයේ 2019/20 නව නිපුණතා රැකියා ලැයිස්තුව

2018/19 ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත නිපුණතා සංක්‍රමණික වැඩසටහන එළෙඹෙන ජූලි මාසය වන තෙක් නතර කර තිබේ.

ඒ අනුව 2019/20 ඔස්ට්‍රේලියාවේ නව මුල්‍ය වර්ෂයත් සමග නව කෝටාවක් සමග 2019 ජූලි මස සිට 2019/20 ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නව නිපුණතා රැකියා ලැයිස්තුව විවෘත කිරීමට නියමිතය.

ඒ අනුව නව ක්වීන්ස්ලන්ත නිපුණතා රැකියා ලැයිස්තුව සඳහා අයදුම් කිරීමට නම් එය ප්‍රකාශයට පත් කළ දිනට පසුව අයදුම්කරුවන් අලුතින් Expressions of interest (EOI) එකක් යොමු කළ යුතුය.

පැරණි EOI, නව නිපුණතා රැකියා ලැයිස්තුව සඳහා සලකා නොබැලෙන නිසාවෙන් මෙසේ නව EOI එකක් යොමු කළ යුතු බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පවසයි.
Skilled Migration
Source: Getty Images

Expressions of interest හෙවත් EOI

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව ඔස්ට්‍රේලියාවට ස්ථිර ලෙස සංක්‍රමණය වීමට හෝ ඔස්ට්‍රේලියාව තුළ සිට ස්ථිර පදිංචිය ලබා ගැනීමට නිපුණතා වීසා (skilled visa) හරහා අයදුම් කිරීමේදී ඒ සඳහා ඔබේ ඇති සැලකිල්ල සහ අභිරුචිය පෙන්වීමට ඇති ක්‍රමය මෙලෙස Expressions of interest හෙවත් EOI ලෙස දැක්වේ.

මෙය අන්තර්ජාලය හරහා පිරවිය යුතු පෝරමයක් වන අතර එහි ඇති ප්‍රශ්න ගණනාවකට ඔබට පිළිතුරු සැපයීමට සිදුවේ.

එම ප්‍රශ්න ඔබේ නිපුණතා පිළිබඳ විමසන අතර ඒවා ඔබ අයදුම් කරනු ලබන වීසා වර්ගය මත වෙනස් වෙයි.

එමගින් ඔබේ නිපුණතාවන් හා සුදුසුකම් විමසා බලා ඔබේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව නිර්ණය කර ඔබට අදාළ වීසා වර්ගයට අයදුම් කිරීමට සුදුසු දැයි පරීක්ෂා කෙරෙයි.

පහත සඳහන් වීසා සඳහා අයදුම් කිරීමේදී ඔබට expression of interest එකක් හෙවත් EOI එකක් යොමු කළ යුතු වේ.

  • Business Talent visa (subclass 132)
  • Business Innovation and Investment (Provisional) visa (subclass 188)
  • Skilled Independent visa (subclass 189)
  • Skilled - Nominated visa (subclass 190)
  • Skilled Regional (Provisional) visa (subclass 489)
Skilled Migration
Source: SBS Sinhala

Share
Published 21 May 2019 9:02am
By Madhura Seneviratne

Share this with family and friends