කම්කරු පක්ෂයේ Tanya Pilbersek පක්ෂ නායකත්වයට තරග නොකරන බවට පවසයි ....(SBS සිංහල / වාර්තා)

aa

Source: AAP

කම්කරු පක්ෂයේ නියෝජ්‍ය නායිකා Tanya Pilbersek පක්ෂ නායකත්වයට තරග නොවදින බවට ප්‍රකාශ කොට තිබේ. මේ සදහා හේතුව ලෙස ඇය දක්වා ඇත්තේ පව්ද්ගලික හේතු බවයි. ඇයට හිටපු නායක Bill Shorten ගේ සහ හිටපු අග්‍රාමාත්‍ය Julia Gillard ගේ සහය ලැබුනද ඇය තරග නොවැදීමට තීරණය කොට තිබේ.

ඇය ප්‍රකාශ කොට ඇත්තේ මේ ඇගේ අවස්තාව නොවන බවත් පවුලට ඉටුකළ යුතු යුතුකම් ඇති නිසා නායකත්වයට තරග නොවදින බවයි.

මෙවර ඕස්ට්‍රේලියානු මහා මැතිවරණයේ කම්කරු පක්ෂ පරාජයෙන් පසුව නායක Bill Shorten ඉල්ලා අස් වූ අතර මේ වන විට කම්කරු පක්ෂයේ Anthony Albanese පමණක් නායකත්වය සදහා තරග කරන බවට ස්ථිරව පවසා ඇති අතර Chris Bowen ද ඒ සදහා ඉදිරිපත් වන බවට වාර්තා වේ. එසේම කම්කරු පක්ෂයේ Joel Fitzgibbon ද තරග නොකරන බවට පවසා නැති අතර ඔහු ABC මාධ්‍ය ජාලය වෙත පවසා ඇත්තේ පක්ෂය අතිශය වාමාංශික වීම නිසා වැඩකරන ජනතාව වෙනුවෙන් ඔහුටද නායකත්වය සදහා ඉදරිපත් වීමට සිදු විය හැකි බවයි. ඔහුගේ අදහස Adani පතල් ගනුදෙනුව පිලිබදව මීට වඩා කම්කරු පක්ෂය පැහැදිලි පිළිවෙතක් අනුගමනය කල යුතු වූ බව.

දැනට නව පත්වීමක් සිදු වන තුරු Bill Shorten නායකත්වයේ රැදී සිටිමින් අද දින විශේෂ රැස්වීමක් කැදවා ඇති අතර එහිදී නව නායකත්වය පිළිබද සාකච්චා වී ඇති බවට පැවසේ

Anthony Albanese

Anthony Albanese මහතා පවසා ඇත්තේ කම්කරු පක්ෂය නැවත ගොඩ නැගීමට ඔහුට හැකි බවයි . වසර 2013 දී ද Anthony Albanese මහතා Bill Shorten සමග පක්ෂ නායකත්වය සදහා තරග වැද පරාජය විය. එහිදී ඔහුට caucus මණ්ඩලයේ සහය හිමි නොවිණි.

ඔහු සිඩ්නි නුවර තනිව ජීවත් වූ මවකගේ දරුවකු වන අතර ඔහු රජයේ නිවාස වල හැදී වැදුණු අයෙකි . ඔහු පවසා ඇත්තේ ඔහු ඇත්ත ඇති සැටියෙන් දකිනා පුද්ගලයෙකු බවයි.

නමුත් පසුගිය ඉරිදා Tanya Pilbersek මහත්මිය ප්‍රකාශ කලේ ඇය නායකත්වය සදහා තරග වදින බවයි

කම්කරු පක්ෂයේ නායත්වය තෝරා ගන්න ආකාරය

  • පක්ෂයේ caucus මණ්ඩලයේදී නාම යෝජනා සතියක් විවුර්තව තබයි
  • caucus මණ්ඩලයේ 20%කගේ සහය ජයග්‍රහණය සදහා අවශ්‍ය වේ 
  • එක නාම යෝජනාවක් පමණක් ඇතනම් චන්දයක් පවත්වන්නේ නැහැ
  • නාම යෝජනා 2ක් ඇත්නම් පාර්ලෙම්න්තු පක්ෂ සාමාජිකයන් හා අනෙකුත් මුලික සාමාජිකයන්ගේ චන්දය විමසයි
  • චන්දය පක්ෂයේ මුල්ය් සාමාජිකයන් සියලු දෙනාට විවුර්ත වේ
  • චන්දයේදී caucus චන්දය හා grassroot හෙවත් මුලික සාමාජික චන්දය 50%ක් වත් ඇත්දැයි සලකා බැලේ
  • එම චන්දය දින 20ක් කරා ඇදී යා හැකියි 
  • එහිදී තරගකරුවන්ට විවාද පැවැත්විය හැකියි
  • පක්ෂයේ දක්ෂිණ හා වාමාංශික අන්ත වලින් තරගකරුවන් ඉදිරිපත් වනු ඇති බවට අපේක්ෂා කෙරේ 
  • වසර 2013 දී ඒ සදහා සාමාජිකයන් 30400ක් පමණ චන්දය ප්‍රකාශ කොට තිබේ
  • තැපැල් චන්ද අවසන් වූ පසු Caucus මත විමසීම සිදු වේ
  • සංක්‍රාන්ති නායකයෙකුද පත් කෙරේ 
  • card
    Source: SBS

Share
Published 20 May 2019 8:25pm
By Charitha Adikari

Share this with family and friends